වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනයෙන් ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක්
Posted on September 9th, 2021

තිසර සමල් – අනුරාධපුර

පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්ෂිජන් ප්‍රථිකාර ලබා දීම සඳහා, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති  ආයතනයේ ප්‍රජා සත්කාර වැඩසහනක් යටතේ ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍යය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති  ආයතනය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ  සෙගුවන්තිවු හා විදාතමුනෙයි ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් සුළං බලාගාරයක් ක්‍රියාත්මක කරනු ලබයි.එම ආයතනය මගින් ක්‍රියාත්මක කරන ප්‍රජා සත්කාරයක් ලෙස පුත්තලම මූලික රෝහලේ පැරණි වාට්ටුවක් නවීකරණය කර කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ප්‍රථිකාර සිදු කිරීම සඳහා  ඇඳන් 16 කින් සමන්වි කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් , ඒ සඳහා අවශ්‍යය සෞඛ්‍ය උපකරණ හා රෝගීන්ගේ පරිහරණය වෙනුවෙන් රූපවාහිනි යන්ත්‍රයක්ද  රෝහල වෙත පරිත්‍යාග කිරීම මෙසෙ සිදු කෙරිණි.මේ සඳහා එම ආයතනය රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වැය කර ඇත.

පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අර්ජුන දුෂ්යන්ත මහතා,

අපේ රෝහලට කොවිඩ් රෝගීන් පැමිණීමේ වැඩිවීමත් සමඟම අපිට දැඩි අවශ්‍යතාවක් තිබුණා කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ප්‍රථිකාර සඳහා ස්ථානයක් වෙන් කර ගැනීමට, මේ අවස්ථාවේදී අපේ තිබුණ ස්වසන රෝග පිළිබඳ වාට්ටුවෙන් කොටසක් කොවිඩ් ප්‍රථිකාර සඳහා වෙන් කරලා ඇඳන් 16 කින් සමන්විත අංග සම්පූර්ණ වාට්ටුවක් නිම කරලා ලබා දීම සම්බන්ධව ස්තූති වන්ත වෙනවා.

එහිදී අදහස් දැක්වූ සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

ඉතාමත් සතුටු වෙනවා වින්ඩ් පෝර්ස් ආයතනය විසින් මේ රෝහලේ විශාල අඩුවක් වෙලා තිබුණ අඩුපාඩු රාශ්‍රියක් සඳහා සහය ලබා දීලා තියෙනවා, පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විදිහට අපි සතුටු වෙනවා අපේ රටේම ව්‍යාපාරික ආයතනයක් ලෙස, ව්‍යාපාරයක් කරන ගමන් අපේ රටේ ජනතාවට උදව්වක් අවශ්‍යම  වෙලා තියෙන මොහොතේ විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් අපි හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ ආයතනයක් තමන්ගේ ලාභයෙන් කොටසක් ඒ වෙනුවෙන් කැපකිරීම පිළිබඳව මමත් විශේෂ ස්තූතියක් පුද කරනවා.ඒ වගේම රටක් විදිහට අපි හැමෝම නැගිටින්න අවශ්‍යය වෙලාවක් මේක, කාගේ අඩුපාඩුවද ? කාගේ හැකියාවද? කාගේ දක්ෂතාවයද ? කියන එක නෙමෙයි.  ලෝකයම මේ රෝගයෙන් දුක් විදින වෙලාවක රටක් විදිහට අපි නැගිටින්න අවශ්‍යයි. ඒ සඳහා වෛද්‍යවරුන්ද, දේශපාලඥයෝද, ව්‍යාපාරිකයෝද, අපි හැමෝම මේ වගේ එකට එකතු වෙලා රටක් නැගිට්ටවන්න හදන එක තමයි හොඳම දේ, ඉදිරියටත් මේ කොරෝනා වසංගතය ඉවර වෙනකල් මේ තියෙන එකමුතුව, මේ තියෙන සමඟිය, මේ නැගිටින්න හදන උත්සහය තවත් ශක්තිමත් කරන්න අපි අත්වැල් බැඳගමු යැයි පැවසීය.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ,

විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය රටෙන් හා ලෝකයෙන්ම තුරන් කරන්න අවස්ථාවක් උදා කර ගන්න තමන්ගේ දායකත්වය ලබා දීම පිළිබඳව වින්ඩ් ෆෝර්ස් ආයතනයට ස්තූති වන්ත වෙනවා.මේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳව දේශපාලනය කරන කෙනාද, වෛද්‍යවරයාද, සෞඛ්‍ය අංශයද කියන කාරණාවෙන් එහා ගිහින් මනුෂ්‍යත්වයෙන් කරපු මේ සත්කාරයට ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශ ලේකම් හේමන්ත සමරකෝන්, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) සුළං බලාගාර ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා, ප්‍රධාන විධායක නිළධාරී ලසිත් විමලසේන, ප්‍රධාන කළමනාකාරුන් වන  චමීර ගුණරත්න,  ප්‍රසන්න දිසානායක , යාන්ත්‍රික අධිකාරී සනත් සමරසේකර යන මහත්වරුන් හා පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අර්ජුන දුෂ්යන්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද  සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress