නොමිලේ ලබාදෙන overall kit කඩිනමින් ශීෂ්‍යයින් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම්…
Posted on June 22nd, 2021

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

සෞභාගයේ දැක්ම කරා රට ගෙනයමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය  අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සීතා අරඹේපොල මහත්මියගේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයට අනුබද්ධ වෘත්තීය අධ්‍යාපනය සපයන ආයතන වල කාර්මික අංශයේ අධ්‍යාපනයේ නිරත වන සෑම සිසු දරුවෙකුටම වැඩබිමේදී සුරක්ෂිතව තම ප්‍රායෝගික ක්‍රියාකාරම් වල නිරත වීම සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් (overall kit) නොමිලේ ලබා දීමට කටයුතු සිදු කෙරිණි.

මේ සදහා තිස් දහසක් පමණ අවශ්‍යව ඇති අතර ඒවා වඩාත් ප්‍රමිතියකින් හා උසස් තත්වයකින් මසා නිම කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. මෙහි ප්‍රථම අදියර ලෙස ඉන් කොටසක් පසුගියදා  අමාත්‍යංශයට බාර දීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරන ලදී.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress