කැබිනට් මණ්ඩලයට රැස්වෙන්න තැනක් නෑ.. කොළඹ හෝටලයක රැස්වේ..
Posted on July 16th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පලමු කැබිනට් රැස්වීම ඊයේ දිනයේ රැස් වී තිබේ.

එම කැබිනට් මණ්ඩලය රැස් වී ඇත්තේ කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි හෝටලයක දී ය.

ඊට හේතුව වී ඇත්තේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මේ වන විට එහි පරීක්ෂණ කටයුතු සහ පිලිසකර කටයුතු සිදුකරමින් පැවතීමයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීම කොළඹ වාලුකාරාමයේදී සිදු කිරීමටද මෙම හේතුව බලපා තිබිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress