ඥානාසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලන හොරු
Posted on November 24th, 2021

චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D

ලංකාවේ පක්ෂ දේශපාලකයින්, සිංහල කළුසුද්දන්, මාක්ස්වාදි රොඩු, කොටින්ම කියනවා නම් රට  කැබලි කිරීමට උල්පන්දම් දෙන පිරිස් 2012 මැයි මස බොදු බල සේනාව බිහිවූදා සිටම ඊට බිය වුයේ ඥානසාර හිමියන් ඉදිරිපත් කල අනිත් හැමෝටම නායකයෙක්  සිටියත් සිංහල බෞද්ධයාට නායකයෙක් නැතයන මතවාදයය. එය ලැව් ගින්නක් සේඅ රට පුරා පැතිර ගියේය. මෙම මතවාදයේ බිම් මට්ටමේ  යථාර්ථය නම්, කඹ වැණි පිරිත් නූල් අතේ  බඳගෙන, අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ යයි කියමින් සිංහල දේශපාලකයින් විසින් කරන්නේ සිංහල බෞද්ධ ජනතාවට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණවා කියන ආකාරයටය යන්නය.

මේ නිසා මීට පෙර බිහිවූ සීහල උරුමය, ජාතික හෙල උරුමයට කලා  මෙන්, බොදු බල සේනා සංකල්පය විනාශ කිරීමට රටේ 1931 න් පසුව සිට ක්‍රියාත්මක වන දූෂිත දේශපාලන ක්‍රමයෙන් රැකෙන පිරිස් විවෘත හා හීතල යුද්ධයක් ආරම්භ කලේය. පෘතග්ජනයෙකු වශයෙන් හාමුදුරුවන්ගේ අඩුපාඩු හොයමින් මේ අය කුරුමානම් ඇල්ලුවේ කෙසේ හෝ උන්වහන්සේව කොටුකර බැඳ දැමීමටය, මිසිස් චන්ද්‍රිකාගේ වචනවලින් කියනවා නම් බල සේනාව බලු කූඩුවේ දැමීමය. මේ ප්‍රතික්‍රියා සමාන කල හැක්කේ, සැක සහිත ලෙස අපවත් වූ හාමුදුරුවරුන්ට වඩා, අනාගාරික ධර්මපාලතුමාට ඩී ඇස්ලා, ඩී බී ජයතිලකලා සුද්දන් සමඟ කල කෙනෙහිලිකම් වලටය.

මෙම කොටු කිරීමේ කුමණ්ත්‍රනය සඳහා රටේ අධිකරණ ආයතන යොදාගත් ආකාරය ලෝක ඉතිහාසයේම සිදුවූ කැත, අයුතු හා දුෂ්ට උදාහරණයකි. නඩුකාරයින්, නීතීඥයින්, නීතිපති යන අය හවුල්ව අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් උන්වහන්සේට දුන්නේ නඩු වාර්තාවේ අනිත් අයට ගරු, ගරු යයි ලියමින්, විත්තිකරුව නිකම්ම ඥානසාර යයි හඳුන්වාය.

මෙම ඇපැල් උසාවි තීරණයට විරුද්ධව සුප්‍රිම් උසාවියට යෑමට හාමුදුරුවන් කල ආයාචනය විභාග කල සුප්‍රිම් උසාවි නඩුකාරයින් තුන් දෙනාගෙන් දෙන්නෙක් ඊට අවසර නොදීමට තීරණය කලේය. ඉන් එක් අයෙක්වූ ප්‍රසන්න ජයවර්ධන ඔහු නීතිඥ සංගමයේ සිටිද්දී බොදු බල සේනාවට විරුද්ධව ක්‍රියාකල අයෙක් විය. මේ බාර් එක කළු සුද්දන්ගේ හා විදේශ ඩොලර් ඒජන්තලාගේ තෝතැන්නකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

November 17, 2021 at 4:40 pm | lanka C news

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි පාලක සභාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය සිකුරාදා දින තීන්දු කර ඇත. එස්.තුරෙයිරාජා”,ඊ.ඒ.ජී.ආර්.අමරසේකර” සහ ජනක් ද සිල්වා” යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ අනීතික ලෙස සිය සේවය අවසන් කිරීම අභියෝගයට ලක් කරමින් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිළධාරී ලෙස සේවය කල එන්.කේ.සූරියබණ්ඩාර විසින් 2016 වසරේදී පවරන ලද S.C.F.R.79/2016 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

පෙත්සම්කරු වන එන්.කේ.සූරියබණ්ඩාර 2007 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට විනයාරක්‍ෂක නිළධාරියෙකු ලෙස එක්ව ඇති අතර 2014 වසරේ එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී තනතුරට උසස්වීම් ලබා ඇත.පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය විසින් උපකුලපතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමක සදහන් චෝදනා 5 ක් පදනම් කර ගනිමින් 2015 මාර්තු 03 වන දින ඔහු අනිවාර්ය නිවාඩු යවන අතර පැමිණිලිකරු වන ආචාර්ය සංගමයේ ම සාමාජිකයෙකු වන එවකට දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්.එල්.විජේවීර” ද ඇතුළත් පරීක්‍ෂණ කමිටුවක් පසුව පත්කර ඔහුට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා තිබේ.පැමිණිලිකරු වන ආචාර්ය සංගමයේ ම සාමාජිකයෙකු ඇතුලත් පරීක්‍ෂණ කමිටුවක් මගින් තමන්ට එරෙහි චෝදනාවන් පිලිබද පරීක්‍ෂණ සිදුකිරීම ස්වභාවික යුක්තියේ මූලධර්මයන් ට” පටහැනි බවට සූරියබණ්ඩාර මහතා විසින් මූලික විරෝධතාවයක්” මතුකර තිබියදී ම මෙම පරීක්‍ෂණය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එම පරීක්‍ෂණ මණ්ඩලයේ නිර්දේශ පදනම් කර ගනිමින් 2015-නොවැම්බර් 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ආරක්‍ෂක නිළධාරීවරයාගේ සේවය අවසන් කර තිබේ.

පැමිණිලිකරු විසින් ම පවත්වන ලද විමර්ශනයක් පදනම් කර ගනිමින් සිය සේවය අවසන් කිරීම තම නඩුව තමන් ම අසා ගැනීමක් වන හෙයින් මෙම සේවය අවසන් කිරීම ස්වභාවික යුක්තියට පටහැනි බවත්, එනයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙසත්, අදාල සේවය අවසන් කිරීම බල රහිත සහ ශූන්‍ය කරන නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහි පාලක සභාව, උපකුලපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 32 නෙකු නම් කරමින් සූරියබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර එවකට අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම විභාගයට ගැනීම සදහා 2016 වසරේදී අවසර ලබාදී තිබුණි.

ඊ.ඒ.ජී.ආර්.අමරසේකර සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වය මත  එස්.තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත්කල මෙම තීන්දුව මගින් වගඋත්තරකරුවන් විසින් අදාළ පරීක්‍ෂණ කටයුතු ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට පටහැනි ලෙස සිදුකර ඇති බවට තීන්දු කර ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(1) වගන්තිය කඩවී ඇති බව තහවුරු කර තිබේ.ඒ අනුව ප්‍රධාන ආරක්‍ෂක නිළධාරීවරයාගේ සේවය අවසන් කල ලිපිය ශූන්‍ය සහ බල රහිත කර ඇති අතර එය කිසිදු නීතිමය බලයක් නොමැති ලියවිල්ලක් බවට නියෝග කර ඇත.මේ අනුව අදාල නිළධාරීවරයාගේ සේවය යලිත් අතීතයට බලපාන ලෙසට සක්‍රීය වනු ඇත.

පෙත්සම්කාර එන්.කේ.සූරියබණ්ඩාර මහතා වෙනුවෙන් නෙලුම් සේනානායක ඇසෝසියේට් ආයතනයේ උපදෙස් මත ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සමග නීතිඥ බුද්ධි කළුතන්ත්‍රී පෙනී සිට ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු  වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතීඥ සුරේන් ඥාණරාජ් පෙනී සිට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress