යුක්රේනයේ NATO බිල බිලියන් 13 ඇමෙරිකාව ගෙවයි. ඒකට මට හිනා හිනා
Posted on March 10th, 2022

ජයන්ත හේරත්

ස්පයිසි ෆූඩ් කටට සැරය

උයද්දි හැමතැන විහිදෙන්නේ ප්රණීත රමණීය සුවඳය

අනුභව කරද්දි රස නහර පිනා යන්නේය

ඇහෙන් කඳුළු වැක්කෙරෙන්නේය 

නාහෙන් දියර ගලන්නේය

සමහරුන්ට ඉහින් මුනින් දහඩිය ගලන්නේය

තවත් සමහරුන්ගේ මුහුණු, කන් රතුපාට වෙන්නේය

කෝකියන්ට හිනා යන්නේය

රස විඳින්නා ඉතා සතුටින් රස ලබන්නේය.

Wasabi

ඉඟුරු

තුනියට කැපූ

අමු Salmon Tuna මාළු

සමඟ ඉස්තරම්ය,

කද්දි Wasabi  සැර

කෙලින්ම දැනේනේ මොලයටය

එතකොට දෙය්යන් මතක් වෙන්නේය.

ජපානයේ ගිය අලුත

රෙස්ටොරන්ට්  එකකදි

ස්පයිසි ෆූඩ්

නොමිලේ කන්න ලැබුනේය,

ජපන් Chef ලා

හිනා පහල කලේ 

අපි කිසි ගානක් නැතුව

මිරිස්, ගම්මිරිස් Spices  කන හැටි දැකලාය.

විකටයෝ

නරඹන්නෝ

හිනස්සවන

ගමන් හිනාවෙන්නෝය,

අපට කිසි රසයක් නැති විහිළු වලට

හිනා යන්නේ නැතිය

ඒත්

උන් හිනා වෙන නිසා 

අපද ඔහේ හිනහ වෙන වෙලාවල් ඇත 

තවත් සමහරු අඬ අඬා

හිනහ වෙන්නෝය.

යුක්රේනයේ

Zelensky

Comedian ය.

විකට ශිල්පියෙකි 

එහෙමත් නැත්නම්

ජෝකර් කෙනෙකි

කාලයක් තිස්සේ

යුක්රෙනුවන්

හිනහ ගස්සවා

ජනාධිපති මැතිවරණයට

ඉදිරිපත් වී

එරටේ ජනාධිපති වීමේ වරම

එක පයින් ලබා ගත්තේය

Reagan වගේ

නළුවෝත් 

කලාතුරකින්

ජනාධිපතිලා වෙති.

Jackie Chun  ලා

joker + fighter + actor ලාය. 

දැන්

Zelensky

හිනාවෙන්නේ

අමෙරිකානුවන් හා යුරෝපියයන්

දෙස බලාය,

ඇමෙරිකානු යුරෝපියානු පොකැට්ටු වලට

හීන් නූලෙන්

විද්ද සතුටට

ඔහුට

නිකමුත් මුඛයෙන් හිනා යන්නේය.

අපේ

බස්වල pick pocket කාරයෝද 

මේ වාගේය.

යුක්රේනයට

ප්රජාතන්ත්රවාදය

සහ

NATO

ලබා දීමට

දුප්පත් ඇමෙරිකන්කාරයට ද

දායක වෙන්නට වෙලාය,

ඒ බිලද ගෙවන්නේ දුප්පත් එකා ය.

13 Billion ය.

මේවා දැකල මටත් හිනාය.

මේ වන විට

ලක්ෂ ගණනක්

යුක්රෙනුවන්

ඉන්න හිටින්න නැතිව 

අවතැන්ව දුක් විඳින්නෝය

දැන්

ඇමෙරිකාවේත්

උද්ධමනයය 

තෙල්,

ගෑස් මිල

බඩු  මිල

ඉහල ගොසින්ය.

කෙසේ නමුත්,

මේ යුද්ධයෙන්

එක හොඳක් සිදුව තිබේය

Venezuela වලටය.

මේ තාක් කාලයක්

උතුරු ඇමෙරිකාව,

දකුණු ඇමෙරිකා රටවල්

ගණන් ගත්තේ නැත,

සතයකට මායිම් කලේ නැත

දැන්

උතුරු ඇමෙරිකාව

ගෑස් නිසා

Venezuela ව

සොයා දුවන්නට පටන් ගත්තේය.

Sanction කැලේය.

ඉරානයටත් දීප්තිමත් කාලයක් වගෙය. 

මේවා අහල මටත්  හිනාය.

අද

Noise Generators වලින්

තොරතුරු ගලා එන්නේ

වක්කඩ කැඩුවාටත් වඩා වේගයෙන්ය

අන්තර්ජාල

TV

කරන්නේ

සීමා විරහිතව

පුවත් සැපයීමය.

මනස අවුල් කර ගන්නට

මේ තොරතුරු ප්රමාණවත්ය,

අනවශ්ය තොතුරු දා ගැනීම

කිසිසේත්ම සෞඛ්ය සම්පන්න නැත

මනස අසනීප කර ගන්නට හොඳ නැත

හිතට

විසබීජ එකතු කර ගෙන

මානසික රෝගීන් විය යුතු නැත

වතුරට

ලුණු එකතු කල විට

ලුණු වතුරය,

මනසට

විස එකතු කල විට

මනස විස වේය. 

එකම තැන කැරකෙන විට

කැරකිල්ල හැදේය

Merry Go Round ය.

මින් මිදීමට

චක්රය කැඩිය යුතුවන්නේය.

විදුලි කප්පාදුව ආවේ

හොඳ කාලයටයයි

මට හිතේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress