ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානම් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on April 13th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.

මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress