ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ….!
Posted on December 18th, 2021

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC (Col)

ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ….!

(19යෙන් පත් වූ ඇමතිවරු 20න් ඉබේ පත් නොවන බවත් මේ වනවිට 20න් ඇමති මණ්ඩලයක් පත් කර නැති බවත් වලංගු ඇමති මණ්ඩලයක් නැති තැන සාමූහික වගකීමක් නැති බවත් මෙම ලිපියෙන් පෙන්වා දේ)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1.(3) වන වගන්තිය මෙන් විධිවිධානයක් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන්ට නැත. එනම් 19න් පත් වූ ඇමතිවරුන්ට 20න් ඇමතිවරු වීමට අන්තර්කාලීන විධිවිධානයක් ඇතුලත් කිරීමට 20 සංශෝධනය ක්‍රියා කර නැත.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53  ව්‍යවස්ථාව අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන් අලුතින් පත් විය යුතුය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ 58 වගන්තිය අනුව (අන්තර්කාලීන විධිවිධානය) වඩාත් පැහැදිලි වේ.]

ඒ අනුව 20 ට කතානායක සහතිකය තැබූ 2020.10.29 සිට දිව්රුම් දුන් ඇමති මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ නැත. එදා සිට රාජ්‍ය සේවයේ සිට කළ සියලු දේ නීති විරෝධීයි.

වත්මන් ඇමති මණ්ඩලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහනුවරදී 2020.08.12 දින පත් කළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  (2020.10.29 දින සිට)  අමාත්‍ය මණ්ඩලයක් පත් කර නැත…

(20 ක්‍රියාත්මක වීමෙන් පසු ඇමතිවරු කිහිප දෙනෙක් පමණක් පත් කර ඇත)

19 වන සංශෝධනයෙන් පත් වූ අමාත්‍ය මණ්ඩලයට 20 වන සංශෝධනයෙන් ඉබේම අමාත්‍යවරු වන අන්තර්කාලීන විධිවිධානයක් 20 වන සංශෝධනයේ ඇතුලත් කර නැත.

19 වන සංශෝධනය යටතේ පත් වූ ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට 20 වන සංශෝධනය යටතේ අඛණ්ඩව ධූර දැරිය හැකි බවට අන්තර්කාලීන විධානයක් 20 වන සංශෝධනයේ තිබේ.

එහෙත්  19 වන සංශෝධනය යටතේ පත් වූ අගමැතිට සහ ඇමති මණ්ඩලයට 20 වන සංශෝධනය යටතේ අඛණ්ඩව ධූර දැරිය හැකි බවට අන්තර්කාලීන විධානයක් 20 වන සංශෝධනයේ නැත.

ඉහත නීතිමය කරුණු සළකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව අනුව පත් කළ අමාත්‍ය මණ්ඩලයක්
2020.10.29 දින සිට ශ්‍රී ලංකාවේ නැත.

ඒ අනුව ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කිරීමට පෙර වලංගු ඇමති මණ්ඩලයක් 20 වන සංශෝධනයෙන් පසු පත් කර නොතිබීම මෙම ප්‍රශ්නයේ ගැඹුර පෙන්වයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress