විමල්, ගම්මන්පිල හා වාසු මේ දැන් සිදුකල යුත්තේ කුමක්ද?
Posted on April 26th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රට විනාශකාරී තත්වයකට ඇද දමා ඇත. මේ විනාශයට වගකිව යුත්තේ, වසර 74ක් මේ රට පාලනය කල දේශපාලකයින්  නොව 2015 සිට 2019 නොවැම්බර් මාසය දක්වා මේ රට පාලනය කල රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයයි.ඔවුන්ගේ රජය පැමිණි විගස රටේ  ව්‍යාපෘති නවතා දමා ඉතිරිකරගත් මුදලත්, බැදුම්කර වංචාව තුලින් රැස්කරගත් මුදලත්, හම්බන්තොට වරාය ඇතුළුව රාජ්‍ය දේපල විකුණා ගත මුදලත්, ඉතිහාසයේ ලබාගත් විශාලම ණය කන්දරාව නිසා ලද මුදලත්, අතුරුදන් කිරීම හේතුවෙන් නිර්මාණය වූ මේ අර්බුදය, ඉන්පසු බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂයන් විසින්,නිසිලෙස හඳුනා නොගැනීම නිසාත්, රාජ්‍ය නිලධාරින් විසින් නිසි කලට නිසි ලෙස මෙහි සත්‍යතාවය ඉස්මතුකර නොපෙන්වීම හේතුවෙනුත්, සැඟව තිබී මතුවුවකි.

පළමුව කල යුත්තේ, පසුගිය රජය,
1. සංවර්ධන ක්‍රියාවලිය වසර දෙකකට නවතා ඉතිරිකරගත් මුදල් සම්බන්ධව විගණනයක් සිදු කිරීමට වෙනම කණ්ඩායමකට පැවරීමයි.
2.අධික බදු පනවා රැස්කරගත් ඒ මුදල් සම්බන්ධව විගණනයක් වෙනත් කණ්ඩායමක් විසින් සිදු කිරීමයි.
4.රාජ්‍ය දේපල විකුණා ගත් මුදල් නිසි ලෙස මෙරට භාණ්ඩාගාරයට ලැබුනාද යන්නත් ඒවාට සිදුකල දේ කුමක්ද යන්නත් විගණනය කිරීමට තවත් කණ්ඩායමක පැවරීමයි.
5.මේ ගත්තු ඉතිහාසයේ විශාලම ණය කන්දරාව මෙරට භාණ්ඩාගාරයට ලැබුනාද? ඒවා ලැබුන දින හා වකවානු මොනවාද ඒවාට සිදුකල දේවල් මොනවාදැයි විගණනය කර බැලීමට විශේෂිත කමිටුවක් පත් කිරීමයි.

සිදු නොවුන වැදගත්ම දෙය, මෙය වූ අතර, මේ විනාශය සිදුකල එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මෙවැන්නක් සිදුවෙවියයි සිතා, පාර්ලිමේන්තුවට පැමිණීමට තිබු සියලුම අවස්තාවන් මග හරිමින්, කල් ගත කළහ. නමුත් කොවිඩ් වසංගතය හා මේ කාර්යයේ වැදගත්කම තේරුම් නොගත් ජනාධිපතිතුමා, ඔහුගේ අපේක්ෂිත ඉලක්කයන් කරා ගමන් කරමින් සිටියහ.

නමුත් යහපාලනය මේ රටට සිදුකල විනාශයේ තරම ප්‍රබල බැවින්ද එය නිසි ලෙස කළමනාකරණය නොකළ බැවින්ද එම අර්බුදයේ සියලුම වගකීම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයට එරෙහිව ගොනුකිරීමට සියලුම යහපාලන නියෝජිතයින් කටයුතු කළහ.

අර්බුදය ඉස්මතුවෙන්න ආසන්න කාලයේදී පාර්ලිමේන්තුවට පැමිණි, මේ අර්බුදයේ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවට පැමිණිදා සිට කතාකලේ එකම මාතෘකාවකි. එනම් අපි මේ අර්බුදය විසදා ගැනීමට IMF යා යුතු බවයි. ඔහු මේ මන්තරයක් සේ පුන පුනා කීමට වගබලා ගත්තේය. එහි පලයක් වශයෙන් ඔහු අපේක්ෂා කල ආකාරයටම, රජය IMF සහය ලබා ගැනීමේ දිසාවට තල්ලු කිරීමට ඔහු දක්ෂ විය. එපමණක්ද නොව අර්ජුන මහේන්ද්රන්ගෙන් පසු රනිල් විසින්ම මහා බැංකු අධිපතිකම ලබාදුන් මහත්මයාව යලිත් කැදවාගෙන රජයට ආර්ථික උපදෙස් දෙන තත්වයේ ධුරයක් ලබාදීමට තරම් ඔහු දක්ෂවිය. දැන් අර්බුදයෙහි නිර්මාතෘවරයා අර්බුදය විසදන්නාගේ භූමිකාව රඟ දක්වන අතර,ඔහු රජයට හිතවත්ව රට වෙනුවෙන් ක්‍රියා කරන්නාගේ භූමිකාව අපුරුවට රඟ දක්වමින් සිටි. රටේ ප්‍රධාන හතුරා මේ ආකාරයට රජය හා සන්ධානගතව සිටින විට  යහපාලන නියමුවෝ ඉතාම සුක්ෂම ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට එරෙහි සටන අඛණ්ඩව තම ස්වාමියාවූ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපදෙස් ප්‍රකාරව සිදුකරමින් සිටි.

දැන් ජනාධිපතිවරයාට සියකටයුතු කිරීමට ඇති කාර්යාලයවූ ජනාධිපති ලේඛම් කාර්යාලයට යා නොහැක. මොක්කු හෝ මිනිසුම් කණ්ඩායමක් එසේ කිරීම නිත්‍යානුකුල කටයුත්තක් සේ පෙන්වන අධිකරණය හා බැඳුන නීති විශාරද පරපුරක් සිටින බැවින්, මෙහිදී ජනාධිපතිතුමාද අන්ද මඳව සිටින බවක් අපට දිස්වේ. මෙය නීති විරෝධී ක්‍රියාවලියකි. මෙය නවතාලිය යුතු කාරයකි. නමුත් මෙය දේශීය හා විදේශීය ප්‍රතිගාමීත්වය විසින් මනාව සංවිධානය කරමින් පෝෂණය කරමින් සිටි.

මුළු මහත් ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය මැදිහත්වී ක්‍රම ක්‍රමයෙන්, පවතින රජය හිරකර තම ග්‍රහණයට ගන්නා අතරේ; ඒ බව නොතේරෙන පුදගලයින් සේ විමල් විරවංශ මහතාත්, උදය ගම්මන්පිල මහතා හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් මේ පවතින තත්වයන් තුලින් අලුත් ගමනක් යාමට වෙර දරයි. මෙතන ඇත්තේ ඉතා සංකිර්නාවූ දේශපාලන ගැටයකි. මේ ගැටය අනවබෝධයෙන් ලිහන්න යාමෙන් මුළු රටම යලිත් වරක් මුළු මනින්ම සතුරාගේ තුරුලට වැටෙන්න හැකියාවක් පැහැදිලිවම දිස්වේ.,එබැවින් මේ ත්‍රිත්වය කටයුතු කල යුත්තේ ඉතා බුද්ධිමත්වය. මේ ත්‍රිත්වයට මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඉලක්කයන් ජය ගැනීමට ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය ඉඩ ලබා නොදෙන බව තේරුම් ගෙන මොනම් හේතුවක් නිසාවත්,මේ රජයට එරෙහිව යහපාලන නාඩය සමග සන්ධානගත නොවිය යුතුය. මෙය දේශපාලන සත්‍යකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress