“දැයක් නගන – සියක් නගර” ව්‍යාපෘතිය
Posted on September 16th, 2021

තිසර සමල් – අනුරාධපුර

දැයක් නගන – සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉදි කිරීම් කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.

රට නගන සෞභාග්‍යයේ දැක්ම වත්මන් රජයේ ප්‍රථිපත්ති ප්‍රකාශනය අනුව නගර සීයක් සංවර්ධනය කිරීමේ දැයක් නගන – සියක් නගර” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම වෙනුවෙන් රුපියල් මිලියන 16.8 ක් හා තිරප්පනය තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය සඳහා රුපියල් මිලියන 33 ක මුදලක් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍යය අමාත්‍යංශය මගින් වෙන් කර ඇත.

අදාළ ඉදි කිරීම් කටයුතු සමාරම්භ කරමින් ඉදි කිරීම් සිදු වන ආකාරය සම්බන්ධයෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම භූමිය නිරීක්ෂණය කරනු ලැබීය.

ඒ අනුව තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම් භූමියෙහි වොලි බොල් ක්‍රීඩා පිටියක්,  අංග සම්පූර්ණ වැසිලිකි පද්ධතියක්, පොලිස් මුර පොළක්, රථ වාහන ගාලක්, නගරය මඟහැරි යන ලෙස අතුරු මාර්ගයක් ඇතුළුව ඉදි කෙරෙන අතර,  තුරුසෙවන විවේක සහ විනෝද කටයුතු උද්‍යාන භූමියේ වැසිකිලි පද්ධතියක්, ඇවිදින මංතීරුවක්, ව්‍යායාම සිදු කිරීමට ස්ථානයක්, ළමා උද්‍යානයක් ඇතුළුව සංවර්ධනය කිරීමට යෝජිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress