ඉතාලියේ දී අග්‍රාමාත්‍යතුමාට ජනතා හරසර
Posted on September 13th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බොලොඤ්ඤා හි නවාතැන්ගත් හෝටලය අසල දී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික හා ඉතාලි ජනතාවගේ මහත් හරසරට ලක් වූහ.

 ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා අග්‍රාමාත්‍යතුමා නවාතැන්ගත් හෝටලයෙන් ඊයේ (12) පස්වරුවේ පිටතට යන අවස්ථාව දැක බලා ගැනීමට මෙසේ විශාල පිරිසක් හෝටල් පරිශ්‍රය අසල රැස්ව සිටියහ.

අග්‍රාමාත්‍යතුමාට සහ ආර්යාවට සුබ පැතුම් එක්කරමින් ඔවුන් තම ජංගම දුරකථන ඔස්සේ ඡායාරූප ලබා ගැනීමටත් සුබ පැතුම් එක්කිරීමටත් උත්සුකවන අයුරු දක්නට ලැබිණි.

ජී 20 අන්තර් ආගමික සංසදය ඇමතීමට යන තමන්ට සුබ පැතුම් එක්කළ  ජනතාවට අග්‍රාමාත්‍යතුමා ද සිය ආචාරය පුද කළේය. අග්‍රාමාත්‍යතුමා ඊයේ පස්වරුවේ ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ආරම්භක සැසිය ඇමතූ අතර එහි සැසිවාර හෙට (14) දින දක්වා පැවැත්වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress