ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා. -අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
Posted on October 27th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවත් වූ 2021 කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශූරතාවලියේ සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අද (26) දිනකොරියානු තානාපති කාර්යාලයේ දී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍යඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි.

  • ප්‍රශංසා ඵලක පිළිගැන්වීම
  1. ශ්‍රී ලංකා ටයිකොන්ඩු සම්මේලනය විසින් කොරියානු තානාපති අතිගරු වූජින් ජියොන් මහතා වෙත ප්‍රශංසා ඵලකය පිළිගැන්වීම.
  • කොරියානු තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙත ප්‍රශංසා ඵලකය පිළිගැන්වීම.
  • හොඳම විනිසුරුවන් සඳහා වන සම්මාන
  1. වයි.ඩී.කුමාර ද සිල්වා
  • ඩබ්.ඒ.ඩී.එම්. අසිත වික්‍රමතුංග
  • එම්.ආර්.රත්නසේකර
  • YouTube  ජයග්‍රාහකයන් සඳහා වන සම්මාන
  1. YouTube හි වැඩිම Likes සඳහා වන සම්මානය – ආර්. එම්. දුනීෂා උවන්දි  – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.
  • YouTube හි වැඩිම නැරඹුම් කාණ්ඩය (Views) සඳහා වන සම්මානය – ආර්. එම්. දුලක්ෂා දේවින්දි – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.
  • මුහුණු පොතේ ජයග්‍රාහකයන් සඳහා වන සම්මාන
  1. Face Book හි වැඩිම Likes සඳහා වන සම්මානය – ආර්.එම්. දුලක්ෂා දේවින්දි – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.
  • Face Book හි වැඩිම Shares සඳහා වන සම්මානය – යූ.එල්.ටී.එම්.ප්‍රේමකුමාර  – රත්නපුර ධර්මපාල ටයිකොන්ඩෝ සමාජය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම තරගාවලියේ සම්මානලාභීන්ට පළමුව මා සුබ පතනවා. කොවිඩ් වසංගතය නිසා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙවර කොරියානු තානාපති ශූරතාවලිය පැවැත්වීමට සිදු වූවා.

දෙරට අතර පවතින විදෙස් සබඳතාවට අමතරව ක්‍රීඩාවට කැමති හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන තානාපති කෙනෙක් අපට ලැබීම සම්බන්ධව මා සතුටුවෙනවා.

මෙවැනිම සම්මාන උළෙලවල් දෙකකට මම කොරියානු තානාපති කාර්යාලයට මීට පෙර පැමිණ තිබෙනවා. මෙවැනි තරගාවලි සංවිධානය කිරීම පිළිබදව හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ඔබ ගන්නා උත්සාහය පිළිබදව ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වන අතර එය ඉතා අගය කරනවා.

ඉදිරියේදී මෙම තානාපති කාර්යාලයේ සහාය ඇතිව පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා.

ටයිකොන්ඩෝ ක්‍රීඩකයින්ට හා එම සම්මේලනය වෙත ඔබ ලබා දුන් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගය  පිළිබඳ ස්තූතිය පිරිනමන අතර එය ඔවුන්ගේ දක්ෂතා ඔප්නංවාගැනීමට බොහෝ උපකාර වේ යැයි මා විස්වාශ කරනවා.

රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික බැදීම වර්ධනය වන ලෙස කටයුතු කිරීම හා ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදීම සම්බන්ධයෙන් ඔබට, ඔබේ රජයට හා මෙහි සිටින සුහදශීලී කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තූතිවන්ත වනවා.

මෙම කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී ලබන වසරේ දී කොරියානු තානාපති ශූරතාවලිය සාමාන්‍ය පරිදි පැවැත්වීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වන අතර අද දින සම්මාන ලැබූ සියලුදෙනාට මා සුබ පතනවා.‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

කොරියානු රජය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙත සිදුකළ උපකරණ පරිත්‍යාගය කොරියානු තානාපතිතුමන් විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙත භාරදීමත් මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට කොරියානු තානාපති අතිගරු වූජින් ජියොන් මහතා (HE Woonjin Jeong), කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ලිම් සො යොන් (Lim So Yeon), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා, උප සභාපති කංචන ජයරත්න, ලේකම් රුවන් අලහකෝන්, Master Korea government Kukkiwon යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.   

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress