පුස්තකාල මිලියන 22
Posted on July 25th, 2022

ජයන්ත හේරත්

’60 සිරිමාවෝ ආවාය

පත්තරකාරයෝ

පහර පිට පහර

දිගට හරහට

දුන්නෝය.

පස්සර අමරානන්දගේත්

හුළං ගියේය.

ආණ්ඩුව

පැරදුනේය 

පලා ගියේය.

’65 ආවේ ඩඩ්ලිය

53 එපාවී

60 ඕනවී

60 එපාවූ ඩඩ්ලිය.

’70 දි

පත්තර කාරයෝ

සිරිමා-දිශානතිය ට

භ්රමණය විය

දින්නේ සිරිමා ය.

’77 ජේ ආර් දින්නේය

පත්තරකාරයන්ගේ වැඩය.

පත්තර කාරයෝ

හොඳ වැඩ කාරයෝය

හොඳට නරකට දෙකට

කට නෙවේය පත්තරමය!

ලංකාවේ ආණ්ඩු

එන්නේය

ජනතාව

ෆේල් කරන්නේය.

ආණ්ඩුව යන්නේය

අලුත් පරණ ආණ්ඩුව

නව වෙස් මුහුණුවරකින් 

එන්නේය.

අවුරුදු කීපෙකින්

පරණ ආණ්ඩුව

නැවත  එන්නේය

ෆේල් වෙන්නේය

ආපහු යන්නේය.

පාස් වෙන්නේය

හොඳට ආපහු

හැරී බලන සඳ..

මේ කිසිම ආණ්ඩුවක්

අසාර්ථකමත් නැත.

ජනතාව නට්ටටම

ෆේල් කරලත් නැත.

Cumulative effect එක

සමුච්චිත බලපෑම

ධනාත්මක ය.

Positive ය.

’58

පටන් ගත්

C P de Silva ගේ

මහවැලි යෝජනා ක්රමය

තවමත්

නොනැවතී

ගලා බසින්නේය.

අතරමැදදී

ජාල විදුලියත්

දෙන්නේය.

කුඹුරුවලට

ගොවීන්ට

වතුරත් දෙන්නේය.

ලංකාවේ 100% ක්ම

විදුලිය සංධි කර තිබෙය.

මිලියන 22 ටම

මදි නොකියා ඇත්තේ

ස්මාර්ට් ෆෝන් ය.

Galaxy 22ය.

Google Pixel 6ය.

iPhone 13 ය.

ස්මාර්ට් ෆෝන් එක

අලුත් දෙයියන්නාන්සේ ය. 

පුස්තකාල ය.

මිලියන 22 ය.

jvp npp කුරුටුගාමී

ස්මාර්ට් ෆෝ න් 

පාවිච්චි කරන්නේ

හනුමන්තගේ

වැඩටය

ගිනි තියන්නය.

ලංකා ගිනි-අවුලුවන්නන්ගේ සංගම්

නැති කලේ

පුස්තකාල 2ක් ය.

එකක් තිබුනේ යාපනේය. 

අනෙක කුරුඳු වත්තේය, රනිල් ගේය.

ගිනි වැලකීම

හා

ගිනි නිවීම හොඳය,

ගිනි තැබීම වැරදිය

රටටම පාඩුය.

ගොවියා දිනවපු,

වී මෝල්කරුවන් පාලනය කෙරුණු

වී අලෙවි මණ්ඩලය,

ඩීල්කාරයන් හා එකතුව

ජේ ආර්

’77 දි 

වසා දැම්මේය.

66

ඩඩ්ලි ගේ

ගොවි හමුදාව

උපන් ගෙයිම මළේය.

ගොවියා

පොහොර සහනාධාර

ආණ්ඩුවෙන් ගෙන,

පුද්ගලික මෝල්කාරයාට

වැඩි මිලට

වී ටික දෙන්නේ

ආණ්ඩුවට දීමෙන්

ලැබෙන ගාන අඩු නිසාය.

මාරම ඩීල් ය!

ගොවියා පරාදය

මෝල් මාපියාව දිනුම්ය.

ආපහු හැරී බලන සඳ..

නැවත

වී අලෙවි මණ්ඩලයක්

ගොවි හමුදාවක්‌ 

ස්ථාපිත කලොත්

හොඳය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress