ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (1 කොටස)
Posted on April 19th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

අප්‍රේල් 9 දා සිට ගතවන දිනයක් පාසා ගෝල්පේස් වනාන්තරයෙන් එලියට පනිණ කරුණක් නම්, එය රටේ <රීසනබල්> මිනිසුන් හැම දෙනාම විසින් අවිවාදයෙන් පිළිගන්නා රට තුල <සිස්ටම් චේන්ජ්> උදෙසා කරණ අරගලයක් නොව, 2005 ජනාධිපති මැතිවරණයේ සිටම usa, uk, eu, india, canada, australia, unhrc බටහිර ඒජන්සිය යන ආයතන (පාලන තන්ත්‍ර, ආණ්ඩූ) විසින් ලෝකල් කළුසුද්දන් හරහා මෙහෙයවන <රෙජීම් චේන්ජ්> ඩොලර් ව්‍යාපාරයේම දිගුවක් බවය. 2010 දී සරත් ෆොන්සේකාගේ චන්දයටද ඇමෙරිකන් ඩොලර් පොම්ප කල බව එලිවිය. 2015 දී යහපාලන මෛත්‍රී සිරිසේන බලයට ගෙන ඒමට මිසිස් චන්ද්‍රිකා, මංගල සමරවීරලාට ඩොලර් දුන් ආකාරය ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් විසින්ම පසුව අනාවරණය කරණ ලදී.

2019 දී රටේ සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙමින් රටේ හැමතැනම තාප්පවල, බිත්තිවල චිත්‍ර ඇන්ඳ, පුරන් කුඹුරු අස්වැද්දූ, තරුණයින් 2022 දී සිය බලාපොරොත්තු සුන්වීම ගැන අරගල කරනවා නම් එය කරන්නේ කොළඹ නොව චිත්‍ර ඇන්ඳ ගම් වලමය. ඔවුන් මන්ත්‍රී නිවාසවලට ගල් ගසන්නේද නැත. රටේ හැමතැනම සිස්ටම් චේන්ජ් සඳහා අරගල කරනවා වෙනුවට, ගෝල්පේස් පිටියට ඔවුන්ව දක්කාගෙන ආවේ කවුද? උදාහරණයක් වශයෙන් රාසමානික්කම් කොළුගැටයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අරගලය නොකඩවාම බස්නාහිර පලාතේ කරගෙන යායුතුය යනුවෙනි. සුනිල් හඳුන්නෙත්තිට කියවුනේ ඔවුන් අරගලයට සහාය දෙන බවය. කොළඹ ජනගහනයෙන් සියේට  හැටකට වඩා මුස්ලිම් හා දමිළ ජනයාය.ඉතිරි අයගෙන් සෑහෙන කොටසක් ඉතාමත් දුගී පැල්පත්වාසී එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙසෙන අයය. තවත් බොහෝ පිරිසක් කොළඹ හතේ නොවුනත් එසේ සිතන අය හා යන්තම් ජාම් බේරාගෙන තට්ටු නිවාසවල ඒ.සී. නැතත් විදුලි පංකා දමා ගෙන ඉන්නා පිරිස්ය. සිංහල ක්‍රිස්තියානීන්ට අමතරව තවත් සුළු කොටසක් වත් ඕ මයි ගෝඩ් බෞද්ධයින්ය. මොවුන්ට අවශ්‍ය සිස්ටම් චෙන්ජ් නොව රෙජීම් චේන්ජ්ය. 

සිස්ටම් චේන්ජ් වෙනුවට රෙජීම් චේන්ජ් හරහා රට කැබලි කිරීමේ ව්‍යාපාරය

මෙම කාරණය තර්කාණුකූලව හා යුක්තිසහගත (රීසනබල්) ලෙස විමසා බැලිය හැකි තවත් විධියක් නම් මෙහි පහතින් ඇති ආකාරයට රටේ ජනයා වර්ග කිරීමය. ගෝල්පේස් පිටියට එන-යන පංචස්කන්ධ ඉහත සඳහන් වර්ගීකරණය අනුව බෙදිය හැකිද?  (මෙම ලැයිස්තුවට ngo ඩොලර් ඒජන්තලා ඇතුලත් කර නැත; ගෝල්පේස් ජවනිකාව දැකබලා ගැනීමට එන පිරිස්ද සිටින බව මේ පිළිඹද අළුත්ම ආරංචියය!)

A-1.සිංහල බෞද්ධ

A-1-1.බුදු අම්මෝ බෞද්ධ

A-1-2.ඕ මයි ගොඩ් බෞද්ධ

A-2.සිංහල ක්‍රිස්තියානි

A-3.සිංහල බෞද්ධ මාක්ස්වාදී

A.4.සිංහල ක්‍රිස්තියානි මාක්ස්වාදී

B-1.දෙමළ හින්දු

B-2.දෙමළ ක්‍රිස්තියානි

B-3.දෙමළ හින්දු මාක්ස්වාදී

B-4.දෙමළ ක්‍රිස්තියානි මාක්ස්වාදී

B-5.පහත් කුලවලට අයත්සේ සළකණ පීඩිත දමිළ ජනයා

C-1.මුස්ලිම් පාරම්පරික

C-2.මුස්ලිම් ශාරියා අරාබි

C-3.ඉස්ලාම් ආගම අත්හල මුස්ලිමුන්

1551 දී දොන් ජුවන් ධර්මපාල රජවීමේ සිට ආරම්භවුණ ක්‍රිස්තියානි කළු සුද්දන් ගේ බෝවීමත් සමඟ, සුද්දන් විසින් 1815 දී සිට හා ඉන් පසු 1948 දී සිට දිගටම ගෙන යන <කළු සුද්දන්ගේ පාලන ක්‍රමය> නමැති සිස්ටම් එක චේන්ජ් කිරීම ඉහත සඳහන් A-1 කොටස ප්‍රාර්ථනා කරණ දේය. කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (1-9, 2014 ඔක්තෝබර්) නියෝජිත ප්‍රජා-තන්ත්‍ර වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු (1-5, 2020 මාර්තු) යන මාතෘකා යටතේ මේ පිළිඹඳව මාවිසින් ලියූ ලිපි මාලාවක් ලංකාවෙබ් වෙබ් අඩවියේ පළකර තිබේ. මේ නිසා ගෝල්පේස් පිටියේ එන්ජිම එම A-1 පිරිසේ අය නම් එය මේ තරුණයින් විසින් රටට කරණ මහඟු සේවයකි. නමුත් එය අරාබි වසන්තයක් කර ලිබියාවට හෝ ඉරාකයට අත්වූ ඉරණමට ලංකාව ගොදුරු කර දීමේ කූඨ ප්ලෑනක් නම් එය ගෝල්පේස් වනාන්තරයක්/කාන්තාරයක් වන්නේය.

නමුත් අවාසනාවකට මේ තරුණයින්ව ඔවුන් නොදැනම  සිංහල බෞද්ධ විරෝධී දුෂ්ඨයින් රැළක් විසින් රවටා ඇති බවක් පෙනේ. මෙහිදී මට මතක් වන්නේ 1971 දෙසැම්බර් මාසයේ ජේවීපී කැරළිකරුවන්ගේ ශාක්ෂි සටහන් කිරීම සඳහා සිරිමාවෝ ආණ්ඩුව විසින් යොදාගත් සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් එක් අයෙක් වශයෙන් මට ලැබුණ අත්දැකීමය. අවංකවම ඊට සහභාගීවූ තරුණ-තරුණියන් සටනින් මියගියේය. බොහෝ නායකයින් සැඟවී බේරුණේය. ගෝල්පේස් ජරමරය ගැන දිනපතා එලිවන කාරණා අනුව සිදුවන්නේ කුමක්ද?

මෙය සිංහලයාට, සිංහල බෞද්ධයාට, ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල රැක ගැනීම මූලිකවූ සෙසු ජනවර්ගවලට සාධාරණය ඉටුකිරීමේ අහිංසක තරුණ අරගලයක් නම් ඊට හොට දමන්නට තතණන අය දෙස බලන්න. පස් වතාවක්ම සියදිවි නසා ගැනීමට තැත්කල අයෙක්වූ සන්නස්ගල මෙන්ම සේපාල් අමරසිංහ සාටකය සමඟ චීවරයද පටලවා ඇත. දළදා මාළිගාවේ හා කතරගම පින්කැට රාජසන්තක කරන්නට මේ අවස්ථාව ඔවුන් යොදාගෙන ඇත. පල්ලිවල සල්ලි ගැන ඔවුන් නිහඬය. ඕස්ට්‍රේලියාවට පැනගිය සුදත්ත තිලකසිරි සිවුර පතුරු ගසමින්, පර්ත් නගරය විඩියෝ කරමින් සිටී. ශ්‍රී සද්ධර්මය ගැන කියනා නාගානන්ද කොඩිතුවක්කු, ඒ ධර්මය ලොවට රැකදුන් හාමුදුරුවරුන්ට අපහාස කරමින් සිටී. බ්‍රදර් චාල්ස් ඔහුගේ නියම ස්වරූපය එලි කරමින් සිටී. ඔහුගේ නියම ස්වරූපය එලි කරමින් සිටී. ඔහු B-2 ට වැටේ. අභිෂේකා ප්‍රනාන්දු ඇගේ slvlog ගුරුවරයා වන දර්ශන හඳුන්ගොඩ අනුව සිතුවොත් ජේවීපි ඇස්දෙකක් සහිතය. ජේවීපී කට්ටියට පොදුවේ මාක්ස්වාදීන් වශයෙන් ආගමක් හෝ ජාතියක් අදාල නැත. සිංහල බෞද්ධයින් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් බෙදන, යම් මරණ භයකදී ඉබේටම බුදු අම්මෝ යැයි කටින් පනින හෝ ඕ මයිගෝඩ් යයි කියැවෙන යනුවෙන් දෙකොටසකි.

මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ යයි 2005 ට පෙර සිට දිගටම බෙරිහන් දුන් කී දෙනෙක් දැන් මේ තරුණ අරගලය තුලට රිංගා ගෙන සිටිනවාද? ඉහතින් කල  ජාති-ආගම්-භාෂා වර්ගීකරණයකට මා පෙළඹුණේ ගෝල්පේස් පිට්ටනිය<සිංහල-දමිල-මුස්ලිම් එකතුවක්> ලෙස එහි අය විසින් පුන පුනාම ප්‍රකාශකරණ නිසාය. මොවුන් උප්පැන්න සහතිකයේ ජාතිය සිංහල වෙනුවට <ශ්‍රී ලාංකික> යයි දමන්නට හදන හා මව් භාෂාව වෙනුවට ඉංගිරිස් වලට ආපසු යායුතුයයි කියන අය විය යුතුය. මොවුන්ගේ මේ ජාතික සමඟි කතාව කෙතරම් අන්ධ මිථ්‍යාවක්ද යන්න මේ වේලාවේ පෙඩරල් හරහා ඊළම් සුරුට්ටු පත්තු කර ගන්නට එලිපිටම පාර්ලිමේන්තුවේ කතාකරණ ඒබ්‍රහම් සුමන්තිරන්, රාසමාණික්කම් කොල්ලා හා පොන්නම්බලම් යන ගොයියන් විසින් පැහැදිලිකරදී ඇත. ගෝල්පේස් සටන <නිර්පාක්ෂික> යයි කියන කතාවට ටිල්වින් සිල්වා හා පෙරටුගාමි නායක දුමින්ද නාගමුව පිළිතුරු දී ඇත. සිරස ටීවී කාරයින් විසින් දිගින් දිගටම කියන්නේත් මහජන උද්ගෝෂණ නිර්පාක්ෂිකය යන සිංදුවමය. ඒසේ යලි යලිත් කීමෙන්ම ඒවා නිර්පාක්ෂික යයි කීමට සිරසකාරයින්ට කිසියම් යටි අරමුණක් නොතිබේද යන සැකයක් මතුවේ.

<ජාතික සමඟිය>, < නිර්පාක්ෂික අරගලය> යන මුලාවීම් දෙකට අමතරව රන්ජන් රාමනායක සමඟ ඉස්සරහ හා පස්ස පැත්ත ගැන කල කතාව පාර්ලිමේන්තුවේදී යලි එලිකල හිරුණිකා අම්මන්ඩී (සිහිවිකල්ව මෙන් ඕස්ට්‍රේලියාවේ සිට දොඩවන සුදත්ත තිලකසිරිගේ යකඩ ගැහැණිය) <චීවරධාරීන්> මේ අරගලයට හතුරුකම් කරණවා යයි කියා සිටී. මෙය සන්නස්ගලගේ දළදා මාලිගාවේ හා කතරගම දේවාලයේ පින්කැට ජනසතු කිරීමේ යෝජනාවේ අනිත් පැත්තය. මේ අනුව ගෝල්පේස් පිටියට වඩින අය මෙන්ම සිවුරු උස්සාගෙන පොලිස් කදුළු ගෑස් නාන අය සිල්වත්  හාමුදුරුවරු වන අතර ගෝල්පේස් ජරමරයට විරුද්ධ අය <චීවරධාරීන්ය>.

රටේ භූගෝල විද්‍යාව හා ඉතිහාසය නොදන්නා කමින්, චන්ද ප්‍රකාශණයේත් අවුරුදු දහයක් තුල කරනවා යයි සඳහන් කර තිබූ පෝර ප්‍රශ්ණයක් මතුකර ගැනීම නිසා ලෝක ඉතිහාසයේ වෙන කිසිම රටක සිදු නොවූ ආකරයේ ගොවි ජනතා විරෝධවලට අහිංසක, වෙන යටි දේශපාලන අරමුණු නැති, පිරිස් සහභාගී  වුණ බව නිසැකය. එසේ නමුත් මෙහි යටින් රට කැබලි කිරීමේ ව්‍යාපාරය සඳහා ක්‍රියාකරණ දේශීය හා විදේශීය ඩොලර් බලවේග සිටිනා බව ගොවියන්වත්, තරුණයින්වත් දන්නේද නැත.

රටේ අගමැතිලා, ජනාධිපතිලාගේ වංක භාවය ආරම්භ වන්නේ ඩී.එස්. සේනානායකගෙන් ඔහු රටේ අගමැතිවීමට කලින් සිටමය. මේ නිසා මහින්ද රාජපක්ෂගෙන්ද ලෝභ-ද්වේෂ-මෝහයෙන් තොර පංචස්කන්ධයක් බලාපොරොත්තු විය නොහැකිය. රුවන්වැලි මහාසැය අභියසදී ගොඨාභය දිවුරුම් දෙන අවස්ථාවේදී චමල් විසින් ඔහුට කුරක්කන් සාටකයක් දැමූවිට ඔහු එය වහාම ගලවා දැම්මේය. එසේ වුවත් භගවත් ගීතාවේ එන අර්ජුන කෙනෙක් වීම ගෝඨාභයට කළ නොහැකි දෙයක් විය. රාජපක්ෂ දේශපාලකයින්, රාජපක්ෂ නිලධාරියාව හිරකාරයෙක් කලේය. හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න යයි කීමෙන් 69 ලක්ෂයක් බලාපොරොත්තු වූ දේ ගඟට කැපූ ඉණිමෙන් ගලා ගියේය. වෙනත් රටට ද්‍රෝහී දේශීය හා විදේශීය බලවේග රිංගා ගෙන සිටියත් නැතත්, රටේ තරුණ පිරිසේ නැගී සිටීම, මීට පෙර වෙනත් කිසිම ජනාධිපති කෙනෙකුට නොලැබුණ සෙකන්ඩ් චාන්ස් එකක් <දේශපාලන හොරෙක්> නොවන ගෝඨභයට ලඟාකර දීමය. ඔහුගේ අළුත්ම ප්‍රකාශණයෙන් එලිවන්නේ තරුණ අරගලය වෙස්වළාගත් භාග්‍යයක්සේ ඔහු විසින් සළකණ බවය.

මීට කලින් පැවති තිස් අවුරුදු යුද්ධය දිණන්න පුළුවන් යයි කී එකම ඉහළ රාජ්‍ය නිලධාරියාවූයේ ඔහුය. යස්මෑන්ලාගෙන් බේරී මේ දෙවන යුද්ධයට ඔහුට මුහුණ දීමට හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress