නොරිටාකේ ඉහළ කළමනාකාරීත්වය අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
Posted on March 29th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (29) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

සමාගමේ විධායක උපදේශක සිරිනිමල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ටී.සී තෙන්නකෝන්, අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර මහත්ම මහත්මීහු මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.

නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම මේ දක්වා ලබා ඇති ව්‍යාපාරික ප්‍රගතිය පිළිබඳව ඔවුහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

ජපානයේ නොරිටාකේ සමූහ ව්‍යාපාරය සහ සිලෝන් සෙරමික් කෝපරේෂන් අතර හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම ආරම්භ වූයේ 1972 වසරේ දීය. එතැන් පටන් ශ්‍රී ලංකාවේ පුරෝගාමී පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් බවට නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම පත්ව තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress