අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමි වූ පවුල්වලට අග්‍රාමාත්‍යතුමා ශෝකය පළ කරයි
Posted on November 10th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අයහපත් කාලගුණය නිසා ජීවිත හානි වූ පවුල්වලට ශෝකය පළ කරන අතර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ගැන අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

ගරු කථානායකතුමනි,

ප්‍රථමයෙන්ම කියන්න ඕනේ  මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට දැඩි  බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඒ වගේම විශාල පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්න බවත් කියන්න ඕනේ.

පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය සහන දෙන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඒ කටයුතු සඳහා ඔබ තමුන්නාන්සේලාගේ සහයත් බලාපොරොත්තු වෙනවා.

අයහපත් කාලගුණය නිසා ජීවිත හානි වූ පවුල්වලට ශෝකය පළ කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ගරු කථානායකතුමනි,

අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳවත්, පීඩාවට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කරන්න ඕනේ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress