එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම
Posted on August 31st, 2021

තිසර සමල් – අනුරාධපුර

කොවිඩ් -19 පාලනය වෙනුවෙන් සිදු කෙරෙන එන්නත්කරණ ජාතික වැඩසටන සදහා අද(31) අනුරාධපුර නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම බර්ටි දිසානායද පදනම මගින් සිදු කෙරිණි.

අනුරාධපුර ශීක්ෂණ රෝහල, අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය හා ම.නු.ප ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය යන මධ්‍යස්ථානයන්හී අද(31) දින 5000 කට ආසන්න පිරිසක් වෙත එන්නත්කරණ කටයුතු සිදු කෙරුණු අතර, එන්නත්කරණ මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දැක ගත හැකි විය.

එලෙස පෝලිම් වල රැදී සිට එන්නත්කරණය සිදු කර ගන්නා ජනතාවගේ මහන්සිය නිවා දැමීම වෙනුවෙන් යෝගට් ලබා දීම බර්ටි දිසානායක පදනමේ සභාපති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අදහසක් අනුව බර්ටි දිසානායක පදනම මගින් සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම පරිත්‍යාගයන් සිදු කෙරිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress