අධිකරණ තීන්දුවට අභියෝග කරමින්, මතභේදයට තුඩු දුන් කඩොලාන දූපතේ පස් ඉවත් කිරීම නිමල් ලන්සා විසින් වලකයි.
Posted on November 3rd, 2021

ජයන්ත විජේසිංහ වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

ඔක්සිජන් කන්නදැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසාවන නිලධාරිනී දේවානි මහත්මියගෙන් ප්‍රෂ්ණ කල සනත් නිෂාන්ත මන්ත්‍රීවරයාගේ මූලිකත්වය ගත්, මතභේදයට තුඩුදුන් මීගමුව රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) නමැති කඩොලාන දූපත කලක් තිස්සේ අනවසරයෙන් කඩොලාන කපා පස් පුරවා තිබුනු අතර එය සංරක්ෂණයට මූලිකත්වය ගත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම දේශපාලනික වශයෙන් බාදා කරණ ලදී.

පළමුව සනත් නිෂාන්ත මන්ත්‍රීවරයා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේදී මෙම ඉඩම පිට්ටනියකට ලබා දෙන ලෙස බල කල අතර එහිදි දේශපාලන හෙන්චයියන් කීප දෙනෙකු විසින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසාවන නිලධාරීනිය අපහසුතාවයට පත්කිරීමත් ඔක්සිජන් වලට වඩා තමන්ට සෙල්ලම් පිට්ටනියක් අත්‍යාවශ බව සඳහන් කල අතර අනවසර සහ නීතිවිරෝදී ලෙස පස් පුරවා ගොඩ කරන ලද එම දූපත සංරක්ෂණයට මූලිකත්වය ගත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව දේශපාලනික වශයෙන් බල පෑමකට ලක් කිරීම දිගින් දිගටම සිදුවෙමන් පැවතුනි. කෙසේ නමත් පසුකාලීනව සනත් නිෂාන්ත මන්ත්‍රීවරයා එම ගැටලුවෙන් ඉවත්වූ අතර ඔහු ඒ සම්බන්ධව මැදිහත්වීමක් නොකල අතර අදාල දූපතෙහි පස් ඉවත්කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් පවා ලබාගෙන ඇත.

මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ දූපත් විශාල ප්‍රමාණයක්ද කඩොලාන ප්‍රදේශ විශාල ප්‍රමාණයක්ද තවමත් ඉතිරිව පවති. ශ්‍රී ලංකාවේ කඩොලාන එක් ගසක් හෝ නොකැපීමේ ජාතික ප්‍රතිපත්තියක් පවතින අතර ශ්‍රී ලංකාව කඩොලාන ආරක්ෂා කිරීම තිරසර සංවර්ධන ඉලක්ක යටතේ ලෝකයට, එක්සත් ජාතීන්ට ලබා දී ඇති පොරොන්දු අතර එක් පොරොන්දුවක්ද වේ.

වර්ථමානයේදී  ජනාධිපතිවරයා ග්ලාස්කෝ හීදි  එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සමුලුවට සහභගී වී සිටින අතර ලංකාව පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව එහිදී ප්‍රකාෂයට පත් කිරීමට නියමිත වන  අතර පරිසර අමාත්‍යාංශය විසින්  සකස්කල නවතම වාර්තාව ප්‍රකාරවත් කඩොලාන ආරක්ෂා කිරීමේ වැදගත් කමක් ඒ සඳහා වන ජාතික නැඹුරුවත් සම්බන්දව දැඩිලෙස කරුණු දක්වා ඇත.කෙසේ නමුත් එවැනි තත්වයක් තිබියදී අධිකරණ නියෝගයක් පවා ඇති අනවසර ලෙස කඩොලාන කපා පස්පුරවා ඇති රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) යන දූපතේ පස් ඉවත්කිරීමේ ක්‍රියාවලියට දිගින් දිගටම නිමල් ලන්සාගේ නායකත්වයෙන් යුත් දේශපාලන හෙන්චයියන් විසින් බාදා එල්ල කරන බවට කරුණු වාර්තා වේ.

මෙම පස් ඉවත්කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මීගමුව පොලිසියද අසමත් වී ඇති අතර ඒ සම්බන්ධවද මේ වන විටත් දැඩි කතාබහකට ලක්වී ඇත්තාසේම  පොලිසියේ සහයෝගය නොලැබීම නිසාවෙන් පරිසර සංවිධාන විසින් පොලිස්පති තුමාට ලිඛිතව පැමිණිලි කර ඇති බවට වාර්තා වේ. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව ක්‍රයාත්මක කිරීම සඳහා ධීවර අමාත්‍යංශය විසින් කලපු සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ අදාල කාර්ය කිරීමට අවස්ථා තුනකට වැඩි ගණනකදී කටයුතු කල අතර ඒ සඳහා ප්‍රදේශයේ දේශපාලන හෙන්චයියන් උසිගන්වා පස් ඉවත් කිරීමේ කටයුතු අඩපණ කිරීමට නිමල් ලන්සාගේ නායකත්වයෙන් යුතුව කුමන්ත්‍රණ සිදුවන බවට වාර්තා වේ. එසේම පස් ඉවත්කිරිමේ ක්‍රියාවලිය සඳහා දිගින් දිගටම පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් පොලිසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ සහයෝගයක් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැත.

එසේම වන සංරක්ෂණ නිලධාරීන් අදාල ක්‍රියාවලිය නිරීක්ෂණයට යන අවස්තාවන් වලදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමත්, ඔවුන්ට පහර දීමට උත්සහ කිරීමත්, වාහන හරස්කිරීමත් වැනි කාර්යන් විශාල ප්‍රමාණයක් වාර්ථා වී ඇත. ඒ සම්බන්ධව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇතත් මීගමුව පොලීසිය විසින් මෙතෙක් අදාල වැරදිකරුවන් විසින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වාර්ථා වේ. එමනිසා මීගමුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව පොලිස් අමාත්‍යවරයා වෙත මේ වන විට කරුණු වාර්තා කර ඇති බවට වාර්තා වන අතර ඉදිරියේදි මේ සම්බන්ධව අදිකරණයටද කරුණු දැක්වීමට පාර්ෂව කීපයක් සූදානම්ව පසුවන බවට වාර්තා වේ.

මෙසේ වෙරල සංරක්ෂණ කලාප වල සහ සමුද්‍රීය ආරක්ෂණ ප්‍රදේශ වල මෙන්ම පොදුවේ පිහිටි කඩොලාන ශාක සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතින් දැඩි ආරක්ෂාවක් ලබා දී ඇතත් මෙම කඩොලාන දූපතේ කඩොලාන කැපූ අයට එරෙහිව සහ කපා පස් පුරවන අයට එරෙහිව කටයුතු කිරීමට තබා එසේ කර ඇති හානිය රජයේ මුදලින් ප්‍රතිස්ථාපනය කිරීමට යන අවස්ථාවේදී පවා මෙසේ බාදා කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලනඥයෙකු වන නිමල් ලන්සාගේ මෙම මැදිහත්වීම ඉතා ගැටළුවක් බවට පත්ව ඇත.

එසේම ඔහු විසින් මෙය දඩමීමා කරගනිමින් මෙම කාර්ය වැලක්වීම සඳහා දිසාවන නිලධාරීනියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලදී සහ ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු වලදී ඉතා අප්‍රසන්න ආකාරයට පරිබව කරණ ආකාරය අවස්ථා කීපයකදීම ප්‍රධාන ධාරවේ මාධ්‍ය වලින්ද දැක ගැනීමට හැකි විය. එසේම නෛතිකව සහ ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂාවක් ලැබී ඇති සහ පොදුවේ රැකගත යුතු වෙරල කලාප වල සහ පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති සුවිශේෂී දූපත්වල කඩොලාන රැක ගැනීම සඳහා කටයුතු කල යුතු අවදියක සහ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ශ්‍රි ලංකාව ලබා දී ඇති පොරොන්දුව සහ කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දී ඇති තීන්දු සහ වර්තමානයේදී තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධ සමුළුව පවතින අවස්ථාවන් වලදී මෙසේ පොදුවේ රටතුල ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට නිමල් ලන්සා වැනි දේශපාලඥයිගේ මැදිහත් වීමෙන් සිදුවන හානිය සළුපටු නොවේ. එසේම එය රජය බලවත් ලෙස අප්‍රසාදයට පත්වන සහ අදිකරණ තීන්දුවක් ලබා දී ඇති  අවස්ථාවක මෙසේ කටයුතු කිරීම අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කිරීමකි.

එසේම නඩු තීන්දු වලට පයින් ගසා තම හෙන්චයියන් භාවිතා කරමින් දීවර අමාත්‍යංශයට සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බලපෑම් එල්ල කරමින් මෙම ක්‍රියාවලිය අඩපණ කරන සහ මෙම ක්‍රියාවලිය නැවැත්වීමට දිගින් දිගටම කටයුතු කරන නිමල් ලන්සා ඇමතිවරයා අධිකරණ අමාත්‍යංශය සහ පොදු යුක්තියට එරෙහිවද කටයුතු කරන අතර ඔහුට ගරු අදිකරණයට අපහස කිරීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  0777771348 (ජයන්ත විජේසිංහ) ඇමතීමෙන් ලබාගත හැක.

ජයන්ත විජේසිංහ

කැඳවුම්කරු

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress