මහ බැංකුව ලංකා ආර්ථිකයත් මකර කටටම තල්ලු කරයි ඔක්තෝබර් 15 (ඊයේ) පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා
Posted on October 16th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රෝකට් ගත වීමට මුදල් අච්චු ගැසීම හේතුවී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි.  ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබූ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇත.   

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි. 

පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාව වට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු  කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.  

2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වරෛී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

One Response to “මහ බැංකුව ලංකා ආර්ථිකයත් මකර කටටම තල්ලු කරයි ඔක්තෝබර් 15 (ඊයේ) පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා”

  1. aloy Says:

    Do you need ‘Rocket Science’ to figure out what’s happening in a ‘parallel central bank’?. Definitely not. They have invented a machine called UNDIYAL that works at a much less speed than the one at our economic zone.

    And all those slaves lining up at those passport offices will be making use of it to send their dollars to be exchanged with the 5000 notes stashed somewhere. Think of it: why our inflation not sky rocketing?. Because it is controlled by the parallel CB, perhaps by their employers themselves. There lies the secret to my mind.

    Perhaps, we will go on like this until we all are owned by foreigners. We know PM Modi had an answer to these kind of things via their banking system.

    But then again the world politics is not that simple for the desert dwellers to understand.
    And our stars are much more stronger than they think. And we Siwhelayas are much more resilient and have survived for so many thousands of years.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress