සෘතුමය ඉන්ෆ්ලූඑන්සාව කොවිඞ් බවට රූපාන්තරණය වී තිබේ ද,?ලොක් ඩවුන් කිරීම්වලට පදනම් කරගනු ලබන්නේ දෝෂ සහිත පීසීආර් පරීක්‍ෂණ, වැදගැම්මකට නැති දත්ත හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද?
Posted on April 24th, 2022

ධරණි රාජසිංහම් සේනානායක විසිනි

කොවිඞ්-19 ලොව තවත් බොහෝ ප‍්‍රදේශ වල දේශපාලන වම සහ දකුණ අතර වෙනස්කම් නො පැහැදිලි තත්වයට පත් කර තිබේ. සාමාන්‍යයෙන් අයිතිවාසිකම් හා නිදහස ගැන උනන්දුවක් දක්වන සංවිධාන, සංගම් හා දේශපාලන පක්‍ෂ- ඒවා කම්කරු, සුළුතර ජන කොටස්, කාන්තා සංවිධාන විය හැකිය- දැන් වඩ වඩාත් සංචරණ සීමාවන්, මිලිටරීකරණය කරන ලද සෞඛ්‍ය පද්ධතීන්, බලාත්කාරි එන්නත්කරණය සමාජය හා ආර්ථිකය ඩිජිටලීකරණයට ලක් කිරීම හා දැඩි සුපරික්ෂාකාරිත්වය වඩ වඩාත්  ඕනෑකමින් භාර ගනිමින් ඒවා ප‍්‍රවර්ධනය කිරීමට ක‍්‍රියා කරමින් සිටිති. යාම්ඊම් හා රැස්වීම් සඳහා පුරවැසියන්ට පවතින නිදහස හා එන්නත් ලබා නො ගෙන සිටීමට පවතින අයිතිය සීමා කිරීම, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් සාමුහික යහපත සැලසීමේ හා වසංගතය වැළැක්වීමේ නාමයෙන් වඩ වඩාත් උත්කර්ෂයට නංවනු ලබයි. ඒ අතර එන්නත්වල වාසි හා අවාසි සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ඇති අවශ්‍යතාව හා එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට එන්නත පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නො සලකා හරිනු ලබයි.

https://www.lankaweb.com/news/items17/COVID%2019%20PDF.pdf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress