කබනික පොහොර ආනයනයෙන් ඩොලර් මිලියන 05ක් කොමිස්..? පොහොරට ගැලපෙන්න ප‍්‍රමිතිය වෙනස් කරන්නැයි ප‍්‍රමිති ආයතනයට බලපෑම්…
Posted on September 20th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ආනයනික කාබනික පොහොර වලින් මෙරට පරිසරයට හානි වන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර වර්ග තුනක අහිතකර බැක්ටීරියාවන් ඇති බවට පර්යේෂණවලින් දැනටමත් තහවුරු වී ඇතැයි ද එම සංවිධානය කියා සිටියි.

මෙයාකාරයෙන් කාබනික පොහොර ගෙන්වීමෙන් ඩොලර් මිලියන 5 ක කොමිස් මුදලක් ලැබෙන බවට ආරංචියක් ඇතැයිද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

කාබනික පෝර වලට ගැලපෙන ලෙස ප්‍රමිති වෙනස් කරන්නයි ඒවා ගෙන්වන පිරිස් විසින් ප‍්‍රමිති ආයතනයට බලපෑම් කරමින් ඇති බවත් ඔහු හෙළිදරව් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress