ප‍්‍රශ්න කලා කියා BOI සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය COPE කමිටුවට තර්ජනය කරලා.. සමාව ගන්නැයි කියලා..
Posted on December 16th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ආයෝජන මණ්ඩලයට ලක්ෂ ගණන් වැටුප් ගෙවා අලුත් සාමාජිකයන් බඳවා ගෙන ඇති බවත් කෝප් කමිටුව මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන එම නිලධාරීන් ආයෝජනය මණ්ඩලය බලාපොරොත්තුවන ඉල්ලක්ක සපුරා ඇත්දැයි කෝප් කමිටුව සොයා බැලූ බවත් ඒ හේතුකොටගෙන ආණ්ඩුවේ ඉහළ බලධාරීන් ඒ පිළිබඳව නොසතුටට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මිලියන 3352 මුදලක් ආයෝජන මණ්ඩලයේ වියදම් කළ ආකාරය පිළිබඳව කෝප් කමිටුව ප්‍රශ්න කළ බවත්, කෝප් කමිටුවේ මේ ප්‍රශ්න කිරීම් වලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අකමැති වූ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මේ ප්‍රශ්න කිරීම් කිරීම් හේතු කොටගෙන ඉල්ලා අස්වන බවට තර්ජනය කළ අතර, එයින් නොනැවතී, කෝප් කමිටුව ඇතුළු එහි සාමාජිකයින් ඔවුන්ගෙන් සමාව ගත යුතු බවටද අනතුරු ඇඟවූ බවද පැවසීය.

ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට සහ මහජන නියෝජිතයින්ට එවැනි තර්ජනයක් කරන්නට ආයෝජන මණ්ඩලයේ සභාපති සභාපතිවරයා ඇතුළු පිරිසට බලයක් ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා,විශේෂයෙන්ම කෝප් කමිටුවේ සාමාජිකයන්ට එවැනි තර්ජනයක් කිරීමේ හැකියාව ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

හොරකම වංචාව දූෂණය නැත්නම් ආයෝජකයින් මෙරටට පැමිණෙන බවත්,

කොමිස් සහ කප්පම් නිසා ආයෝජකයින් නොපැමිණෙන බවත් ඒ මහතා පැවසීය. ශ්‍රේණිගත කිරීම් රැසකින්ම රට පහළට දමා ඇති බව කී විපක්ෂ නායකතුමා, කෝවිඩ් සමයේ බොහෝ රටවල් සිය රටවලට ආයෝජකයින් ගෙන්වා ගත් නමුත් ලංකාවට එවැන්නක් කළ නොහැකි වූ බවද කීය.අනෙක් රටවලට ආයෝජකයින් එන්නටත් අපේ රටට නොඑන්නටත් හේතුව ආයෝජන මණ්ඩලයේ දුර්වලතාවය හේතු වූ බව කී විපක්ෂ නායකතුමා , මේ දුර්වලතාවය ප්‍රශ්න කරනකොට එහි සභාපති ඇතුලු කණ්ඩායම කුපිත වී ඇති බවත් කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන සසුනට අරුණ වැඩසටහන යටතේ, සූරියවැව මහවැලි කඩආර ශ්‍රී වාපිකාරාමාධිපති පූජ්‍යපාද හඟුරන්කෙත විජයසාර නාහිමිපාණන් වහන්සේ විසින් කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රකාරව ලක්ෂ 25ක වියදමක් දරා ශ්‍රී මහා වාපිකාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ ශ්‍රී මේධංකර දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර , සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක සුභක ප්‍රදීප්, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක සමන් පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා අපේක්ෂක රංග රන්හොටි ඇතුලු පිරිසක් සහභාගී විය.
විපක්ෂ නායකතුමා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය දවසක ඔබ සියලු දෙනාම දැන ගන්නට ඇති හිටිහැටියේම පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම පිළිබඳව. ඒ සැසිවාරය කල් දැමීම තුළ පාර්ලිමේන්තුවේ කමිටු රාශියක් අහෝසි වුණා. සභාපතිකම් රාශියක් අහෝසි වුණා. සාමාජික නිලතල රාශියක් අහෝසි වුණා. ඒ අතර කෝප් කමිටුවත් සභාපති සාමාජික තනතුරුත් සියල්ලක්ම අහෝසි වුණා.

දැන් කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ පොහොට්ටුව නියෝජනය කරන චරිත හේරත් මන්ත්‍රීතුමා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉන්නවා. සමගි ජනබලවේගයේ මරික්කාර් මන්ත්‍රීතුමා හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරන තමයි මන්ත්‍රීවරු ඇතුළත් කෝප් කමිටුවේ වගකීම තමයි කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුළ ආයතන වල ක්‍රියාදාමය පරීක්ෂාකර බැලීම. බොහෝදෙනෙකුගේ සහ අපි හැමෝගෙම ලොකු අවිශ්වාසයක් තියෙනවා මේ පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ වෙන මොනවටවත් නෙමෙයි මේ කමිටු ක්‍රියාත්මක කරගෙන ගිය ඒත් පරීක්ෂණ වැඩකටයුතු නතර කරන්නට, අඩාල කරන්නට. දුර්වල කරන්නට. සහ කඩාකප්පල් කරන්නට. මේක වාද භේද වලින් තොරව පක්ෂ භේද වලින් තොරව හැමෝම පිළිගන්න කාරණාවක්.

දැන් කෝප් කමිටුවේ තිබුණු ගැටළුව කුමක්ද? කෝප් කමිටුව මේ ගැටලුව කල් දැමීම තුළ විසුරුවා දැමීමට හේතුව කුමක්ද? විශේෂිතම වූ කාරණාව වන්නේ ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීම. පරීක්ෂණ පැවැත්වීම. නීති-රීති රෙගුලාසි චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඉහළ වැටුප් දීමනා සහිතව හත් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් ආයෝජන මණ්ඩලයට බඳවා ගෙන තිබෙනවා. එසේ මෙසේ වැටුප් දීමනා නෙමෙයි. ඉහල වැටුප් දීමනා . ලක්ෂ ගණනින් මේ අයට ගෙවනවා. දැන් කෝප් කමිටුව ප්‍රශ්න කරා ලක්ෂ ගණනින් මේ අලුතින් බඳවා ගත්තු ඉහළ නිලධාරීන්ට පඩි ගෙවනවා. රටේ ජනතාවගේ සල්ලි, බදු ගෙවන්නන්ගේ සල්ලි. ඒකෙ වන ගෙවීමට සාපේක්ෂව ආයෝජන මණ්ඩලය තමන්ගේ ආයෝජන ඉලක්ක සම්පූර්ණ කර ගෙන තිබෙනවාද? ඇති ප්‍රමාණයෙන් අපේ රටට ආයෝජකයින් ආයෝජන කිරීමේ කර්තව්‍ය ශක්ති සම්පන්නව කාර්යක්ෂමව කරනවද? කෝප් කමිටුව ප්‍රශ්න කළා.

කොහොමද මිලියන තුන්දාස් තුන් සිය පනස් දෙකක් , ලක්ෂ තිස් තුන් දහස් පන්සිය විස්සක් වියපැහැදම් කරපු ආකාරය. මොනවටද මේවා වියදම් කරේ. ආයෝජන මණ්ඩලය ඉලක්ක, ව්‍යාපෘති සම්පූර්ණ කරලා තියෙනවද. විශේෂයෙන්ම නිර්මාණය කරපු වෙළඳ කලාපවල වැඩ අතපසු වන්න හේතු මොනවද, මේ ආකාරයෙන් ආයෝජන මණ්ඩලයේ ක්‍රියාව පිළිබඳව කෝප් කමිටුව ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කිරීමට ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කැමති වුණේ නැහැ. ඒ අය තීන්දු කරා මෙහෙම ප්‍රශ්න කිරීම් වලට අපිව ලක් වෙන්නට බැහැ. ඒ නිසා රජයට තර්ජනය කරා අපි ඉල්ලා අස් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි.

ඒ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය කියනවා කෝප් කමිටුවේ සාමාජිකයින්, මහජන වරමින් පත්වන මන්ත්‍රීවරුන් ආයෝජන මණ්ඩලයේ සභාපති වරයාගෙන් , අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමාව ඉල්ලන්න ඕනි කියලා. මොනවටද සමාව ඉල්ලන්නේ. ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කරාට. මං අහන්න කැමතියි මේ වගේ ආයතන වල ආයතන වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂකවරුන්ට කොහොමද බලයක් ආවෙ ඡන්දෙන් පත්වුණු පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතවරු එය රාජ්‍ය ආයතන පරීක්ෂා කරන්නට පත්කරපු කෝප් කමිටු වල සාමාජිකයෝ හැටියට රාජකාරිය තමන්ගෙ වගකීම රටේ ජනතාවගේ පැත්තෙන් යුතුකම් ඉෂ්ට කරන්න කටයුතු කරන අයගෙන් කොහොමද සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කරන්නේ කමිටුව ගැන ප්‍රශ්න කරන්නට. එහෙම ප්‍රශ්න කරාට කමිටුව අත් සභාපතිවද සභාපතිවරයාගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමාව ඉල්ලන්නට ඕනෙයි කියල අපිට දැනගන්න ට ලැබුණා.

ආයෝජන මණ්ඩලයේ සභාපති වරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය කාගේ හයිය අතට අරගෙන ද මෙහෙම තීන්දු කරන්නේ. අපෙන් ප්‍රශ්න කරන්න බෑ. අපෙන් ප්‍රශ්න කරපු මැති ඇමතිවරු මන්ත්‍රීන් ටික සමාව ඉල්ලන්න ඕනි. නැත්නම් අපි ඉල්ලා අස්වෙනවා. කොහොමද එහෙම බලපුළුවන්කාරකමට කටයුතු කරන්නේ.

මේකට හොඳම නිදසුනක් අද තිබෙන තක්කඩ දේශපාලන සංස්කෘතිය. ආයෝජන මණ්ඩලයේ සභාපති වරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට එහෙම අභියෝග එල්ල කරන්නට බැහැ. ජනතා ඡන්දයෙන් පත් වුණු ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් . ඒක තමයි ඇත්ත කතාව. මේ සියලු හරබර තුළ ආණ්ඩුව තුළ තර්ක විතර්ක තුළ මොකද උනේ? ආයෝජක මණ්ඩලයේ මතය ජයග්‍රහණය කළා. සැසිවාරය කල් දැම්මා. තම ක්‍රියාකාරකම් පරික්ෂා කරපු කෝප් කමිටුව අහෝසි වුණා. සභාපති දොට්ට. සභාපති ගෙදර කෝප් කමිටුවේ. සාමාජිකයොත් ගෙදර. අද රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ විදේශ විනිමය අර්බුදය තුළ මේක විසඳාගන්න පුළුවන් ක්‍රමය කුමක්ද? අපේ රටට වැඩි වැඩියෙන් ආයෝජකයෝ ගෙන්වාගැනීම. ආයෝජකයෝ ගෙන්වාගැනීමේ ඒ ප්‍රවර්ධන කටයුතු කරන්නේ කවුද? ආයෝජන මණ්ඩලය සහ ආණ්ඩුව.

එදා අවලාද නැගුවා ප්‍රේමදාස ගමේ රටේ ඉන්න කෙල්ලො කොල්ලො ලව් වල සුද්දියන්ට යටඇදුම් මස්සවන්නට ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි කරයි කියලා. අද ඒ ඇඟලුම් ඇඟලුම් කර්මාන්ත ශාලා නිසා තමයි මේ තරම් විදේශ විනිමයක් වත් අපේ රටට ලැබෙන්නේ. හැබැයි එදා ආයෝජන මණ්ඩලය මොකක්ද කළේ? සභාපති වරු අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයා ප්‍රමුඛ මුලු ආණ්ඩුවම රටේම සැලැස්මක් හැදුවා කොහොමද පිටරටවල් වලින් ආයෝජකයා අපේ රටට ගෙන එන්නේ. එදා යුද්ධ දෙකක් තිබුණයි කියලා දේශ විනිමය සංචිත බින්දුවට බැස්සෙ නැහැ අද වගේ. අපේ රටේ දූෂණය තුරන් කරලා නම් හොරකම වංචාව නැත්නම් අනිවාර්යෙන්ම ආයෝජකයෝ අපේ රටට එනවා. දූෂණය පිළිබඳව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තිබෙනවා. එයින් අපේ රට ඉන්නේ ඉතාම පහළ තැනක. ඒ නිසා ආයෝජකයෝ බයයි අපේ රටට එන්න. ආපු හැටියේ සංතොෂම්, කොමිස් ඉල්ලන නිසා. තවත් වැදගත් ශ්‍රේණිගත කිරීමක් තිබෙනවා esoft of doing business කියලා. ව්‍යාපාර කිරීමේ පහසුව. ඒ ශ්‍රේණිගතකිරීමෙත් අපේ රට ඉන්නේ පහලම තලයක. මම සංඛ්‍යාලේඛන වලින් ඔප්පු කරලා පෙන්නුවා වියට්නාමය, සිංගප්පූරුව, හොංකොං, ඉන්දියාව, චීනය ජපානය මේ හැම රටක්ම බංග්ලාදේශය පවා covid සමයේ තමන්ගේ රටවල් වලට ඇමරිකානු ඩොලර් බිලියන ගණන් විදේශ ආයෝජන ලබා ගන්න කොට අපේ රටේ බිලියන ගණන් නෙමෙයි. අපේ රටේ තේරෙන්නේ මිලියන 400යි. විදේශ ආයෝජන.

ලෝකයේ අනෙක් රටවල් වල ආයෝජන ප්‍රවර්ධනය වන්නටත් අපේ රටේ ආයෝජනය පසුගාමී වන්නටත් හේතුව කුමක්ද? ආණ්ඩුව ප්‍රමුඛ ආයෝජන මණ්ඩලයේ අකර්මණ්‍යතාවය. ලොකුවට පඩි ටික නම් ගන්නවා. දීමනා ටික වේතන ටික, රෙගුලාසි උල්ලංඝනය කරලා පුද්ගලයින් බඳවා ගෙන මේ රටේ අහිංසක බදු ගෙවන්නන්ගේ සල්ලි සුරාකමින් ලොකු ලොකු තනතුරු වල සුවපහසුවෙන් සැපට ඉන්නවා. තමන්ගේ රාජකාරිය කැපවීම ක්‍රියාත්මක කළේ නැහැ. රටට ආයෝජන ආවේ නෑ. රට කර්මාන්ත ශාලා බිහි උනේ නෑ. ඒ කාර්යය පළුදු වුණා. මේක ප්‍රශ්න කරනකොට තමයි අර මහ ලොකු හයියක් ගත්තු ආයෝජන මණ්ඩලයේ සභාපති වරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය කියන්නේ එක්කෝ කෝප් එක සමාව ගන්න ඕන. නැත්නම් අපි ලෑස්ති නෑ ආයෝජන මණ්ඩලයේ සභාපති ධුර අධ්‍යක්ෂක ධුර දරන්න. ආයෝජන මණ්ඩල නෙමේ ඔය මොන මණ්ඩලයකට වත් පාර්ලිමේන්තුව හරහා නෛතිකව ක්‍රියාත්මක කරන, ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ඒ විගණන කටයුතු ඒ පරීක්ෂණ කටයුතු නතර කරන්නට. මන්ත්‍රීවරුන්ගේ කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ අයිතිය, වරප්‍රසාදය උල්ලංඝනය කරන්නට ඔය එක එක ආයතන වල සභාපති වරුන්ට වත් අධ්‍යක්ෂක මණ්ඩලයට වත් අයිතියක් නැහැ. මේ සැසිවාරය කල් දැම්මේ? කෝප් කමිටුව අහෝසි කරන්න. ඇයි කෝප් කමිටුව අහෝසි කරන්නේ? කෝප් කමිටුවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයෝ ටික සාමාජිකත්වයෙන් අයින් කරන්න. නැවත වරක් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වෙනකොට තමන්ට හිතැති සභාපතිවරයෙක් ප්‍රමුඛ සාමාජිකයෙක් කොට්ඨාසයක් දාලා ආණ්ඩුව කියන කියන පදයට නටන කමිටුවක් බිහි කරන්න.

මම මේ කියන කතාව වැරදියි කියලා ඔප්පු කරන්න පුලුවන්ද? ඒකට එක ක්‍රමයක් තියෙනවා. නැවතත් වරක් පාර්ලිමේන්තු සැසිවාරය නැවත හමු වෙනකොට මේ සභාපතිවරයා ම පත් කරන්න. අර හිටපු සාමාජිකයෝ ම පත් කරොත් අපිට පිළිගන්න පුළුවන් වැරදි අරමුණකින් නෙමෙයි සැසිවාරය කල් දැම්මේ කියලා. සැසිවාරය කල් දමන්නට පෙර කෙරුණු පරීක්ෂණ ඒ ආකාරයෙන්ම ඒ නවත්තපු තැනින් ම ඉදිරියට ගෙන යනවා නම් ඒ කරපු පරීක්ෂණ වාර්තා අහෝසි නොකොට ඉදිරියට ගෙන යනවා නම් එතකොට අපිට පුළුවන් කියන්න වරදක් සිදු වෙලා නැහැ කියලා. ඒ දේ සිදු වෙනකන් අපිට කියන්න සිද්ධ වෙනවා සැසිවාරය කරදැමීම තුළින් සිදු කෙරේ, කෝප් කමිටුව වැනි රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරකම් පරික්ෂා කරන ක්‍රියාදාමයට එල්ල කරපු මරු පහරක් හැටියයි.

මේ රට ගොඩගන්නට නම් රටක් හැටියට අපි ගොඩ එන්න ඕනි. විදේශ විනිම සංචිත වැඩි කරගන්න ඕනි. විදේශ විනිම සංචිත වැඩි කරන්නට විදේශ ආයෝජනය, විදේශ ආයෝජන ශක්තිමත් කරන්නට ඒකාබද්ධ ව්‍යාපෘති වලට අපි යන්නට ඕනී. හැබැයි ඒ තීන්දු තීරණ වලට ප්‍රවේශ වන ක්‍රියාදාමය විනිවිදභාවයෙන් යුක්ත වෙන්න ඕනි. එක විවෘත ක්‍රියාදාමයක් වෙන්නට ඕන. අර fortress ගනුදෙනුව වගේ හොර රහසේ කැබිනට්ටුවට කොලේ වහලා , හැමෝගෙම හංගල ගිවිසුම් ගහගෙන එහෙම ආයෝජන ප්‍රවර්ධනයකට අපේ රටේ ඉඩක් නැහැ. එවැනි ක්‍රියාදාමයන් නිසා බොහෝ දෙනා හැම ඒකාබද්ධ ව්‍යාපෘතියක් දිහාම බලන්නේ වපර ඇහෙන්. සැකෙන්. ඒව වැඩිය ඒ ගනුදෙනුව නිසා. ඒක කරපු හොර ගිවිසුම තුළ එන හැම යෝජනාවක ම බලන්නේ හොර වැඩක් කරනවා කියන පදනම තියාගෙන. මේකට විසඳුමක් තියෙනවා. මේකයි සමගි ජනබලවේගය විසඳුම. අපේ රටේ ක්‍රියාත්මක වන මහා පරිමාණයේ ආයෝජන ව්‍යාපෘති මධ්‍ය පරිමාණයේ කුඩා පරිමාණයේ ව්‍යාපෘතිය ඒකාබද්ධ ව්‍යාපෘති, මේ සියල්ලක්ම සර්ව පාක්ෂික පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවක් හරහා එය විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කරලා එන හැම ගිවිසුමක් ම මේ ඒකාබද්ධ සර්වපාක්ෂික මෙහෙයුම් කමිටුවට දාලා මේකයි අපේ ගිවිසුම, මේ හේතුව නිසා තමයි අපි වැඩ කටයුතු කරන්නේ. විවිධ කතා තියෙනවා සුළං විදුලි බලාගාර හදන්න. ඒ වගේම සූර්ය බලශක්ති බලාගාර හදන්න. බොහෝ දෙනෙක් කියනවා මේ හදන්නේ අපේ රටේ බොහොමය තුට්ටු දෙකට විකුණන්න. මේ ඉදිරිපත් වන යෝජනා අර සර්ව පාක්ෂික කමිටුවක් හරහා පරීක්ෂණයට ලක් වෙනවා නම් සුපරීක්ෂාවට ලක් වෙනවා නම් අධීක්ෂණයට ලක් වෙනවා නම්, හැමෝම දැනගන්නවා නම් මේ මොකක්ද කරන්නේ කියලා රහසේ ඩීල් ගහන්නේ නැතුව හොර රහසේ ගිවිසුම් ගහන්නේ නැතුව අන්න එතන තියෙනවා විනිවිද භාවය.

සමගි ජන බලවේගය ඇතුළු අනික සියලුම පක්ෂවල සාමාජිකයන්ට පුළුවන් යම්කිසි කාලසීමාවක් තුළ මේ ඉදිරිපත් කරන ආයෝජන යෝජනාව පරීක්ෂණයට භාජනය කළ ප්‍රශ්න කරලා කාල සීමාවක් ඇතුළත අවසන් කරන්න. එතකොට විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඇති වෙනවා මෙහෙම විනිවිද භාවයකින් යුක්ත වූ ක්‍රමවේදයකට ලක් වෙලා තමයි ඒ ආයෝජන සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වන ආයෝජන සැලසුම් වලට ආණ්ඩු වෙනස් වුණත් වෙනස් කරන්නට බැහැ. අර වගේ සර්ව සර්වපාක්ෂික මෙහෙයුම් කමිටුවකින් අනුමැතිය ලබපු නිසා. හැමෝගෙම එකඟතාවය ලැබුන නිසා. මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට පුළුවන්. කවුරුත් කියනවා නම් බැරිය කියලා එකම හේතුව හොරකමට තියෙන ආශාව. වංචාවට දූෂණයට තියෙන ආශාව. ඒ නිසා සමගි ජනබලවේගය හැටියට හැම ආයෝජන යෝජනාවක්ම මේ හැම ගිවිසුමක් ම මේ සර්ව සර්වපාක්ෂික මෙහෙයුම් කමිටුවට දාන්න. විවිධ භාවයෙන් යුක්තව විවෘතව,විවෘත සංවාදයකට ලක් කරල , යම්කිසි සීමාක් සහිත කාල සීමා වල එම යෝජනාවේ හර බැර , හොඳ නරක තක්සේරු කරන්නට ඕනේ. රහසේ ගිවිසුම් ගහලා , දෙන්නෙක් තුන්දෙනෙක් ගජමිතුරු සංකල්පය ක්‍රියාත්මක කරමින් මුළු කැබිනෙට්ටුවට ම කොලේ වහලා, ගිවිසුම් හංගගෙන , මැදියම් රාත්‍රියේඒ මොහොතේ ඉදිරිපත් කරමින්, අනුමත කරමින් ඒ මොහොතේම කැබිනට් සටහන් බවට පරිවර්තනය කරමින් එය හොර වැඩ ඔක්කොම නතර වෙනවා. සර්ව පාක්ෂික ආයෝජන මෙහෙයුම් කමිටුවක් හරහා පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවක් හරහා මේ සියළුම ආයෝජන යෝජනා පරීක්ෂණයට භාජනය වෙනවානම්. එතකොට හොර කමක් නෑ. කොමිස් මුදලක් නෑ. පගාවත් ගාවත් නෑ. රටේ ඉලක්කය සම්පූර්ණ වෙනව. ජනතාවගේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. ආයෝජන ඉලක්කයත් සම්පූර්ණ වෙනවා. විදේශ විනිම ප්‍රශ්නයටත් මධ්‍යකාලීනව, දීර්ඝකාලීනව එවගේම කෙටිකාලීනව විසඳුමක් ලැබෙනවා.

– media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress