NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..
Posted on September 16th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වසංගත තත්වය හමුවේ ඖෂධ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරිය ගැන මෑතකාලයේදී දැඩි කතාබහක් ඇතිවුණේ එහි දත්ත මැකීයාම සම්බන්ධ පුවතත් සමගිනි.

අති සංවේදී තොරතුරු සමගින් ගනුදෙනු කරන මෙම අධිකාරියේ දත්ත මකා දැමීම පිටුපස සිටින මහමොළකරු දේශපාලනයට සම්බන්ධ බවත් ඔහු විපක්ෂයේ අයෙකු බවත් අනාවරණය වෙමින් පවතියි.

මේ බව තවදුරටත් සනාථ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2017 වසරේ දී තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බව මෙන්ම අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට පවා කිසිදු පියවරක් ගෙන නොමැති බවට වූ කරුණත් සමගිනි. මේ බව මනාව දැනසිටි මේ මහමොළකරු පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත.

දැවැන්ත ආර්ථික ලාභයක් හිමිකර ගැනීම මෙන්ම රට තවත් අර්බුදකාරී තත්වයක් කරා ගෙනයමින් ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවට පත් කිරීම මොහුගේ අරමුණ වී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress