තේ පොහොර ගොවින් අසරණයි.. කාබනික පොහොරවලින් අස්වැන්න අඩුයි…
Posted on September 25th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තේ් වගාවට යෙදිම සදහා රසායනික පොහොර නොමැති කම හේතුවෙන් තේ වගාවෙන් නෙලා ගත හැකි අමු තේ දළු අස්වැන්න අඩු විි ඇති බවට බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් දිගින් දිගටම මැසිවිලි නගති.

දැනට මාස කිහිපයක සිට තේ වගාව සදහා යෙදිමට අවශ්‍ය රසායනික පොහොර නොමැති බවත් ඒ හේතුවෙන් තේ අක්කරයකින් නෙලා ගත හැකි අමු තේ දළු අස්වැන්න හරි අඩකින් පමණ අඩු වි ඇති බව ඔවුහු කියති.

රසායනික පොහොර යොදා තේ අක්කරයකින් මසකට අමු තේ දළු කිලෝ 600- 800 ක් අතර ප්‍රමාණයක් මිට පෙර නෙලා ගත් බවත් රසායනික පොහොර වෙනුවට කාබනික පොරහොර හදුන්වා දිමත් සමග තේ අක්කරයකින් මසකට අමු තේ දළු කිලෝ 500 ක් වත් නෙලා ගැනිමට නොහැකි විම හේතුවෙන් තමන් ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින බව ප්‍රදේශයේ තේ ගොවින් පෙන්වා දෙති.

ප්‍රදේශයේ තේ වතු වල තේ දළු අස්වැන්න අඩු විමත් සමග දෛනික වැටුපට හෝ කිලෝ ගණනට තේ වතු වල සේවය කරන ජනතාවට වැටුපට ප්‍රමානවත් දළු කිලෝ ප්‍රමානය නෙලා ගැනිමට නොහැකි විම හේතුවෙන් තමන්ද අසරණතාවයට පත්ව සිටින බව ඔවුන් කියති.

මෙිි සමිබන්දයෙන් ප්‍රදේශයේ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් කල විමසිමකදි පැවැසුවෙි – තේ කර්මාන්තශාලා වලට මෙිි දිනවල ලැබෙන අමු තේ දළු කිලෝ ප්‍රමානය විශාල ලෙස අඩු වි ඇති බවයි.

මෙි අතර අමු තේ දළුවල ප්‍රමිතියද පහත වැටි ඇති බවත් ඒ හේතුවෙන් මිලද පහත වැටිමත් ඇති බව එම නිළධාරින් වැඩිදුරටත් පැවැසුහ.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress