මේ රමනීය දිවයින යලිත් සැබෑ සිංහල බෞද්ධ රාජ්‍යක් කිරීමට ලක් රජය විසින් ගතයුතු එක් ආරම්භක මනොවිද්යාත්මක මූලික පියවරක් හා ලංකික ජාතිය අපරාධ වලින් තොර දැහැමි සමාජයක් කිරීම සදහා විප්ලවීය සමාජ විද්යාත්මක යෝජනාවක්.
Posted on August 1st, 2021

අචාර්ය සුදත් ගුණසේකර. – මහනුවර.

ක්‍රිස්තු පූර්ව 307 මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1815 මාර්තු 2 දා  වනතුරුම මේ රට පැවතියේ සිංහල බෞද්ධ රාජ්‍යක් වශයෙනි. ඊට පෙරද සිංහල ද්වීපය, හෙල දිව සහ ලංකා වශයෙන් හදුන්වා තිබු එය අනාදිමත් කාලයක සිටම සිංහලයින්ගේ ජන්ම භූමිය සහ මාතෘ භුමිය වශයෙන් පැවතිණ.  1948 ලැබුනා යයි කියන ඊනියා නිදහසත් සමගම 1815 දී දෙරට අතර ගිවිසුමකින් සුද්දන්ට බාරදෙන ලද සිංහලේ රාජධානියට අයත්ව තිබූ මාලදිවයින ඇතුලු සුවිසාල සමුද්‍ර කලාපයක්ද අපට අහිමිවිය. ඊට පෙර මාලදිවයි තැප්‍රොබේන් වලට (ලංකාවට අයත් දූපත් 1370 න් එක කුඩා දූපතක් වශයෙනි, අලෙක්සැන්ඩ්‍රියානු ජාතික පසුස් ක්‍රි.ව.4යේදී සඳහන්කොට ඇත. ඊට පසු කාලයේදී පාහියන් (ක්‍රි.ව.412ද අනතුරුව ලංකාවට පැමිණි කොස්මසින්දි ඔප්ලෙස්ට්ලෙස් (ක්‍රි.ව. 535), ද පවසා ඇත්තේ මාලදිවයින  තැප්‍රොබේන් වලට අයත් දූපතක් වශයෙනි. මාලදිවයින ඉස්ලාම් ආගමට හරවා ඇත්තේ ක්‍රි.ව. 1153 දීය. ඊට පෙර එහි වැසියන්ගේ ආගම වූයේ බුද්ධාගම බව සනාථ වී ඇත. තවද 1815 ට පෙර මාලදිවයින ලංකාවට වාර්ෂිකව බදු ගෙවා තිබීමෙන්ද මාලදිවයින ලංකාවේ කොටසක් බව මනාව ඔප්පුවේ.

ඒ අනුව 1948 දී නැවත මේ රට අපට ආපසු භාරදෙනවිට 1815 දී පැවති  සමුද්‍ර කලාපය ඇතුලු සිංහලේ සමස්ත භූමියම අපට ලැබුනේ නැති බව පැහැදිලිය. ඒ නිසා අපට අහිමිවූ  භූමි හා සමුද්‍ර කලාපය ව.කි.මී 90,000 කි. එනම් 1815 සුද්දන් බාරදුන්  මුලු රටේ වර්ග ප්‍රමාණයෙන් 1/3 අඩුවය. ඔන්න 1948 දී අපේ ඊනියා ජාතියේ පියාලා ලබාගත්තායයි කියන නිදසේ හැටි. ඉතින් පෙබරවාරි 4 දාම උස්සපල්ලාකො ජාතික කොඩිය.  1947 ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදපු අයිවෝ ජෙනිංග්ස් වලපල්ලේ ඉඳල හිනා වෙනවා ඇති මෙහෙමත් මෝඩ රැලක් කියල. 1948  ඩී.එස්. සහ රට බාරගත් දේශපාලකයින් 1815 දී බාරදුන් කන්ද  උඩ රාජධානිය ඇතුලු මුලු තුන් සිංහලේම ඉල්ලා සිටිය යුතුව තිබිණ. එහෙත් බ්‍රිතාන්‍ය රජය විසින්   නිකුත් කරනලද 1947 ලංකා නිදහස් ප්‍රකාශනයේ  1. 1 (2)  යටතේ මාලදිවයින සහ ඊට අදාල මුහුදු කලාපයද ඉවත් කොට තිබුණු නිසා 1953 ජන 1 දින එය බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින ස්වාධීන ජනරජයක් වශයෙන් ප්‍රකාශ කරන ලදී.

නිදහස ලබන විට රට මුලින් තිබුණ තත්වයෙන්ම, කිසිදු විදේශීයකුගෙන් තොර, රටේ භූමියේ නිරවුල් අයිතිය, ලබාගැනීම  රටේ මුල් අයිතිකරුවන්ගේ යුතුකමය. එහෙත් එවකට සිටි කිසිම දේශපාලකයකු ඒ ගැන කතාකලේද නැත. එසේම තම රටේ මුලින් පැවති තමන්ගේම භාෂාව, ආගම, නීති පද්ධතිය මෙන්ම රාජ්‍ය පරිපාලන ක්‍රම  ආදිය යලි පිහිටුවා ගැනීම, මුල් භූමිපුත්‍රයින්ගේ අයිතිය මෙන්ම යුතුකමය. එසේ නොමැතිව ආක්‍ණිකයාගේ සියලු කොන්දේසි වලට යටත්ව ඔවුන් දෙන දේ පමණක්  බාර ගැනීමෙන් නිදහස ලබාගත්තා යයි කියන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.

එහෙත් මේ කිසිවක් ඒ අන්දමින් ලබාගැනීමට 1948 නිදහසේ පියා ආදි විරුදාවලීන්ගෙන් ලැජ්ජා නැතිව තම නම් සරසාගත්  කිසිවෙකුට නොහැකිවිය. මේ සිංහල රටේ අනන්‍යතාව යලිත් පිහිටුවා ගැනීමට තිබුණු එම ස්වර්ණමය අවස්ථාව සාපරාදී අන්දමින් පැහැරහළ ඔවුන් කලේ සුද්දන් විසින් නියම කරන ලද සියලුම කොන්දේසි ඉදිරියේ දනින් වැටී ඒවාට එකග වී නිදහසේ වීරයින් සහ ඊනියා ජාතියේ පියවරුන් වශයෙන් අභිෂේක ලබා ඉර හද පවතිනාතුරු මේ රට තම ග්‍රහනයේ තබා ගැනීම සදහා සුද්දා විසින් සකස්කරණ ලද සෝල්බරි ව්‍යවස්ථාව නම් වූ මලපුඩුවේ පටලැවී ශීත රටවලට පමණක් ගැලපෙන  සුද්දාගේ ඇදුමෙන්ම සැරසී ඔවුන්ගේ සුවච කීකරු නිවට  කලු සුද්දන් පිරිසක් මෙන් ක්‍රියා කිරිමට ගිවිස ගැනීමය.

මේ නිවට රැලේ නායකයා වශයෙන් ක්‍රියාකළ ඩී. එස්. සේනානායක  එබදු පූර්ණ නිදහසක් වෙනුවට ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය යදිමින් බැදි පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සහිත සුද්දන් වෙනුවට කලුසුද්දන් යටතේ දිගටම පාලනය වන සුද්දන් විසින්ම මෙහෙයවන බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට සුද්දන් විසින්ම සකස්කළ, මේ රටේ සමප්‍රදායන්ට , භූගෝලයට, හෝ සංස්කෘතියට කිසිසේත්ම නොගැලපෙන පාර්ලිමේන්තු ක්‍රමයක් හා එංගලන්ත මොඩලයේ රජයකි. එංගලන්තයේ රැජින විසින් පත්කරණු ලැබූ ආණ්ඩුකාරයෙක්, එංගලන්තයේ නීතිය යටතේම  යුක්තිය පසිඳලන, සුද්දන් විසින්ම  මෙහෙයවනු ලැබූ එංගලන්තයේම රූකඩ ආණ්ඩුවකි.  එංගලන්තයේ අනුමැතිය නැතිව විදේශ සමග ගිවිසුම්  ඇතිකර ගැනීමට තහනම් විය. මොවුන් එදා ලබාගත්තේ මෙවන් අංගවිකල වූ නිදසකි. මෙම තත්වය 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය, රට ජනරජයක් බවට පත්කිරීමෙන් පසු මදක් වෙනස් වුවද අදටත් මේ රට පාලනය වන්නේ සුද්දන්ට අවශ්‍ය පරිදිමය.

මේ රටේ රාජ්‍ය ආගම වශයෙන් පැවති බුද්ධාගම ඒ අන්දමින් පිළි නොගැනීමටද, එසේම 1815 දී මෙහි නොසිටි සුලු ජාතීන් නැමති දෙමළ මුස්ලිම් ජනකොටසක් මෙහි සිටින බවද, ඔවුන්ද ජාතීන් වශයෙන් පිළිගැනිමටද, ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගැනීමටද, රටේ ජාතිය සිංහල නොව, ලාංකික නමින් හැදින්වීමටද, එසේම මේ රට බහුවාර්ගික, බහු ආගමික රටක් වශයෙන්   පිලිගැනීමටද  එකග වීමෙන් සහ රජය අනාගමික රජයක් වශයෙන් ප්‍රකාශ කිරීමටද එසේම මේ රටේ ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවැති රාජ්‍ය බලය  හා බද්ධාගම අතර තිබුණු සම්බන්ධතාව පිලිනොගැනීමටද ඩී.එස්. එකඟ විමෙන්  පසුවය, සුද්දා එදා  අපට ඊනියා දේශපාලන නිදහස  දීමට එකගවූයේ.

      ඒ අනුව 1948 දී ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ රටට හා ජාතියට නිදහසක් ලබාගැනීම නොව මේ රටේ භූමිපුත්‍රරයින් වූ සිංහල බෞද්ධයින්ගේ ජන්ම අයිතිවාසිකම් කිසිවක් පිලිබඳ කිසිම අවධානයක්ද  නොකොට මේ රට බෙදා පාලනය කොට විනාශ කිරීමට සුද්දා විසින් බලකරන ලද කොන්දේසි  (29 වන වගන්තිය ඇතුලූ) සියල්ල  නිර්ලජ්ජිතව පිලිගෙන රටේ එතෙක් සුද්දා විසින් කළ රාජකාරිය තම අතට ගැනීමේ ආශාව නිසා දෙවැනි වරටත් සුද්දන්ට මේ රට හා ජාතිය පාවාදී  සුද්දාගේ සපත්තුවට තම කකුලද තම ඔලුවට සුද්ද්දාගේම තොප්පියද   දාගත් කලුසුද්දන් පිරිසක් විසින් සුද්දා වෙනුවෙන් මේ රටේ පාලනයේ සුක්කානම මෙහෙයවන සිංහලත් නොවෙන, බෞද්ධත් නොවෙන පරගැති, දේශද්‍රෝහි, ජාතිද්‍රෝහී පිරිසක් අතට පාලන බලය මාරු වීමක් පමණි. මේ තුලින් ඇත්ත වසයෙන්ම ඔවුන් සිදුකොට ඇත්තේ රටත් ජාතියත් ඓතිහාසික වශයෙන් නිර්ලජ්ජිතව පාවා දිමකි. මා මෙය දකින්නේ මහපොලව පවා නොඋසුලන මහා පාවා දීමක් හා අංක එකේ දේශපාලන ප්‍රෝඩාවක් වශයෙනි. මේ අනුව 1948 දී ඇත්තවශයෙන්ම නිදහස ලබුණේ මේ රටේ ආගන්තුකයින් හා කල්ලතෝනීන්ට මිස වසර 2500 ක් තිස්සේ මේ රට තම මාතෘභූමිය කොට සිටි භූමි පුත්‍ර සිංහලයින්ට නොවන බව දැන්වත් අපි පිලිගත යුතුය. මේ අනුව 1948 දී නිදහස ලැබුණේ මේ රටේ ආගන්තුකයින් හා පරම හතුරන් වශයෙන් සිංහලයින්ට එරෙහිව සුද්දන්ට උදව් කළ ගතුකී දෙමළ මුස්ලිම් සහ අනෙකුත් සුලු ජන කොටස්වලට මිස භූමි පුත්‍රයින්ට නොවේ. දෙමලුන්ට තේසවලමේද , මුස්ලිම් වරුන්ට මුස්ලිම්නීතියද දුන් අතර රටේ අයිතිකරුව්න්ට ඔවුන්ගේ පාරම්පාරිකික සිංහල බෞද්ධ නීතිය නොදී ඉංග්‍රීසි, රෝම, ඕලන්ද සහ දකුණු අප්‍රිකානු නීතිය දීමෙන්ද

 එය තවදුරටත් මැනවින් සනාථ වේ.

1948 දී මුලු ආසියාවේම තිබුණු දියුණුම රටක් වූ මේ රට අද පත්ව ඇති අවාසනාවන්ත තත්වයට  එදා නිදහස ලබාගන්නා විට ඔවුන් විසින් කරනලද අමනකම් හා පාවාදීම් මෙන්ම ඉටු නොකළ ජාතික යුතු කම්වලට  සහ පසු කාලීනව අද දක්වා මේ රට පාලනය කලායයි කියන සියලුම දේශපාලකයින් තනි තනිව හා සාමූහිකව වගකිව යුතුය.

ඒ ප්‍රෝඩා නිදහසින් පසු දැන් වසර 73 ක් ගතව ඇතත් තවමත් නැති එසේම 1948 අප ලබා නොගත්  පූර්ණ නිදහස දැන්වත් ලබාගෙන නිදහස් ජාතියක් වශයෙන් රටේ හා ජාතියේ ඉදිරි ගමන ආරම්භ කිරීමට  අප පියවර ගතයුතුය. එම ජාතික පුනරුදයේ පළමු පියවර සහ අඩිතාලම වශයෙන් පහත සදහන් නව සංකල්පයෙන් ඒ දීර්ඝ ගමන ආරම්භ කරන මෙන් මම වර්තමාන රජයට යෝජනා කරමි.

  • බලන්න: ඩී. ඇස්. ලන්කාවේ ප්‍රථම අග්‍රාමාත්‍යග පිටු 161

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පද

සචිත්ත පරියෝදපං – ඒතං බුද්ධාන සාසනං”

යන මේ, මහා අනන්ත විශ්වයේ තුන්කල්හිම පහලවන සියලුම සම්මා සම්බුදු රජානණ් වහන්සේලා විසින් දේශිත සමස්තයම සම්පිණ්ඩනය කොට දැක්වෙන මේ ඒකායන දහම් පණිවිඩය වන සියලුම පාපකර්ම වලින් වැලකී, කුසලයෙහි යෙදී තමන්ගේ සිත පිරිසිදු කරගන්නා මෙන් දැක්වෙනා  ඉහත සඳහන් මහා ගාථා රත්නය, සිංහල බෞද්ධ රාජධානියේ පදනම  වශයෙන් සලකා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අගවිනිසුරු කාර්යාලය ශ්‍රේෂ්ටාධිකරණය ඇතුලු සියලුම අධිකරණ ශාලාවල විනිසුරු අසුනට ඉදිරියෙන් හෝ පිටුපසින් ඉහලින්ද, සියලුම රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, දිසාපති, උපදිසාපති කාර්යාල සහ සංස්ථා කාර්යාල වලද, සියලුම පොලිස් ස්ථානවල, සියලුම  පන්සල්, විහාර, පිරිවෙන්, පල්ලි, කෝවිල්, පාසල්, අම්බලන්, සියලුම ප්‍රසිද්ධ ස්ථානවල සහ සියලුම සිංහල බෞද්ධ නිවෙස්වල ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන විටම පෙනෙන තැනක ලියා තබන මෙන් මම යෝජනා කරමි.

එසේම ධාර්මික ලෝකයක් නිර්මාණය කිරීම සඳහා එහි ගැබ්ව ඇති වටිනාකම පිළිබද  පුළුල් ප්‍රචාරයක්ද දියත්කොට ජනතාව දැනුවත් කොට  ජනාධිපති වරයාගේ සිට මහමග සිඟාකන යාචකයා දක්වා සෑම දෙනාගේ හදවතකම එම බුදු  වදන තැන්පත් කරගෙන පිලිපදින මෙන් ඉල්ලා සිටිය යුතුය.

අප කුඩා කාලයේ පාසල්වල දෙපැත්තේ බිත්ති අතර හරහට දමා තිබුණු බාල්කවල ලියා තිබුණු පන්සිල් පදවලට අයත් සතුන් නොමරමු, සොරකම් නොකරමු, බොරු නොකියමු වැනි උපදේශාත්මක වගන්ති මට මෙහිදී මතකයට එයි. එසේම එවැනි කියමන් අප තුල දැඩි විනයක් ඇතිකළ බවද කිව යුතුය. නූතන ලෝකයේ මහා ප්‍රාඥයෙක් වූ ආතර් සී ක්ලාක් ඔහුගේ ‘ඩීප් රේන්ජ් ‘ නැමති පොතේ පෙන්වාදී ඇති පරිදි 2050 වනවිට ලෝකයේ ඉතිරිවන එකම ආගම බුදු දහම පමණක් වන නිසා අනාගත ලෝක බෞද්ධ රාජ්යයේ ප්ථම පෙරහුරුව වශයෙන්ද මෙම පියවර සැලකිය හැක. ලෝක බෞද්ධ කොඩිය නිර්මාණය කළේ මේ රටේය. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් වශයෙන් ලෝකයට දුන්නේ මේ රටය. ථේරවාදි බුදුදහම මෙන්ම ත්‍රිපිටකය ලොවට දායාද කළේද අපය. 2050 බෞද්ධ රාජ්‍යය පිලිබඳ සංකල්පයේ උපතද මේ හෙළ බිමේය. ඒ අනුව මේ ලෝකයේ මතු දිනක මානව වර්ගයාගේ  ශිෂ්ටාචාරයේ විශ්වීය බෞද්ධ පදනමද මේ තුලින් දිනෙක උදාවනු ඇතැයි මට දැඩි විශ්වාසයක් ඇත. 

සුදු අධිරාජ්‍යවාදින්ගේ කාලයේ පල්ලි සහ රජයේ ඇතැම් පාසල්වල ලතින් භාශාවෙන් මෙවැනි උපදේසාත්මක වගන්ති මගින් නගරබද සිංහල ලමයින්ගේ  සහ වැඩිහිටියන්ගේ මනසට ඇතිකල බලපෑමද මෙහිදි සදහන් කීරීම මැනවයි මට සිතේ. මා යෝජනා කරන වැඩපිලිවෙල ක්‍රියාත්මක කලහොත් මේ සිංහල දීපයේ වාසය කරන සියලුම මිනිසුන් සියලු පාපයන්ගෙන් මිදී දැඩි විනයක් සහිතව කුසලයෙහි යෙදීමට තමන්ගේ සිත් පිරිසිදු කරගෙන අපරාධ වලට නැඹුරු නොවී මේ දිවයින දැහැමි මිනිසුන්ගෙන් පිරි ධාර්මික රාජ්‍යක් බවට යලි පත්කරගැනීම් සඳහා  මූලික පදනමක් වනු ඒකාන්තය.

ධර්මාශෝක රජතුමා සමස්ත ජම්බුද්වීපය පුරාම පිහිටුවාලූ 84,000 ක් වෙහෙර විහාර හා ධර්මස්ථම්භ මෙන් මෙම වැඩපිළිවෙලින්ද ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා සිංහල බෞද්ධ රාජ්‍යයේ නව පුනරුදයක් උදා කරගත හැකි බවට බවට කිසිදු සැකයක් නැත. එසේම වර්තමාන රජය මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් මහින්ද-ගෝඨාභය යුගය මෙම සිංහල ද්වීපයේ පළමු ධර්මාශෝක යුගයක් නැතිනම් දෙවැනි දුටුගැමුණු යුගයක් යලිත් උදාවූ ඉතිහාසගත යුගය වනු නොඅනුමානය.

1948 සිට බලයේ සිටි සියලුම දේශපාලන කණ්ඩායම් විසින් පැහැර හරින ලද, මෙම වටිනා යෝජනාව මේ රජය හෝ ක්‍රියාත්මකකොට මේ රට නිදහස්, නිවහල්, සාමකාමි සමෘද්ධිමත් හා ධාර්මික සිංහල බෞද්ධ රාජ්‍යක් බවට පරිවර්තනය කොට වසර 10 ක් ඇතුලතදී මේ රට යලිත් ඉන්දීය සාගරයේ මුතු ඇටය බවට පත් නොකරන්නේ නම් සිංහල ජාතියේ ඒ මහා අහිලාෂය ඉටුකරණ බවට සපථ කරන නායකත්වයක් සහිත දේශප්‍රේමී කණ්ඩායමකට බලය ලබාදිමට  සිංහල බෞද්ධ ජනතාව  දැනටමත් පෙලගැසී අධිෂ්ටාන පුර්වකව  පෙරමුන ගෙන සිටින බවද මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.  එදාට එම සමාජ ප්‍රවාහය සුනාමියක් ගොඩ ගැලුවාසේ මේ රටේ සිංහල බෞද්ධයින්ට විනකළ සියලුදෙනාම  පරාජයකොට ඒ උතුම් ශ්‍රේෂ්ට ජාතියේ අපේක්ෂිත ඉලක්කය සපුරාගනු ඇත.

මේ ලිපිය ලියන මගේ පමණක් නොව 2019 ජනාධිපති වරණයේ දී සහ 2020 මහ මැතිවරනයේදී දහසකුත් එකක් පැතුම් පොදි හිස මත තබාගෙන මේ රජයට පාර්ලිමෙන්තුවේ 2/3 ක බලයද ලබාදුන් 70 ලක්ශයක ජනතාවගේ එකම අපේක්ෂාව වූයේද එයයි. 

ඒ මහා සමාජ ප්‍රවාහය ගොඩ ගැලීමට පෙර වර්තමාන රජය 70 ලක්ෂයක ප්‍රාර්ථනා ඉටුකරනු ඇතැයි මම තවමත් විශ්වාස කරමි.

ඉහත සඳහන් පරිදි මේ රජයට මහා බලයක් ජනතාව ලබා දුන්නේ, මේ රජයට එකදු ඡන්දයක්වත් නොදුන් සුලු ජනකොටස් නැලවීමට හෝ බැංකු හොරුන්,  තහක්කඩියන්, කුඩුකාරයින්, ජරාජීර්ණ දේශපාලුවන් රැකීමට හෝ, ගමේ මිනිසුන්ට මන්ත්‍රිවරයෙක් නැති නියෝජිත මන්ත්‍රී ක්‍රමයේ මූලධර්ම සියල්ල මරා දමා ඇති පවතින අනුපාත හා මනාප මැතිවරන ක්‍රමය  සහ මේ රටට හූනියමක් හා මහා වින්නැහියක්ව ඇති සිංහල ජාතියත් මේ සිංහල දේශයත් විනාශ කිරීමට ඉන්දියාව ඇටවූ මර උගුල වන  දේශපාලන අනාථයින්ට පිං පඩි ගෙවන රටට හෝ  ජාතියට තඹ සතයක වැඩක් නැතිව එවා නඩත්තු කිරීමට පමණක් වසරකට රුපියල් කෝටි 30 ක් පමණ  (1987සිට මේ දක්වා රුපියල් කෝටි 1000 ක් පමණ) නාස්ති කොට ඇති පලාත් සභා දිගටම පව්ත්වාගෙන යාම වැනි දේශද්‍රෝහී, ජාතද්‍රෝහී ක්‍රියා තවදුරටත් පවත්වාගෙන යාමට නම් නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress