මිහින්තලය කුණුරාගම වැව ප්‍රථිසංස්කරණය කෙරේ.
Posted on August 15th, 2021

තිසර සමල් – අනුරාධපුර

රට හදන සෞභාග්‍යයේ දැක්ම බලගන්වමින් වාරී සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්/ අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුණුරාගම ගම්මානයේ වැව සංවර්ධනය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රී ත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රථිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි,  රුපියල් මිලියන 08 ක වියදමින්  මෙම වැව ප්‍රථිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03 ක් තුළ එහි වැඩ නිම කිරීමට නියමිතය.

මිහින්තලය ප්‍රාදේශීීය සභා  බල ප්‍රදේශයේ සීප්පුකුළම කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධනුෂ්ක කුමාර සෙනවිරත්න  මහතා ඇතුළු ගම්වාසීන්ගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීම සිදු කෙරේ.

 වසර ගණනාවකින් තම වැව ප්‍රථිසංස්කරණයක් නොකෙරුණ බවත්, වැව යටතේ පවතින අක්කර 94 ක කුඹුරු ප්‍රමාණය මාස් කන්නයේදීවත් කර ගත නොහැකි තත්වයක් පැවති බවත්, වැව ප්‍රථිසංස්කරණය කිරීම මගින් පුරන් කුඹුරුද වගා කර යල -මහ දෙකන්න වගා කර ගැනීමේ හැකියාවක් ඇති බවත්, මේ සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කටයුතු කිරීම සම්බසම්බන්ධයෙන්වි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට තුති පුද කළහ. 

 මේ අතර කුණුරාගම ගම්මානයේ ගම්වාසීන්ගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ පන් ආශ්‍රිත නිර්මාණයන් සිදු කිරීමයි,‌මේ වන විට පන් නොමැති කමින් තම නිර්මාණයන්ට පන් සපයා ගැනීමේ ගැටලු පවතින බවට පන් ආශ්‍රිත නිර්මාණකරුවන් එහිදී පවසා සිටි අතර, ප්‍රථිසංස්කරණය කෙරෙන වැව් රක්ෂිතයේ කොටසක පන් වගා කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන ලෙස ඒ අවස්ථාවේදීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විසින් අනුරාධපුර ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුතුමන්ට දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දුන්හ.

මෙම අවස්ථාවට  , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී  ආර්.එම්.බී ඥානතිලක මහතා, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා,  අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එස්.ඩීමැදිවක මහතා ඇතුළු වාරී මාර්ග නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම්  සිරිමෙවන් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress