මංමුලාවූ අරගලය
Posted on July 10th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

අරගලය විසින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති පන්නා දමා, ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේඛම් කාර්යාලය අත්පත්කරගෙන ඇත. ව්යාවස්තාවට පටහැනිව රටේ ජනාධිපතිව පන්නා දැමීම තුලින් බිද වැටෙන්නේ, ව්‍යාවස්තාවේ ආධිපත්‍යයි. ඒ අනුව තවදුරටත් මෙරට වලංගු ව්‍යාවස්තාව අවලන්ගුවූ ලියවිල්ලක් බවට පත්වී හමාරය. නීතියක් හෝ නීතියේ ඇතයි කියන ආධිපත්‍ය තවදුරටත් මේ බිම තුල වලංගු නැත. කොටින්ම කිවහොත් මේ රට තුල මේවන විට රජයක් නැත.

තිබුන රජය බිඳ වට්ටවනු ලැබුවේ, ජුලි මස 9 වෙනිදා ක්‍රියාත්මකවූ අරගලය හා එහි ක්‍රියාකාරී අරගලකරුවන් විසිනි. ජනාධිපති මන්දිරය හා එහි ක්‍රියාකාරී මධ්‍යස්ථානය වන ජනාධිපති ලේඛම් කාර්යාලය අල්ලා ගත් අරගලකරුවන් විසින් දැන් සිදුකල යුතු ප්‍රධාන කාර්යවන්නේ,වහා වහා ක්‍රියාත්මකවී ඒවායින් රටට සිදුවෙන කාර්යභාරය අධීක්ෂණ කරමින් සිදුකරගෙන යාම හා තමන් අත්පත්කරගත් රට පාලනය කිරීම සඳහා ජාතික සැලැස්මක් පිලියල කිරීමට මෙරට විද්වතුන්ව ජනාධිපති මන්දිරයට කැඳවා එය රට ගොඩනැගීමේ මුලස්ථානය බවට පත් කිරීමයි.

අර්බුදකාරී රට ගොඩගැනීම සඳහා පෙරට ආ අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයට  ඇතුළුවීමත් සමග තමන් ආ කාර්ය අමතකව ගොස් එය තුල ඇති සම්පත්වලින් ලබාගත හැකි ඉහලම සතුට විඳිමින් සිටින බවක් මුළු රටම දකිමින් සිටි. මේ වනවිට මේ අරගලකරුවන්ව ඔවුන්ව මෙහෙයවූ මහමොලකරුවන් විසින් ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේඛම් කාර්යාලය තුල අතරමංකර ඇත. ඔවුන්ව එසේ අතරමංකර, තවම රටතුල රජයක් පවතිනවා, එයට බලයක් තිබෙනවා වැනි බොරුවක් නිර්මාණය කර,ඔවුන්ගේ අවශ්‍යතාවයන් පමණක් ඉටුකරගන්නා මෙහෙයවුමක් සිදුවෙමින් පවතී. මෙය රටේ සිටින සියලුම පුරවැසියන් අවබෝධකරගතයුතු සත්‍යකි. මේ අරගලකරුව මෙහි කොටුකර තබාගෙන මේ සිදුකරන දේශපාලන සුදුව වහාම නවතා දැමිය යුතුය. ඒ සඳහා අරගලය තුලින්ම රටම පිළිගත් නායකයෙකු ඉස්මතුකොට ගත යුතුය. ඔහු ජනාධිපති මන්දිරයක අගය හා එහි තුල විසිය යුතු ආකාරය සම්බන්ධව අවබෝධයක් ඇති පරිනත නායකයෙකු විය යුතුය. මේ වනවිට ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ, ලොවම පිළිගත්, රටම හඳුනන, මෙරට අවුරුදු 30ක ශාපය දුරුකිරීමට දායකවූ 2010 ජනාධිපතිවරණයේදී තරංග වැදුන සරත් ෆොන්සේකා මහතාව හෝ තෝරාගෙන ඉදිරිගමන ඉක්මන්කොට නව විධායකයක්, ව්යාවස්තාදායකයක්, හා නව අධිකරණයක් නිර්මාණය කොට අලුත්ම අලුත් සිස්ටම් එකක රටට වහ වහා ඉදිරිපත් කොට රට ඉදිරියට ගෙනයාම ආරම්භකළ යුතුය. පවතී රජයේ එකද කණුවක් හෝ නව රජය ගොඩනැංවීම සඳහා යොදා නොගත යුතු අතර, මේ සත්‍ය,විශ්වයටම පොදුවූ ධර්මතාවයකි. එසේ නොකොළොත් සිදුවන්නේ, පැරිස් කොමියුනයට සිදුවුණ ඉතිහාසගත පාඩම ඒ ආකාරයෙන්ම ශ්‍රී ලාංකික අරගලකරුවන්ටද උරුමවිමයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress