3/2016 (iv) චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ
Posted on February 21st, 2022

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

අධ්‍යාපන ලේකම්

මහාචාර්ය කේ. කපිල .සී.කේ. පෙරේරා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අධ්‍යාපන ලේකම්තුමනි,

03/2016 (iv)
චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ

ඉහත චක්‍ර ලේඛනය පරිදි නිකුත්කරන ලද ඔබතුමාගේ ED/02/29/02/02/27 ලිපිය පරිදි පරිවේණාචාර්යවරුන්ට හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා උපකෘත පාසල් ආචාර්යවරුන් වෙත ද වැටුප් සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

02.
ඉහත උපදෙස් එසේ වුවත් පෙබරවාරී මසටද වැටුප් සකස් නොකරන ලද අවස්ථා රාශියක් අප සංගමයට වාර්තාවෙයි,

03.
තවද ජනවාරි මස හිඟ වැටුප බොහෝ පරිවේණාචාර්යවරුන්ට සකසා නැති අතර පෙබරවාරි මස වැටුප පමණක් ගෙවා ඇත,

04.
එකම පරිවේණස්ථානයේ සමාන තත්වයේ සිටින ගුරුවරුන්ගෙන් සමහර අයට වැටුප් සැකසී තවත් සමහරෙකුට සකස් නොවී ඇත,

05.
මෙකී දුර්වලතා ඉවත්කර මාර්තු මස වැටුප නිවැරදිව ලබාදෙන ලෙස (සියලූ හිඟ වැටුප් සහිතව) අවශ්‍ය උපදෙස් කඩිනමින් කාලප කාර්යාල වෙත නිකුත්කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
මීගහජඳුරේ සීලානන්ද හිමි
ලේකම්
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය.

පිටපත්:-
01.
අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි – දැ.ගැ.ස. හා අ.ක.ස
02.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා – දැ.ගැ.ස. හා අ.ක.ස
03.
අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්.එච්. හරිස්චන්‍ද්‍ර මහතා – දැ.ගැ.ස. හා අ.ක.ස
04.
අතිරේක ලේකම් (ආයතන) පී.කේ.එස්. සුබෝදිනී – දැ.ගැ.ස. හා අ.ක.ස
05.
සියලූ ජනමාධ්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress