”කාබනික කියා රසායනික පොහොර ගෙනත් ගොවීන් අන්දන්න ගිය” ආණ්ඩුවට වෙච්ච දේ
Posted on October 15th, 2021

කුමුදු ජයවර්ධන, තාරක සම්මාන්  මව්බිම දැන්

 

රජය විසින් මෙවර මහ කන්නය සඳහා ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) පොහොර ඛනිජමය සම්භවයක් ඇති කාබනික පොහොර බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, රසායන විද්‍යාව සම්බන්ධ ආචාර්යවරුන්, ගුරුවරුන් මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, පොටෑසියම් ක්ලෝරයිඩ් යනු අකාබනික ඛණිජයක් බව ය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා කාබනික පොහොර ආනයනය පිළිබඳව අදහස් පළ කළ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගෙන් mawbima.lk වෙබ් අඩවිය විමසීමක් කළේ ය.

එහිදී ඇය පෙන්වා දුන්නේ, ඊයේ (ඔක්. 13) මෙරටට රැගෙන ආ පොහොර, රසායනික ද්‍රව්‍ය එකතු කරන ලද පොහොර බව ය.

“මම දකින විදියට මේ අය අර N, P, K කියන තුන මේ ගොල්ලෝ ඇත්ත වශයෙන් ම අමුතුවෙන් ම එකතු කරලා තියෙනවා මේ දේට. ඇත්තට ම මේක සම්පූර්ණ බොරුවක් මේ කියන්නේ. ඒ කියන්නේ ඒ අයට උවමනාව තියෙනවා පෙන්නන ඒ ගොල්ලෝ තවදුරටත් කාබනික පොහොර තමා මේ භාවිත කරන්න එවලා තියෙන්නේ.”

ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව හෙට බලාපොරොත්තු වන්න.

 කුමුදු ජයවර්ධන, තාරක සම්මාන් 2021-10-14 19:02:00 | Updated 4 hours agoSHARE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress