ගිනි පති ධම්මදින්න ගේ ගින්න
Posted on July 10th, 2022
ජයන්ත හේරත්
ගේ දොර දේපල
ගිනි තබන හමුදාවේ
ගිනි පති ධම්මදින්න ය.
හනුමන්තා වගේය
සුපිරි ගෙයක් දොරක්
වාහනයක්
පේන්නට බැරිය
ගිනි තියන්නේය.
මී ලඟට පත් වන
ආණ්ඩුවේ
ගෙවල් හා දේපල ගිනි තබන
අමාත්‍යංශයේ
ඇමැටි
ධම්මදින්න ය.
සිවුරට ඇති ගරුත්වය
කෙලසන මෙවැනි පුද්ගලයින්
සාසනයෙන් නෙරපා හැරිය යුතුය,
සිවුරක් ඇඟ ලූ පමණින්
යමෙක් ගරුතර වෙන්නේ නැත.
පූජනීය වෙන්නේ නැත.
අවිජ්ජාවෙන්
ඉරිසියාවෙන්
ක්‍රෝධයෙන් හා
මානයෙන්
ගිනි ගෙන දැවෙන
මෙවැන්නන්
සාසනය දුෂණය කරන්නට
හිතාමතාම
යොදවා ඇති බවද
මතක් කර ගත යුතුය.
බොහොමයක් මිනිස්සු
ගෙවල් දොරවල්
හදා ගන්නේ
ඉතා වෙහෙස මහන්සියෙනි,
ඒවා ගොඩ නැගුවේ
100%ක්ම හොරා කෑ සල්ලිවලින් ද නැද්ද
100% ක්ම දාඩිය මහන්සියෙන්ද නැද්ද
යන්න
ප්‍රශ්නයක් කර ගත යුතු නැත.
හැම කෙනාම
කන්නේ හොරාය.
කාගේවත් දේපලක් විනාශ කිරීම
වීරකමක් නොවේය.
රනිල් ගේ
පුද්ගලික නිවහනට
ගිනි තැබීම
කිසිසේත්ම සිදු නොවිය යුත්තකි,
එය රාජකීය විද්‍යාලයට
පවරා දෙන්නට තිබු
ගෙයක් ලෙස දක්වා ඇත
පාසල් දරුවන් දහස් ගණනක්
ඉන් ප්‍රයෝජන
ගන්නට නියමිතව තිබුනේය.
මෙවන් ගෙවල් හා යාන වාහන
අත පය දිග ඇර
රක්ෂණය කර ඇති නිසා
කවදා හෝ ඒවා ගෙවන්නට
වන්නේද
රටේ බදු ගෙවන්නන්ටය.
මේවායේ ආදීනව
කොහෙන් හෝ කැරකි වදින්නේත්
දුප්පතා ගේ බඩටමය.
ගිනිතැබීමේ පුරෝගාමීන් වූ
1971 සිට
රටේ වැඩි ගණනක්
ලංගම බස් ඇතුළු දේපල විනාශ කල
තරුණ පරම්පරා නොමග යවා විනාස කල
ලොක්කන්ට හා
උන්ගේ හෙන්චයියන්ට
මේ බව තේරුම් ගන්නට තරම්
කලඳක මොලයක් නැත.
ඇද වැටුණු මිනිස්සු
අළු මතින් නැගිටින්නේය.
ඇද වැටුණු රටවල් ද එහෙමය.
අළු මතින් නොවැරදිවම නැගිටින්නේය.
කාලයක් ගත වුනත් නැගිටින එක
සක්කරයාට වත්
නවත්තන්නට බැරිය.