ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද? ජනාධිපති ධූරය අත්හැරියාට පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි…
Posted on April 24th, 2022

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද?

ජනාධිපති ධූරය අත්හැරියාට පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි…

1) තෙල්, ගෑස් පෝලින්….විදුලිය කප්පාදුව නතර වීම සහ බඩු මිල අඩුවීම.
2) රටට ඩොලර් ගැලීම වේගවත් වීම.
3) බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය රාජ්‍යයේ ප්‍රධානියා විසින් දැරීම.
4) රාජ්‍ය දේපල සහ ආයතන විකිණීම, බදු දීම නැවතීම.
5) නීතියේ පාලනය තහවුරු වීම.
6)බලවතා විසින් දුබලයා පෙළීම නතර වීම.
7) 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීම.
8) ඒකීය යන්න ස්ථාවර වී ෆෙඩරල්, සන්ධීය යන්න සාකච්ඡාවට නොගැනීම.
9) දේශීය නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම.
10)නීතිය සිංහල භාෂාවෙන් ඉගෙනීමට නැවත අවස්ථාව ලැබීම..(2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අධිකරණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලබා දීම තහනම් කර ඇත)

ජනාධිපතිවරයා ධූරය අත් හැරීමෙන් පසු ඉහත කාරණා සි‍ඳුවෙනවාද? නැද්ද?යන්න බලා ඉන්න ආසයි.

ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress