Gas companies issued directions regarding domestic gas supply ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම් (වීඩියෝ)
Posted on December 19th, 2021

Courtesy Hiru News

State Ministry of Consumer Protection has directed the Consumer Affairs Authority to advise the Gas companies to supply domestic gas according to the Guidelines laid by the Court of Appeal, stated State Minister Lasantha Alagiyawanna. 

සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් හෙට සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30ක් සහ බියුටේන් අගය සියයට 70ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.

එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන මර්කැප්ටන් සංයුතිය ද සියයට 14ක් ලෙස ගෑස් සිලින්ඩර්වල පවතින බවද ලේකම්වරයා කියා සිටියා.

මෙරටට පැමිණි ගෑස් නෞකාවක මර්කැප්ටන් සංයුතිය නිසි පරිදි නොමැතිවීම නිසා ගොඩබෑමේ කටයුතු නතර කර තිබුණ ද පසුව එහි ගෑස් යළි ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කළා.

එලෙස ගොඩබෑමේ කටයුතු යළි ආරම්භ කරනු ලැබුවේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ මර්කැප්ටන් සංයුතිය එක් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම තවත් ගෑස් නෞකා දෙකක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඒවායේ ප්‍රමිතිය ද පරීක්ෂා කර ප්‍රොපේන්, බියුටේන් සහ මර්කැප්ටන් නිසි පරිදි පැවතියහොත් පමණක් එම ඒවාද ගොඩබෑමේ කටයුතු සඳහා අවසර ලබාදෙන බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ.

එමෙන්ම, අද උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 23ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය නොවැම්බර්  මස 1 වන දා සිට මේ දක්වා දින 49ක් තුළ දී ගෑස් ආශ්‍රිත සිදුවීම් 815ක් වාර්තා වී බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිදුවීම් සහ ගෑස් හිඟයත් සමග ජනතාව විකල්ප ක්‍රමයක් ලෙස භූමිතෙල් උඳුන් යොදා ගනිමින් ආහාර පිසීමේ කටයුතු සිදු කරනවා.  

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව චෝදනා කළේ අවශ්‍ය තරම් භූමිතෙල් නොමැති බවටයි. මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress