කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙනි….!
Posted on August 15th, 2021

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන,

කොතලාවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.03.26 වන දිනය.

කෝවිඩ් 19 පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.06.08 වන දිනය.

මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පෞද්ගකික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.08.03 වන දිනය.

කෝවිඩ් 19 පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වූ අතර එකී පනත් කෙටුම්පතේ වගන්ති 7/13 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.

කෝවිඩ් 19 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බවට කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට වැරදි ලෙස ක්‍රියාකිරීමට සළස්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසද පුරවැසියන් විසින් 2021.07.20 දින පෙත්සමක් බාර දී ඇත.

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් එකම පොදු අරමුණක් ඉලක්ක කළ පනත් කෙටුම්පත් වේ. ජනතාවගේ පරමාධිපත්‍යය, නිදහස් අධ්‍යාපනය, අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ දමන එකී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

2021 මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පෞද්ගකික මන්ත්‍රී පනත් කෙටුම්පතද 1900 සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන වැරදි බලපෑමම කරයි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමට සුදුසු නීතීඥවරු සහ විනිසුරුවරු බිහිවීම වළක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව සම්බන්ධ විධිවිධාන යටපත්වන ලෙස, ජනතා පරමාධිපත්‍යය අහිමි කරමින් පනත් සහ වෙනත් නීති මගින් විධිවිධාන සළසා ගැනීම සුදුසු නොවේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී නැති බලතල පුද්ගල මන්ත්‍රී පනත් කෙටුම්පතකින් එන මානව හිමිකම් සංවිධානයට හිමි වී ඇත.

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙන් බව පැහැදිලිය.

ජනතාව මේ සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීම වැදගත් වේ.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress