කැබිනට් සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ කෙරවලපිටිය තීරණය ආවරණය කරයි
Posted on March 5th, 2022

ජයන්ත හේරත්

කෙරවළපිටිය තාප

විදුලි බලාගාරයේ

40% කොටස්

අමෙරිකානු සමාගමකට

විකිණීම සම්බන්දව

ගොනු කල මූලික අයිතිවාසිකම්

නඩු පහ

ශ්‍රේෂ්ඨාධිකරණය

ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට

නොගොසින්

ජන මතයක්

ඒ වෙලාවේම 

හැදුවා නම්

හොඳය යි දැන් සිතේ.

තැටිය

රත් වූ

වෙලාවට

රොටිය තිබ්බේ නැත.

ආණ්ඩුවට

විරුද්දව

කෙරවලපිටිය ඉස්සරහට දමා

දැන්

ජන මත විචාරයක්

දිනන්නට බැරිය. 

තියෙන දේවල් 

හෝ

නැති දේවල් හෝ

විකුණා ගෙන කෑම

මිලදී ගෙන කෑම 

නරක දෙයක් නොවේ.

අමෙරිකානුන්

කියන තරම් 

Ugly ත් නැත.

අමෙරිකාවත්

අපි වගේ

ඉංග්‍රීසින්ගේ 

colony යක් ව තිබූ

රටකි.

අපේ

වටිනාම සම්පත

අපේ මිනිස් සම්පතය..

අපේ

මිනිස් ශ්‍රමය

පිට රට වලට

යවා

විකුණා කෑම

කාලයක

සිට කෙරී ගෙන එන දෙයකි.

මැද පෙරදිග රටවලට

අපේ මිනිසුන්

ගැහැනුන්

යවා

නිපදවා එවන

ඩොලර් වල

කොහේ සිට

මොනවා කර හම්බ කළා දැයි

සඳහනක් නැත.

ඒ ඩොලර්

දී මිලට ගන්නා

අති සුඛෝපභෝගී

වාහන වල

සුපර් highway වල නැගී

අති ධාවනකාරී ලෙස යාමට

අපේ

පක්ෂ

විපක්ෂ

දේශපාලකයින්ට ඇත්තේ

පුදුම ආසාවකි

නොසන්සිඳෙන ආසාවකි.

අපේ

ආර්ථික සශ්රීකතාවයේ 

ආකෘති  මිරිඟුව   

හැදී ඇත්තේ

විකුණන් කෑමෙනි.

අම්මා හෝ

විකුණන් කෑමෙනි.

ලංකාවේ

ආර්ථික අර්බුදයෙන්

ගොඩ ඒමට නම්

මේ

අසීමිත ආසාවන් 

නැති කර ගත යුතුය

හෝ

අර පිරිමස්ම

පුරුදු පුහුණු කර

practice කල  යුතුය.

සැපයුමේ තරමට ඉල්ලුම විය යුතුය. 

එසේ නැත්නම්

ඉල්ලුමේ තරමට

විදුලිය 

සපයන්නට නම්

සූර්ය සුලං පුනර්ජනනීය ක්‍රම මෙන්ම    

න්‍යෂ්ටික බල ශක්‌ති යෙන්ද  

නිෂ්පාදනය කර

බලාගාර හදා වැඩි මිලට 

විකිණිය යුතුය.

අප විකිණිය යුත්තේ

උගත්

වැඩි වටිනාකමින් යුතු

අගය එකතු කළ

මිනිස් ශ්‍රමය

ව්‍යාපාර

මහා පරිමානයෙන්ය.

දේශපාලන පක්ෂ

රඳා පවතින්නේ මිනිස්සුන්ගේ

නූගත් කම

සහ 

දුප්පත් කම මතය.

ධනවත්

උගත්

ඉහල

පැලැන්තිය

ආණ්ඩු සපයන 

සමාජ සුභ සාදන

ආර්ථික ලාභ ප්‍රයෝජන මත රඳා නැත.

ඔවුන් independant ය.

ආණ්ඩු

උගතුන් බිහි කිරීම

අත පසු කිරීමට හේතු

පැහැදිලිව පෙනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress