පන්සල වටා ගොඩනැගෙන ඔන්ලයින් මාරයා
Posted on August 25th, 2021

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

(වසර ගණනාවක් කිසිම බාධාවකින් තොරව ඇසුණු පිරිත ඔන්ලයින් මාරයා නවත්වන්න ඉල්ලයි !!!)

පුංචි පැනයක් ? : කෝකද කලින් අවේ ? මාර්ගගත අධ්‍යාපනය ඊයේ පෙරේද අපේ රට ආ දෙයකි පිරිත එදා සිට?

Why did Buddha reject God? - Quora
පින්තුරය උපුටාගැනීම – http://www.quora.com


මිනිසා ලබාගත යුතු උත්තරිත ශකිතින් රාශියක් මේ විශ්වය තුල පවතී ඒ දේවත්වයේ සිට බුදු පදවියද අන්තිමට නිවනද යැයි ඕනෑම පුද්ගලයෙකුට සිතාගත හැකිය. දැනට පවත්නා කොරෝනා හමුවේ මිනිසුන් ලොමු ඩෑහැ ගැන්වෙන ප්‍රවෘත්ති අසමින් භියවී මිනිස්සු ගෙයි තුලම කල් ගෙවයි. ඔහුට අද මුඛවාඩමක් නැතුව එන්නතක් විද ගන්නේ නැතුව, කොත්තමල්ලි පොදක් බොන්නේ නැතුව තම නිවසින් එළි පතට බැහැ ගැනීමට නොහැකිව සිටියි. මේ සියල්ලම කරගත්තත් තම දු දරුවන්ගේ අනාගත අවිනිශ්චිත භාවය නිසා එදා පැ හිනාව සතුට නැති දෙමාපියන් දුකසේ සිටි.

ඉතින් මේ සියල්ලම අස්සේ පාසලට ගිය ළමයා, මිනිසා ලබාගත යුතු උත්තරිත ශකිතින් අතරෙන් ප්‍රධානම එකක් වන අධ්‍යාපනය ලබාගැනීමට තිරයක් ඉදිරියේ ‘ත්‍රිමාණ ගුරුවරයෙක්’ නොමැතිව දුවිමාන ලෝකයක දුක් විඳි. ඒ අතරම ”ඔන්ලයින්” ඉගෙනුම කලට වෙලාවට අකමැති ගුරවරු දහවලේ , මැදියමේ , හා වවුලන් තම ජිවිත ආරම්භ කරන යාමයේ , ළමයින්හට පන්ති පවත්වයි.  උදේට බුදුන් වැඳීම සවසට බුදුන් වැදීමට අවස්ථාවක් නොලද දරුවන්ගේ ‘මානව හිමිකම් ‘ සියල්ලම කඩා බිඳ දමා මේ ඔන්ලයින් මරුවා හිනිපෙත්ටම නැග ඇවිත් පාසල් ළමයින්ව ‘ගස් උඩ නංවා අසරණ කොට’ ඇසිල්ලකින් හෝ ක්ෂණයෙන් ගහෙන්ම බිම වැටි මරු වැළඳ ගැනීමට වැට කඩොළු ගොඩ නගා ඇත. මේවා කිසිවක් නොදන්නා අසරණ දෙමවුපියන් කාලය ධනය ශ්‍රමය කැප කරමින් ළමුන්ව උස්සහාගෙන ගොස් ගස් උඩ තබා හෝ විභාගය දිනවීමේ අරමුණින් කාලය ගත කරයි. ළමයාගේ ආරක්ෂාව, ඔහු හෝ ඇය විසින් ඉගෙනගත යුතු අනික් පාඩම්, එනම් ආගම් ,දහම් ,ශ්‍රී සත් ධර්මය අතහැර අධ්‍යාපනය මත්තෙම දරුවාව තබයි. ඒ අතර හිමින් උඩට මතුවූ මේ මාරයා මරාවේශයෙන් ගුරුවරුන් මුලා කොට ‘මාර්ගගත අධ්‍යාපනය’ සිදුකරන්නේ ඇති තරම් මුදල් දුන්නොත් පමණයි යන සටන් පාඨයක්  රැගෙන ගුරුවරු පාරට බස්වා මුදලට ගිජු කොට අහිංසක ළමයින්ගේ බලාපොරොත්තු සියල්ල සුනු විසුණු කළේය.

Sri Lankan children sits on tree branches as they access their online lessons from a forest reserve in their village in Bibila
පින්තුරය උපුටාගැනීම -https://metro.co.uk/2021/07/14


මෙම කටයුතු අතරේ මාරයා  සකස් කල තවත් වැඩ සටහනක් වුයේ. ‘ පන්සලේ ශබ්බ්දේ වැඩියි’ අපේ ළමයින්ට ඉගෙන ගන්න බැහැ යෑයි යටි කුට්ටු ව්‍යාපාරයක් පටන් ගැනීමය ” හවූ බවු දඩි බිඩිස් ” කියා ශබ්බ්ද නගා උදේට නැගිටනා හැටිද අප දැක ඇත්තෙමු  තවද රාත්‍රී කැරෝකේ සමාජ ශාලාවන්ට ගිය පිරිස්ද ශබ්බ්දේ ගැන හොඳින්දන්නා බව දනිමු සවසට ඇහෙන ”සුපර් ස්ටාර් තරු ” හඬද බාධාවක් නොවූ බොහෝ පිරිස්  ”පන්සලෙන් කලට වෙලාවට ඇසෙනාපිරිත් සජ්ක්‍ධායනය කන්කෙරිච්ච්යක් ‘ යයි පතුරවමින් මතයක් ගොඩ නගමින් සිටි. ඒ මාරයා සකස් කල දෙවෙනි වැඩේය.

Dakini Art
පින්තුරය උපුටාගැනීම – http://www.dakiniunlimited.com

එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් යන කියමන සිහි ගන්වමින්. ‘අපේ දරවන්ට ඉගෙන ගන්න බැහැ සද්දේ වැඩියි කියමින් ලියුම් ලියයි පන්සල් වලට තැපැල් කරයි. ඉතින් පිරිතේ අනුහස් නොදන්නා හා කලට වෙලාවට වැඩ නොකරන්නාවූ මාරයන් පාසලේ දින සටහන රැ මැදියම තෙක් පවත්වන්නේ ක්‍රමක් ක්‍රමයෙන් දවසට දෙවතාවක් බුදුන්,දහම්,සඟුන් වැඳීම අපේ ළමයින්ගෙන් තුරන් කිරීමටයි.

(මෙයට ඉඩ දිය නොහැකිය ඒ ඇයි කිවහොත් තව ටික දවසකින් ‘නැටුම් පන්ති ‘ ටික් ටෝක් ඔස්සේ පවත්වා ටික් ටෝක් ‘ඩාන්ස් ක්ලාස් ‘(ටි ක් ටොක් නැටුම් ) පන්තිවලට සති පිරිත් වරු පිරිත් වලින් බාධා එල්ලවන බව පවසා ‘ටික ටෝක් ගුරුවරු’ පාරේ පෙළගැස්වීමට ‘  මේ මාර වේශය නැවත සමත් විය හැක.)

The 16 Defilements of the Mind, and the Simile of the Cloth: Vitthupama  Sutta - Buddha Weekly: Buddhist Practices, Mindfulness, Meditation
පින්තුරය උපුටාගැනීම – https://buddhaweekly.com


බුදුන් වහන්සේ පන්සාලිස් වසක කාලයක් තිස්සේ දේශනා කල ධර්මය තුන්ලොකයේම සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරණ ලද්දකි . එයට ජාති,කුල,ආගම, වර්ණ භේද ,පන්ති අඩංගු නොවන්නේය. මේ පිරිත සියලුම ජාතින් හා ඇසට නොපෙනන විශ්වයේ අන්නන්ත වූ සියළු සත්වොයෝන්ට සුදුසු දෙයකි. සර්ව බලධාරීන්ට, දෙවියන්ට , ප්‍රේත , භූත හෝ ඕනෑම කුම්භාන්ඩයෙකුට පිසාචාදීන්ට ආරක්ෂාව සඳහා සසරින් ගොඩවිම සඳහා විසුද්ධි මාර්ගයකි. එවන් පිරිතක් ගැන භිය වෙන්නේ සදාකාලික අමුනුෂයින් බව මානාව වැටහේ. පිරිතක් කියනා, ඇසෙනා මානයේ මෙකි අමුනුෂයින්හට වාසය කල නොහැක එතරම් පිරිත බලවත්ය. පිරිතක් යනු නියම ශාන්ති කර්මයකි, එය දේවාල පස්සේ දිවීමට වඩා බලවත්ය. ඉතින් මේ කොරෝනා උවදුරෙන් මැරෙනා මිනිසුන් කොහේ කොයි අයුරින් ඉපදේදැයි අප නොදනිමු !ඒ බැවින් පිරිත සැමට ඇහෙන්න සැලැස්වීම වැඩියෙන් කළ යුතු කාලයකි.

මානවයාට සැබෑ ආරක්ෂාව ලබාදෙන පිරිත් සජ්ක්‍ධායනය සැම පන්සලකින්ම ඇහෙන්න සලස්වන මෙන් මේ ලක්දිව තුල තිබෙන සැම පන්සලකම වැඩ සිටිනා උතුම් වූ සංඝ රත්නයේ ඉල්ලමි. කලට වේලාවට වැඩ කටයුතු කොට එනම් ” උදයේ 7.30 සවස 2.30 වන තෙක් ”ඔන්ලයින්” මාර්ගගත අධ්‍යාපනය පැවැත්විය යුතය. මෙය රාජ්ජ්‍ය නායකයාගේ සිට ගමේ සිටිනා සියල්ලන්ම දැනගත යුතු කාරණයකි. තවද ලොව බෝහෝ ආගම් වල ආරක්ෂාව සඳහා යම් යම් යාතිකා තිබුනත් පිරිත් දේශනාව සමග එය සැසඳිය නොහැකිය බවද දැන ගත යුතය.

Sri Kalyani Dhamma School - Kelaniya Raja Maha Viharaya
පින්තුරය උපුටාගැනීම – https://kelaniyatemple.lk


(පහතින් ඇති කවි සමුහය කියවන්න )

කවි පන්තිය ලිවීමට ආසන්නම හේතුව වුයේ පාන්දර හා සවස ඇසුණු පන්සලේ පිරිත ටික කාලයක් නොඇසුණු බැවිණි.) එය ගැන සමාජයෙන් විමසන විට අපහට මේ ආරංචි මාර්ග ආවේය. එය මාරයාගේ නැගිටීමක් යැයිද සඳහන් කරමි !!!

වටගොඩ වටකර සිල්   පැතිරෙන්නේ
බුදු සමිදුන්ගේ දම්        පැතිරෙන්නේ
කවියෙන් පිරිතෙන්    හිමිදිරියෙන්නේ
මේ පැතිරෙන  ධම් මෙත්  පතුරන්නේ

ගුණයෙන් සිසිලෙන්     හිමිදිරියෙන්නේ
මනු දම් මනු කැළ      මෙත් පතුරන්නේ
දිරියෙන් ගුණයෙන් මෙත්  සිසිලෙන්නේ  
වටගොඩ පන්සල මෙත්      පතුරන්නේ

හඬයෙන් අවදිව         මරු  නැගිටින්නේ
නිවනට බාදා                කිරීමට යන්නේ
කාල වෙලාවක් නැති          මරු එන්නේ
පංච මරුට පසු        මේ      මරු එන්නේ

අන්තරජාලයේ මේ   මරු ඉන්නේ
සියළු ළමයි හට දනුම  බෙදන්නේ
පාසැල් කාලය  මරු   පිළිකන්නේ
හිතු හිතු අවදියේ මේ මරු එන්නේ

බැලුවම කියුවම මොකද ළමයිනේ
හුරතල් කාලය මේ   මරු කන්නේ
ආච්චි සියා මේවා       නොදන්නේ
හවසට උදයට පහන     නිකන්නේ

බුදු හිමි කුටියේ අඳුරේ වෙසෙන්නේ
පිරිතක් කීමට       දැන් බැරිවන්නේ
ඔන්ලයින් මරුවා  වැඩ  කරමින්නේ
තුෂ්ණිම්භූත  වෙයවූ      කියපන්නේ

උදයත් සවසත් දම්           ඇසෙමින්නේ
යහපත් දරුවන් අපරට              හැදුනේ
නිසොල්මනෙන් මේ මරු නැග   එන්නේ
වටගොඩ පන්සල වෙත    මරු   යන්නේ

තැපැල් පතක් මේ මරු   ලියපන්නේ
හාමුදුරුවෝ වෙත  මරු පැනපන්නේ
තම පුතු ඉගෙනුම අද නැති වෙන්නේ
ඔන්ලියින් මරුවා මේ  ලෙස එන්නේ

මෙලොවත් දෙලොවත් යම්  සරණක්නේ
බුදුහිමිගේ බණ            මේ මරු දන්නේ
රන් රුවනක් හෝ රත්න         සියල්නේ
සමකල පැරදිය නොහැකිය        දන්නේ

වසර දෙදාහක් මේ…          මේමරු සටනේ
බුද්ධ චීවරය දැක                  වෙර ගන්නේ
මස් කඩයේ මැරෙනා               හරකුන්නේ
මාර ලතෝනිය මරු හට            නොපෙනේ

තම පුතු ඉදිරියේ                   බස් දොඩවන්නේ
බයනොවෙනු පුත අද මම            වැඩ දෙන්නේ
පිරිතේ අනුහස් මැඩ                      පව තන්නේ
පන්සල වෙත                         ලියුම් ලියන්නේ

ඔබලාගේ පිරිතේ   ශබ්බ්දය වැඩිනේ
කන්කෙරෙචියක්      මේ සිදුවන්නේ
හාමුදුරුවෝ මේ      ලියුම දකින්නේ
මදකට පිරිතත්        මග හිටුවන්නේ

මාරයා උඩ පැන…      දත් නියවන්නේ
ප්‍රේතයෝ භූතයෝ     ගම් වැදගන්නේ
මාර සෙනඟ දැන්   උඩ පනින්මින්නේ
නින්දේ බොදු ගම් මේ     ගිල ගන්නේ

ඔන්ලයින් මරුවනි මේ       අහපන්නේ
තොපිලගේ වැඩ කිඩ අපි නම්   දන්නේ
පාසැල් කාලය කාල             සටහනේ
නියෙමෙට තිබෙනා     බව අපි දන්නේ

හිමිදිරි කාලයේ             දම් අසපන්නේ
සැන්දෑ කාලය               බුදු වැදපන්නේ
තොපිලට අනගුණ වැඩ    නැතිවෙන්නේ
අපගේ අයිතිය තොපි       නොම දන්නේ

පංච මරුට පසු නුබ    මෙහේ එන්නේ
අලුත්ම මරුවෙක්     නුබ බව දන්නේ
වේසයක් ගෙන  පුතු  රැකුමට පන්නේ
ජය පිරිතෙන් අද      දහම් දෙසන්නේ

අද වෙනවිට ගුරු ඔන්ලයින්   නැත්තේ
ඔන්ලයින් මරු දැන් මුදල් හොයන්නේ
තොපිලගේ පුතු දැන් උඩුබල   ඉන්නේ
තොපි කල පාපය දැන්     සිහිවෙන්නේ

කලට යලට               වැඩ කරපන්නේ
මරු ගුරු හට           ඒ බව   පවසන්නේ
කුසීතකම දුරු කෙරුවොත්   මරු වන්නේ
නුබටත් පුතුටත්             වැඩ සිදුවන්නේ

මරු හට වඳිමින්         කාල නොයන්නේ
හදපන් නුඹේ පුතු දම්රද           වැන්නේ
බුදුන්ගේ ධර්මය ඇසුමට කල    පැන්නේ
කොරෝනා නුබේ ගෙයි මත පිළිකන්නේ

පාසැල් කාලය කාල           සටහනේ
නැතිබව ඒ මරු ඇයි     නොමදන්නේ
දීපය දේශය රැක්ක             දනන්නේ
නුවනින් දැනුමෙන් තතු    විමසන්නේ

නුබලට පෙර මේ දහම්        දෙසන්නේ
භාෂණ ලේඛණ            අපිම හදන්නේ
පන්සලේ පිංකම    නොම   වළකන්නේ
සතර අපායට ඇයි නුඹ            යන්නේ

නැගෙනහිරේ  පදුමුත්තර           බුදුනේ
මාර වසඟ පරදුනු                 බුදුහිමිනේ
සිල්වත් ගුණවත් පින්වත්     ජනයන්නේ
පිංකම ලොකු යැයි  නුඹ  නොම දන්නේ

ජය පිරිතෙන් නැගිටින       දරුවන්නේ
කියමුද ගුරු හට  මේ           අදමයිනේ  
උදයට හවසට              කාල සටහනේ    
බුදුන් වැන්ඳිමත්          මුසු කරපන්නේ

නමෝ බුද්ධාය !

ඔබ සැමට තෙරුවන් සරණයි !

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2021-08-25

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress