සරලයි පහසුයි.. එන්නත් නැතිව කොරෝනා මඩින විස්මිත ඔසුව සාර්ථකයි.. ලංකාවටත් ලගදීම..
Posted on August 17th, 2021

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ උපුටා ගැන්ම දිවයින

අප සියලූම දෙනාට මෙම භයානක තත්ත්වයට මුහුණ දීමට සිදුව තියෙනවා සියලූම දෙනා රෝගය මර්දනය කිරීම සඳහා ඇති එන්නත් කවරක් හෝ වහාම ලබාගත යුතුවනවා. සමාජයේ සමහර පිරිසක් එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව විවිධ කට කතා නිර්මාණය කොට පැතිර හැරීම නිසා එන්නත් ලබාගැනීමට බියෙන් පසුවනවා. සත්‍ය තත්ත්වය නම් එන්නත්වලින් එලෙස අතුරු ආබාධ ඇති වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. වඩාත් මතක තියාගත යුතු කාරණය වන්නේ, සමහර පුද්ගලයන්ට එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ ලෙස දින දෙක තුනක් සිරුරේ වේදනාව, උණ ගතිය තියෙන්න පුළුවන් නමුත් එන්නත ලබා නොගතහොත් එහි අතුරු ආබාධය වන්නේ රෝගයට ගොදුරු වී අකාලයේ මියයෑමයි.

කොවිඞ් 19 රෝගයෙන් අපේ රටේ මියයන ප‍්‍රමාණය ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට සෑම විනාඩි දොළහකටම අපේ රටේ පුද්ගලයෙක් මෙම රෝගය නිසා මරුමුවට පත්වෙනවා. එහි ශීඝ‍්‍රතාව ඉදිරි දින කිහිපය තුළදී වේගයෙන් ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. ආසාදිතයන් සොයාගැනීමේ ඡුක්‍ඍ පරීක්ෂණ කිරීම සීමාසහිත වීම නිසා, වාර්තවන ආසාදිතයන් ප‍්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසාවෙන්ම වාර්තා වන රෝගීන් ප‍්‍රමාණයට සාපේක්ෂව අපේ රටේ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ප‍්‍රතිශතයක් පෙන්වනවා. මේ වන විට අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යන ප‍්‍රමාණයෙන් රෝගීන් වාර්තා වනවා.

එසේම ආසාදිත පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් ශීඝ‍්‍රයෙන් වාර්තා වාර්තා වීම හේතුවෙන් රෝගීන් නිවෙස් තුළම නිරෝධායනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අතරින් හුස්ම ගැනීමේ අපහසුතාව සහ සංකූලතා ඇති වන පුද්ගලයන් පමණක් රෝහල්ගත කිරීමටයි දැන් කටයුතු යොදා තිබෙන්නේ. නමුත් නිවෙස්වල සිටින බොහෝ දෙනා එලෙස සංකූලතා පෙන්වයි නම් ඔවුන් ඉක්මනින් රෝහල වෙත ගෙන යෑමේ හැකියාවක් සහ යාන්ත‍්‍රණයක් තිබේද යන්න සැක සහිතයි. 1990 අංකයෙන් හඳුන්වන සුවසැරිය ගිලන් රථ සේවාව ඒ සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එලෙසින්ම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යන විට ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමාණය සපුරා ගන්නේ කෙසේද යන්න ඉදිරියේදී ගැටලූවක් වනවා. රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ වාට්ටුවල ඉඩකඩ කොවිඞ්

රෝගීන්ගෙන් පිරී යෑම නිසා අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවද අහිමි වනවා. එවිට එම රෝගීන්ද මරණයට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා. බලවත්ම ප‍්‍රශ්නය වන්නේ මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද ශීඝ‍්‍රයෙන් මෙම රෝගයට ගොදුරු වීමයි. රෝහලකට අවශ්‍ය භෞතික සම්පත් කවර හෝ ආකාරයකින් වැඩි කළ ද පුහුණු මානව සම්පත් වැඩිකිරීම ක්ෂණිකව සිදු කළ නොහැකියි. මේ අනුව ඇත්ත වශයෙන්ම අප දැන් සිටින්නේ ගිලෙමින් පවතින ටයිටැනික් නැවක බව පෙනී යනවා.

රෝහල්වල මෘත ශරීරාගාර පිරී ගොස් තිබෙනවා ආදාහනාගාර නොනැවතී පැය 24 පුරා ක‍්‍රියාත්මක කරන්න සිදුවෙලා. අප දැන් සිටින්නේ තවත් විශාලා මහනුවරක අභියස බවයි පෙනී යන්නේ. ආසාදිතයන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින හෙයින් දැන් රට සම්පූර්ණ වශයෙන්ම වසා දැමුවද ඉන් ඵලක් වේ යැයි සිතන්න බැහැ. ආසාදිතයන් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් වර්ධනය වීම සහ පැතිරී යන ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් මෙම රෝගය වර්තමානය වන විට සමාජය තුළ වාතය මගින් පැතිර යෑමේ හැකියාව තිබෙනවා.

රටේ ජනගහනයෙන් 66% කටවත් අවම වශයෙන් එන්නත් ලබාදීමෙන් හෝ රෝගය ආසාදනය වීම නිසා ඇතිවන ප‍්‍රතිශක්තිය මගින් සමාජය තුළ ප‍්‍රජා ප‍්‍රතිශක්තිය Herd immunity ඇතිවීමෙන් තමා මෙම රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙන්නේ. නමුත් ප‍්‍රතිරෝධී ප‍්‍රභේද ඇතිවීම හේතුවෙන් මෙම ප‍්‍රජා ප‍්‍රතිශක්තිය ඇතිවීම පිළිබඳව ද ගැටලූවක් ඇති වෙනවා.

මේ තත්ත්වය යටතේ කවර හෝ ආකාරයකින් රෝගය පැතිරී යෑම පාලනය කරගත යුතු වනවා. හැකිතරම් නිවෙස්වලට වී සිටීම තමා අත්‍යවශ්‍ය වන්නේ. නමුත් නගරයට ගොස් බලන විට මහජනතාව ඒ පිළිබඳව තැකීමක් නොකරන බව සක්සුදක් සේ පැහැදිලියි. විශාල පිරිසක් මහමග ගැවසෙමින් සිටිනවා. ඒ අය අතර මුහුණු ආවරණ පැළැඳ නොසිටින අයත්, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකරන (ප‍්‍රායෝගිකව කිරීමට අපහසු) විශාල පිරිසක් සිටිනවා. ඇත්ත වශයෙන්ම මෙවන් තත්ත්වයක් රෝගය ඇති වූ පසුගිය වසරේ සිටම පුරෝකථනය කොට, එය එසේ සිදු නොවීම සඳහා සැලසුම් සකස් කරගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් වර්තමානයේ දී අප සියලූම දෙනාට මෙම භයානක තත්ත්වයට මුහුණ දීමට සිදුව තියෙනවා සියලූම දෙනා රෝගය මර්දනය කිරීම සඳහා ඇති එන්නත් කවරක් හෝ වහාම ලබාගත යුතුවනවා. සමාජයේ සමහර පිරිසක් එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව විවිධ කට කතා නිර්මාණය කොට පැතිර හැරීම නිසා එන්නත් ලබාගැනීමට බියෙන් පසුවනවා. සත්‍ය තත්ත්වය නම් එන්නත්වලින් එලෙස අතුරු ආබාධ ඇති වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. වඩාත් මතක තියාගත යුතු කාරණය වන්නේ, සමහර පුද්ගලයන්ට එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ ලෙස දින දෙක තුනක් සිරුරේ වේදනාව, උණ ගතිය තියෙන්න පුළුවන් නමුත් එන්නත ලබා නොගතහොත් එහි අතුරු ආබාධය වන්නේ රෝගයට ගොදුරු වී අකාලයේ මියයෑමයි.

රෝගය පැතිර යෑම පාලනය කිරීම සඳහා එන්නත ලබා ගැනීම වගේම තමාගෙන් අන් අයට රෝගය පැතිර යෑම අවම කිරීම සඳහා නිරතුරුවම මුව ආවරණ පැළඳිය යුතු වනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයන් විසින් තමන්ට රෝගීන් ආරක්ෂා වීම මෙන්ම අන් අයට රෝගය පැතිර වීම වැළැක්වීම සඳහා ඉතා සාර්ථක විය හැකි ක‍්‍රමවේදයක් සොයාගෙන තියෙනවා. අප නිරතුරුවම විෂබීජ නාශකයකින් අත් සෝදනවා මෙන්ම මෙහිදී සිදුකරන්නේ ක්ෂණිකව වෛරසය විනාශ කිරීමට සමත් නයිටි‍්‍රක් ඔක්සයිඞ් සහිත දියරයක් උදේ සහ සවස නාසය තුළට ආග‍්‍රහනය කරවීමයි. නයිටි‍්‍රක් ඔක්සයිඞ් යනු වර්තමානයේ ද සිරුර තුළ, විශේෂයෙන් පෙනහල්ල තුළ ඇති ධමනි විස්තාරණය කොට ඒ තුළ රුධිර පීඩනය අඩු කිරීම සඳහා යොදා ගන්නා වායුවක්. මීට අමතරව තවත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක යොදා ගැනීම් තියෙනවා. ස්වභාවිකවම නාසය තුළ සහ අවට හිස් කබලේ ඇති කෝටරක තුළ නයිටි‍්‍රක් ඔක්සයිඞ් ගබඩා වී තිබෙනවා. නාස් කුහර සහ කෝටරක තුළ ඇති ශ්ලේෂ්මල පටකවල නයිටි‍්‍රක් ඔක්සයිඞ් නිපදවීම සඳහා වන එන්සයිම අඩංගු වනවා. නාස් කුහරය ඇති සාන්ද්‍රනයට වඩා 10 ගුණයකටත් වැඩි ඉහළ සාන්ද්‍රනයකින් නාසය වටා ඇති කෝඨරකවල මෙම වායුව අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. නයිටි‍්‍රක් ඔක්සයිඞ් වායුවට පුළුවන් සියලූම ආකාරයේ බැක්ටීරියා, දිලීර, වෛරස, ප්‍රොටසෝවා වැනි රෝග කාරක විනාශ කරන්න. මෙය බොහෝ කලකට පෙර සිට පරීක්ෂණ මගින් සනාථ කළ දෙයක්. කොවිඞ් මර්දනය කිරීම සඳහා නයිටි‍්‍රක් ඔක්සයිඞ් භාවිතා කළ හැකි ද යන්න පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදයේ, එංගලන්තයේ සහ කැනඩාවේ ඖෂධ නිපදවීම් සම්බන්ධ සමාගම් සහ එයට අනියුක්ත විද්‍යාඥයන් විසින් පරීක්ෂණ පැවැත්වුවා. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ලද ස්වීඩනයේ UPPSALA විශ්වවිද්‍යාලයේ ජීව රසායන සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන, Ake Lundkvist පවසන්නේ මේ දක්වා කොවිඞ් 19 වෛරසය මත සෘජුවම ක‍්‍රියාකරන එකම ද්‍රව්‍ය ලෙස මේ දක්වා සොයාගෙන ඇත්තේ නයිටි‍්‍රක් ඔක්සයිඞ් පමණක් බවයි.

කැනඩාවේ SaNOtize සමාගම විසින් මේ වන විට නයිටි‍්‍රක් ඔක්සයිඞ් අඩංගු නාසයට ඉසිය හැකි දියරයක් (Nasal spray) හඳුන්වා දී තිබෙනවා. SaNotize Nitric oxide Nasal Spray (NONs) ලෙසින් හඳුන්වා ඇති මෙම ද්‍රාවණය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති ඇමෙරිකාවේ UTAH රාජ්‍ය සරසවිය ප‍්‍රකාශ කරන්නේ කොවිඞ් වෛරසය 99.9 % ක් විනාඩි දෙකක් තුළ විනාශ කිරීමේ හැකියාවක් මෙයට ඇති බවයි. එසේම ඇමෙරිකාවේ කොලරාඩෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මීයන් යොදා සිදුකළ පරීක්ෂණවලදී සොයාගෙන ඇත්තේ කොවිඞ් වෛරසය 95%ක් එක් දිනක් තුළදී විනාශ කිරීමට හැකියාව මෙම ද්‍රාවණයට ඇති බවයි. දියරයක් ලෙස ඇති මෙම ද්‍රාවණයෙන් ඉතා සුළු නයිටි‍්‍රක් ඔක්සයිඞ් ප‍්‍රමාණයක් ස්වසන පටකයේ මතට මුදා හැරෙනවා. එවිට එතුළ ඇති කොවිඞ් 19 වෛරසය ක්ෂණිකව විනාශ වනවා. නාසය තුළින් ඇතුළු වන කොවිඞ් 19 වෛරසය නාසයේ ස්වසන පටක මත වර්ධනය වී උගුර හරහා පෙනහලූවලට ඇතුළු වන බව අප දන්නවා. මේ සඳහා දින දෙකක් තුනක් ගත වනවා. නමුත් මේ කාලය තුළ නාසයේ සහ උගුරේ පටක මත ඇති වෛරසය විනාශ කළ හැකි නම් රෝගය බෝවීම අවම කරගත හැකිවනවා. එමඟින් පෙනහළු තුළට ඇතුළුවන වෛරස ප‍්‍රමාණය මෙන්ම ආසාදිතයකු ස්වසන මාර්ගය ඔස්සේ බැහැරට එකතු කරන වෛරස ප‍්‍රමාණය ද ඉතා විශාල වශයෙන් අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. එමඟින් සමාජය තුළ රෝග පැතිර යෑම අති විශාල වශයෙන් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

එපමණක් ද නොවෙයි SaNOtize ආයතනයේ ප‍්‍රධාන විද්‍යා නිලධාරී චාල්ස් මිලර් මහතා පවසන පරිදි කොවිඞ් 19 වෛරසය ෙසෙල තුළට ඇතුළු වීමට යොදා ගන්නා ACE 2 කියන උපාගමයන් අවහිර කිරීමේ හැකියාව ද නයිටි‍්‍රක් ඔක්සයිඞ් අඩංගු මෙම ද්‍රාවණයට තිබෙනවා. එමඟින්ද ආසාදිත පුද්ගලයන් රෝගී බවට පත් වීම අවම කර ගැනීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ.

ඇත්ත වශයෙන්ම මෙම ඖෂධය ඉතාම වැදගත් වන්නේ රෝගකාරකයට නිරාවරණය වූ පසුව මෙය භාවිතා කිරීමට හැකි වීමයි. හරියටම අත්වල තැවරී ඇති වෛරසය විනාශ කිරීම සඳහා විෂබීජ නාශක යොදා අත් සේදීම වගේ දෙයක්,. මෙහිදී වෛරසය තැවරී ඇති නාසය සහ උගුර මෙම දියරය මගින් විෂබීජාණුහරණය කිරීමත් සිදුකරනවා. ප‍්‍රභේදය කුමක් වුවත් එය විනාශ කිරීමේ හැකියාව නයිටි‍්‍රක් ඔක්සයිඞ් සතුව පවතින නිසා ඩෙල්ටා, හෝ ලැම්ඩා හෝ අනාගතේ ඇතිවන වෙනත් කවර හෝ ආකාරයේ ප‍්‍රතිරෝධී ප‍්‍රභේද පිළිබඳව ගැටලූවක් ඇතිවන්නේ නැහැ. ඒ සියල්ල විනාශ කිරීමේ හැකියාව මෙය සතු වනවා. දිනය පුරා ස්වසන පටකය තුළට ඇතුළු වන වෛරසය රාත‍්‍රී නින්දට පෙර මෙම දියරය නස්නය කිරීමෙන් විනාශ කළ හැකි වන අතර, යම් අයුරකින් හෝ ඉතිරිවන වෛරස පසුදින උදෑසන මෙම දියරය නැවත නස්නය කිරීමෙන් විනාශ කළ හැකි වනවා.

සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන ද්‍රව්‍යයක් නිසා එය සිරුරට අහිතකර වන්නේ නැහැ. ආග‍්‍රහණය කරන වාතයේ ඔක්සිජන් සමග එක් වූ විට එය නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් බවට පත්වී අකර්මණ්‍ය වනවා. නාසයේ සහ කෝඨරක වල නයිටි‍්‍රක් ඔක්සයිඞ් නිපදවීම සීඝ‍්‍රයෙන් සිදුවන්නේ ඔක්සිජන් අඩු අවස්ථාවල දී බව සොයාගෙන තිබෙනවා. නාසය වටා ඇති කෝටරක තුළ නයිටි‍්‍රක් ඔක්සයිඞ් ගබඩා වී තිබෙන බවයි පරීක්ෂණ මඟින් සනාථ වී තිබෙන්නේ. සෙම්ප‍්‍රතික්ෂාව ඇතිවිට මෙම කෝටරක සෙම මගින් අවහිර වනවා. නමුත් හුමාලය ඇල්ලීම මගින් නාසය තුළ ප‍්‍රදාහය අවම කිරීම මගින් එම අවහිරතාව ඉවත්ව කෝඨරක වල විශාල වශයෙන් ගබඩා වී ඇති නයිටි‍්‍රක් ඔක්සයිඞ් ස්වසන පටකය වෙතට ගෙන ඒමේ හැකියාවක් තිබෙනවා. මේ මගින් රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සිදුවනවා. මේ නිසා තමා සෙම්ප‍්‍රතිශ්‍යාව ඇති විට හුමාලය ආග‍්‍රහණය කිරීම මගින් ඉක්මනින් සුවය ලබාගත හැකි වන්නේ ස්වසන පටකය තුළ ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වන විට නයිටි‍්‍රක් ඔක්සයිඞ් නිපදවීම ඉහළ යන බැවින්, කට සහ නාසය මදකට වසා සිටීමත් ඉන් අනතුරුව කුඩා පොලිතින් බෑගයක් තුළට හුස්ම ඉහළ පහළ යැවීමත් මගින් අපට ස්වසන පටකය තුළ ඔක්සිජන් අඩු කොට නයිටි‍්‍රක් ඔක්සයිඞ් ප‍්‍රමාණය යම් තරමකට වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා උදේ සහ සවස විනාඩි කිහිපයක් මෙම ව්‍යායාමයේ යෙදීම NONs ඖෂධීය නස්න දියරය අප වෙත ලැබීම දක්වා සිදු කිරීම ඵලදායී විය හැකියි.

මේ වන විට මෙම නාසයට යොදන දියරය ඊශ‍්‍රායලය, නවසීලන්තය සහ බහරේන් යන රටවල හදිසි භාවිතාව සඳහා අනුමත කොට තිබෙනවා. එංගලන්තය සහ ඉන්දියාව ඉතා නුදුරේම මෙයට අනුමැතිය ලබාදීමට කටයුතු කරන බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ. SaNotize සමාගම විසින් මෙම ඖෂධය නිපදවා ආසියානු රටවල, එනම් ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, තායිවාන්, නේපාලය, කම්පුචියාව බෲනායි, ලා ඕසය මියන්මාර්, තිමෝරය, වියට්නාමය සහ ශ‍්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ සහ වෙළෙඳාම් කිරීමේ අයිතිය ඉන්දියාවේ ප‍්‍රකට ඖෂධ සමාගමක් වන Glenmark සමාගම වෙත ලබා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2021 අගෝස්තු 2 දින නිවේදනය කළා. ඒ අනුව ඉතා නුදුරේදීම මෙම ආශ්චර්යමත් ඖෂධය ශ‍්‍රී ලංකාවේ අප වෙතද ලැබෙනු ඇත. එය ඉක්මනින්ම රෝගය පැතිරයෑම මර්දනය කිරීම සඳහා වන බලාපොරොත්තුව සඵල කිරීමටත් මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයක් බේරා ගැනීමටත් ඉතා විශාල පිටුවහලක් වනු ඇත.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
– divaina

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress