වැඩබිමට අවශ්‍ය දැනුම සහිත ශිල්පීන් අධ්‍යාපනික ආයතනවලින් බිහි නොවීම විශාල ගැටලුවක්.
Posted on March 15th, 2022
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
වැඩබිමට අවශ්‍ය දැනුම සහිත ශිල්පීන් අධ්‍යාපනික ආයතනවලින් බිහි නොවීම විශාල ගැටලුවක්. ඒ නිසාම අප අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ වෘත්තීය පුහුණුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ක්ෂේත්‍ර පුහුණුව වැඩි වශයෙන් ලබා දීමට අපි කටයුතු කරනවා.”
වැඩබිමට අවශ්‍ය දැනුම සහිත ශිල්පීන් අධ්‍යාපනික ආයතනවලින් බිහි නොවීම විශාල ගැටලුවක්. ඒ නිසාම අප අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ වෘත්තීය පුහුණුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ක්ෂේත්‍ර පුහුණුව වැඩි වශයෙන් ලබා දීමට අපි කටයුතු කරනවා.” නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය විසින් පවසන ලදී.
රාජ්‍ය අමාත්‍යතුමිය මේ බව පැවසුවේ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (14) Leema සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ සිදු කෙරිණු අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සතු පහළ යාගොඩ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ දැව තාක්ෂණ ශිල්පී පාඨමාලාව දියුණු තාක්ෂණය සහිතව වැඩි දියුණු කර, එහි අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් යාවත්කාලීන පුහුණුවක් සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමේ අරමුණින් දැව නිමැවුම් භාවිත කර ගෘහ නිර්මාණ සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් ලෙස ඉහළ කීර්ති නාමයක් දිනාගත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Leema සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී.
ඒ අනුව ‘දැව තාක්ෂණ ශිල්පී (ගෘහ භාණ්ඩ)’ පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සියලු දෙනා ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුවෙන් පසුව Leema සමාගමේ ස්ථීර රැකියාලාභීන් බවට පත්වේ.
මෙහි දී Leema සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා විසින් රචිත ‘ලී වැඩ ප්‍රායෝගික පාඨමාලා’ නම් වූ පොත එළිදැක්වූ අතර එය රාජ්‍ය අමාත්‍යතුමිය වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා, උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, Leema සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා, කලමනාකරණ අධ්‍යක්ෂක ශමික විජේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය