පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකළ නොහැක්කේ මන්ද? .
Posted on April 21st, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

උත්තරීතර ස්වභාව ධර්මය තුල සාධාරණය හා අසාධාරණය දෙකරුනම අඩංගුව පවතී. විටෙක සාධාරණය ඉස්මතුවෙන අතර තවත් විටෙක අසාධාරණය ඉස්මතුව දිදුලන බවක් අපි දකිමු. මේ ලොවෙයි අගනා දර්ශනයන් රාශියක් ග්‍රන්තාරුදව ඇති අතර, මේ ග්‍රන්ථ අතර ඇති තවත් වටිනා ග්‍රන්ථයක් වන්නේ බයිබලයයි. මේ වටිනා ග්‍රන්ථය පරිශීලනය කිරීම තුලින් උගත හැකි පාඩම් සංඛ්‍යාව මෙතෙකැයි කියා නිම කල නොහැක. බයිබලය කියන්නේද අනිකුත් දර්ශනයන් මෙන්ම වරක් කියවා ඉවත දැමිය හැකි කෘතියක් නොවේ. එය නැවත නැවත කියවීම තුලින්, මිනිස් මනස තුල සිදුවෙන චින්තන පරිවර්තනය අතිවිශාලය. එවැනි තත්වයකට පත්වූ මිනිසාට මෙරට මිට වසර තුනකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණත්වය ඉටුකරන මෙන් ඉල්ලා සිටින ඉල්ලීම තුල ඇති හිස්භාවය පැහැදිලිව දර්ශනය වේ
ජිවිතයක ආරම්භයක් හා අවසානයක්ද ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සම්බන්ධව කරුණු දැනගත් හෙරෝද් රජු, උන්වහන්සේව ළදරු අවදියේදීම ඝාතනය කිරීමේ අරමුණෙන්, බෙත්ලෙහෙම අවට සිටි අවුරුදු 2කට අඩු සියලුම ළදරුවන් ඝාතනය කරවන ලදී. ඝාතකයා කවුදැයි සියල්ලෝම දැන සිටියහ. නමුත් කිසිවෙක් ඒ ඝාතකයාට දඬුවම් දීමට ඉදිරිපත් නොවිණි. නමුත් ඔහුට ස්වභාවය විසින් දඩුවම් කල බවක් පසක් වන්නේ,යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ළදරු අවදියේදීම හෙරෝද් මියගිය බව සඳහන්ව ඇති බැවිණි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කුරුසයට තබා ඇණ ගැසීමට මුලිකව කටයුතු කලේද එදා දේව මාලිගාව ආශ්‍රිතව කටයුතුකළ ප්‍රධාන පුජකයින්ය. එදා පුජකයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිර්දෝෂී පුද්ගලයෙක් බව දන දැනම, ඔහු වැරදි කාරයෙක් කිරීමට බොරු සාක්ෂි නිර්මාණය කල ආකාරය, අපිට යලි සිහියට නැගෙන්නේ, වර්තමාන අගරදගුරු රන්ජිත් මැල්කම් පියතුමා, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති, ගෝඨාභය රාජපක්ෂ් බලයට එම සඳහා මේ ප්‍රහාරය සැලසුම කලාදෝයි යන සැකය ඇති බව සියුම් ලෙස කතෝලික ප්‍රජාවගේ සිත් තුලට කාවැද්දීම තුලිනි. මේ පාස්කු ප්‍රහාරය සිදුවෙන මොහොතේ ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති වශයෙන් තරංග වැඩිම සඳහා කිසිවෙක් නම්කර නොසිටි පුද්ගලයෙකි.

එදා  නිර්දෝෂී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කුරුසයට තබා එන ගසා සතුටුවූ ඒ පුජක පරපුරේ තත්වයට අගරදගුරු රන්ජිත් මැල්කම් පියතුමා ගරා නොවැටිය යුතුය. ඒ එදා ලේ විලක් බවට පත්වීමට ඉඩතිබු මේ රට එසේ නොවීමට වගබලා ගත්  ගෞරවනීය පුද්ගලයාද වන්නේ, අගරදගුරු, රන්ජිත් මැල්කම් පියතුමා විසින් ඉවසිලි වන්තව කතෝලික ජන සමාජය තුලවූ ශෝකය හා කෝපය ඉතා සංයමයකින් හැසිරවීම හේතු කොටගෙනය.

එදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඝාතනයට වග කිවයුතු කිසිවෙකුට දඩුවමක් නොලැබිණි. ඒ ඝාතනය 2019 මහා සිකුරාදා සමරා,උට්ඨනයේ, ප්‍රීතිය බුක්ති ව්දීමට සුදානම්වූ කිතුනුවන් රාශියක් ඝාතනය වීම හා තවත් පිරිසක් තුවාල ලබා මේ වෙනතුරු කායික හා මානසික පිඩාවන්ට ලක්ව සිටීම ඉතාම කනගාටු දායකය. මේ මිනිසුන්ව කිසිවෙකුගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත.

අපි පළමුව තේරුම්ගත යුත්තේ මේ රටතුල නීති ගරුක හෝ යුක්තිගරුක සමාජයක් නැති බවයි. එවැනි සමාජයකින්, මේ වින්දිතයන් වෙනුවෙන් අපේක්ෂාකරන සාධාරණත්වය ඉටු නොවන බව සියල්ලන්ම තේරුම්ගත යුතුය. එවැනි සමාජයක් නැති නිසා එවැනි සමාජයක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන අප වර්තමාන ජනාධිපතිතුමාව බලයට පත්කර ගනු ලැබුවද, වඳ පිදුණ කෙසෙල් ගසක් මෙන්වූ මේ රාජ්‍ය යාන්ත්‍රනය භාවිතා කොට ඒ කාර්ය ඉටු කිරීමට එතුමාටද නොහැකිය. ඒ මේ රාජ්‍යයේ නිලධාරීන්ට මුදල් වෙනුවෙන් කල නොහැක්කක් නොමැති බැවිනි. හාස්‍යට කරුණ වන්නේ,මේ වනවිට පාස්කු ප්‍රහාරයට වගකිව යුතු රජය කළවුන් කතෝලික පල්ලිය සමග එකතුව Go Gota go home කියනවිට මෙරට ජනතාවට ඇතිවෙන අප්‍රසන්නතාවයයි. එදා ක්‍රිස්තුස්වහන්සේ සැරිසැරුව සමාජයම මෙහි නිරුපනය වෙන බවක් අපට දැනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress