‘කපුටාස්’ කතාවේ කිසිම වරදක් නෑ.. ලංකාවට ගැලපෙන්නේ බැසිල්ගේ ඉංග‍්‍රීසි ක‍්‍රමයයි..- ආචාර්ය මහින්ද පතිරණ
Posted on February 18th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාවට ගැලපෙනම ඉංග්‍රීසි භාෂා ක්‍රමය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කරන ක්‍රමය බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට බොහෝ දෙනෙකු දේශීය භාෂාෙවන් ද ඇතැම් වචන යොදා ගන්නා බවද හෙතෙම පවසයි.

මේ ආකාරයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්නන් තමන් දැක ඇත්තේ දෙදෙනෙක් බවත් එක් අයෙක් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙක් බවත් අනෙක් පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් හෙතෙම පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ වීඩියෝවේ ඇති එකම ඉංග්‍රීසි වරදක් හෝ ඇතිනම් පෙන්වා දෙන ලෙස ද හෙතෙම අභියෝග කරයි.

ඔහු මේ අදහස් පල කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළකරමිනි.

****

බැසිල් රාජපක්ෂ මේ වීඩියෝවෙම crows කියල මුලින් කියල පස්සෙ කපුටාස් කියල තව තප්පර තුනකට විතර පස්සෙ කියනව. ඉංග්‍රීසි කතා කරනකොට මිනිස්සු ඕන තරම් සිංහල වචන, එහෙම නැත්නම් vernacular වචන භාවිත කරනව. එහෙම කරන්නෙ සංභාෂකයින් දෙන්නම vernacular එක දන්නව නම්. මෙතනත් එහෙමයි. අනික බැසිල් රාජපක්ෂ භාවිත කරන මේ ඉංග්‍රීසි ක්‍රමය තමා ලංකාවට ගැලපෙනම second language strategy එක. මේක භාවිතා කරන දෙන්නෙක් මම දැකල තියෙනව. එක්කෙනෙක් දැන් එක් විශ්වවිද්‍යාලයක උපකුලපති කෙනෙක්. ඔහුගේ කේෂ්ත්‍රය කෘෂි විද්‍යාව. මම දන්න විදියට international index journal වල පත්‍රිකා සිය ගණනක් තියෙන කෙනෙක්. මේ විද්වතා ඉතාම ප්‍රසිද්ධ doer කෙනෙක්. ප්‍රායෝගික වැඩකාරයෙක්. අනික් කෙනා තමා බැසිල්. ඔහුත් භාෂාව යොදා ගන්නෙ පණ්ඩිතමානිකම පෙන්නන්න නෙමෙයි, සංනිවේදනය කරන්න. ඔහුට භාෂාව tool එකක් විතරයි. ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීම අසාර්ථක වෙලා තියෙන්නෙ වෙන මොනවත් නිසා නෙමෙයි, භාෂාව සන්නිවේදන උපකරණයක් විදියට නොවී, එය පන්ති සංකේතයක් විදියට භාවිත කිරීම, එසේ කිරීමට ඉගැන්වීම. මට මතකයි නැසී ගිය කැළනියේ ඉංග්‍රීසි මහාචාර්ය මැණික් ගුණසේකර මේ ක්‍රමය ප්‍රචලිත කරන්න උත්සාහ කළා. හැබැයි ලංකාවේ විශ්වවිද්‍යාවල ඉංග්‍රීසි අධ්‍යනාංශවල ගොඩක් ම උත්සාහ කරන්නෙ සුද්දෝ හදන්නෙ. සුද්දො කියල අපි හිතාගෙන ඉන්න අය හදන්න. මොකද ඇත්ත සුද්දො කියන අය තරම් එදිනෙදා ජීවිතයේ දී අපි කියන කැඩිච්ච ඉංග්‍රීසි වෙන කවුරුත් භාවිතා කරන්නෙ නැ. උත්ප්‍රාසජනකම කාරණය කියන්නෙ බැසිල් කපුටාස් කිව්ව කියල උපහාසයට ලක් කරන්නෙ ජවිපෙට සම්බන්ධ ඔය දුයිෂෙන්ගෙ අඩවිය කියන පේජය. අනිත් උත්ප්‍රාසය තමා මේකට හිනාවෙන කිසිම කෙනෙකුට ඉංග්‍රීසි වාක්‍ය දෙකක් හරියට ගලප ගන්න බැහැ. ඔවුන් මේ වීඩියෝවෙත් දන්නෙ කපුටාස් විතරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress