මාධ්‍යවේදින්ට පහරදීම
Posted on February 21st, 2022

ජයන්ත ලියනගේ – ලේකම් සිංහලදීප ජාතික පෙරමුණ 

ප්‍රවෘත්ති කතෘතුමා,
මාධ්‍යවේදින්ට පහරදීම

හිරු රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදි චමුදිත් සමරවික්‍රම මහතාට පහරදීම අප හෙලා දකිමු. එහෙත් ඉන් ප්‍රයෝජනයක්වේ ද? මාධ්‍යවේදින්ට කලින් කලට මෙලෙස මෙවැනි ප්‍රහාර එල්ල වුව ද, සැමදාම සිදු වන්නේ එවැනි පහරදීම් සිදු කරන ලද දේශපාලන පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සහ විවිධ පාර්ශව හුදෙක් හෙලා දැකීම පමණි. ඉන් පසුව එවැනි සිදුවීම් සුපුරුදු පරිදි අමතකවී යයි. ඉන් සුළු කාලයකට පසු පවතින ආණ්ඩුව සිදු කරන්නේ ප්‍රහාරයට ලක් වු මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදින් හෝ පොදුවේ මාධ්‍යවේදින් සුපිරි හෝටලයකට කැ`දවා වැඩමුළු පවත්වා හොදට සප්පායම් කොට, සම්මාන ද ලබා දි නැවතත් මාධ්‍යවේදින් තමන් යටතට පත්වන පරිදි කටයුතු කිරීමයි. ජනතාවට සිදුවන්නේ ද එයමයි. ජනතාව සාමාන්‍ය කාලවල දි කොතරම් පීඩාවකට ලක් වුව ද, මැතිවරණ කාලවලදි ලබා දෙන සහනවලින් ජනතාව ඒවා සියල්ල අමතක කරයි. දේශපාලඥයන් මෙම යථාර්තය ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන න්‍යාය බවට පත් කොට ගෙන ඇත.

ඉහත ස`දහන් පහරදීම් සහ මාධ්‍යවේදින්ව ඝාතනය කිරීම් මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අළුත් අත්දැකීමක් නොවේ. එහෙත් එම තත්වයේ කිසිදු වෙනසත් අද ද සිදුව නැත. ඉදිරියේ දි මාධ්‍යවේදින්ව ඝාතනය නොවේ යයි සිතිය හැකි ද? අප දකින ආකාරයට මෙලෙස මාධ්‍යවේදින් මුහුණ දෙන පහරදීම්වලට සහ ඝාතනවලට 100% ක්ම වගකිව යුත්තේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්මයි.

වර්ෂ 1988 -1989 යන කාලවකවානුව තුළ දි ප්‍රේමකිර්ති ද අල්විස් වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන්ගේ නායකයන්ය. මාධ්‍යවේදින් පමණක් නොව පුවත්පත් අලෙවිකරුවන් හා පත්තරකරුවන් ද ඝාතනයේ කිරීමේ සංස්කෘතිය ආරම්භ කරන ලද්දේ ජ වි පෙයි. එලෙසම වර්ෂ 1990 – 1993 යන කාලයේ දි රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ වත්මන් සජබේ ප්‍රධාන නායකයාගේ පියාය. එලෙසම ලසන්ත වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ වත්මන් නායකයන්ගේ පෙර පාලන සමයේදිය. චන්දි්‍රකාගේ කාලයේදීත් මාධ්‍යවේදින් ඝාතනයට හෝ පහරකෑමට ලක්ව ඇත. ජයවර්ධන හා සිරිමාවෝගේ කාලවකවානුව තුළ දි ඒ ඒ කාලයට සුදුසු පරිදි මධ්‍ය මර්දනය සිදුවිය.

මාධ්‍යවේදින්ට අද ඒවා සියල්ල අමතකව ගොස් ඇත. එලෙස මාධ්‍යවේදින්ට එරෙහිව කටයුතු කරන ලද දේශපාලඥයන්ගේ කි්‍රයාකාරකම් මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අමතක කළ හැකි නම් චමුදිත්ට පහරදීම ද මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අමතක වනු ද නිසැකය. තව ද චමුදිත්ගේ නිවසට පහර දුන් පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙන් අනාගතයේ දි මාධ්‍යවේදින්ට පහරදීම නතරවේ යයි සිතුවොත් එය මාධ්‍යවේදින්ගේ සිහිනයක්ම පමණි. යම් හෙයකින් යෝජිත තුන් වන ත්‍රස්ත කැරැල්ලේ දි ජ වි පෙ රාජ්‍ය බලය ලබා ගතහොත් එදින මාධ්‍යවේදින් විශාල සංඛ්‍යවක් ඝාතනයට ලක්වනු ද නිසැකය. රටින් පැන ගිය මාධ්‍යවේදින් ද නිහඩව නොසිටියහොත් ඔවුන්ව ද පිටරටවලදී පවා ඝාතනය වනු ඇත. සියළු පෞද්ගලික මාධ්‍ය ආයතන වසා දමා පොල්පොට් ට වඩා භායානක පාලනයක් බිහිවනු ඇත. සජබේ චෞරපුත්‍රයා බලයට ලබා ගතහොත් ඔහුගේ පියාට නොදෙවෙනි මාධ්‍ය මර්දන පාලනයක් බිහිවනු ඇත. අබලි යකඩකාරයාට ද යම් බලයක් ලැබුනහොත් තත්වය ද නරක වනු අත. වෙල්විදානේගේ තත්වය ද ඉතාම දරුණු වනු ඇත. ඒ අනුව මාධ්‍යවේදින්ගේ සහ මාධ්‍ය ආයතනවල අනාගතය එතරම් සුබදායක නොවේ. දැන් මාධ්‍ය කළ යුත්තේ අනාගතයට ගැලෙපෙන සටන් පාඨයක් දැන්ම සාදා ගැනීමයි. zමරුවා සමග වාසයZ යන පාඨය කෙසේද? වසර 74ක මෙම මාධ්‍ය මර්දනය පමණක් නොව සමස්ත රටම අද පවතින අගාධයට හෙලිමේ පාපයේ ප්‍රධාන චූදිතයන් පැවති සහ පවතින ආණ්ඩුවල දේශපාලඥයන් වුව ද එකී දේශපාලඥයන්ව දිවිහිමියෙන් ආරක්ෂා කරන මුර දේවතාවන් වන්නේ මෙරට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ය.

අද ප්‍රධාන මාධ්‍ය ආයතනවල ගුවන් කාලය වැඩියෙන්ම වෙන් වන්නේ මධ්‍යවේදීන්ගේ මරුවන්ගේ දේශපාලන පක්ෂවලටය. වසර 74 ක දේශපාලන සංස්කෘතිය වෙනස්වීමට ඉඩ නොදි දුෂිත, ඝාතන සංස්කෘතියම ආරක්ෂා කරන්නේ ආණ්ඩුව සහ විපක්ෂය ආරක්ෂා කරන මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතනමය. සටන, තුලාව, තීරණය, බලය, හාර්ඩ් ටොක් ආදි වැඩසටහන්වලට කැදවන්නේ ද ඉහත සදහන් මධ්‍යයේ මරුවන්ගේ සගයන්ය. වසර 74 ක ව්‍යජ දේශපාලන සංස්කෘතිය ශාස්ති්‍රය විවාද මගින් වෙනස් කිරීමට උත්සහ කරන දේශපාලන පක්ෂවලට කිසිදු ඉඩක් වත්මන් මාධ්‍ය ආයතනවල නැත. මධ්‍යවේදීන් පක්ෂයක් ලෙස මැතිවරණවලට තරග කරන්නේ ද නැත. ජනතාවට අද අත්‍යවශ්‍යම දේශපාලන විකල්පයක් ලබාදීමට උත්සහ කරන පක්ෂවලට ඉහත මාධ්‍ය වැඩසටහන්වල ඉඩක් නැත. ප්‍රධාන පක්ෂවල වෙන්දේසිවාදය, ජ වි පෙ මිනිමරුවාදය, කොටින්ගේ ඛෙදුම්වාදය, මුස්ලිම් ආගමික ව්‍යප්තවාදය ආදි මතවාදයන්, මතවාදීව පරාජය කිරීමට හැකි දේශපාලන පක්ෂවලට ඉඩ ලබාදීමෙන් පමණයි වසර 74ක දුර්දාන්ත දේශපාලනයේ වෙනසක් සිදු කල හැකි වන්නේ. මධ්‍යවේදීන්ට දේව ආරක්ෂාව ලැබේවාෟ

ජයන්ත ලියනගේ – ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress