මේ අවස්ථාවේදි මහ මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නැත
Posted on August 22nd, 2022

අචාර්ය සුදත් ගුණසේකර 22.8.2022 මහනුවර.

රට හෝ ජනතාව ගැන අබමල් රේණුවක හෝ ආදරයක් ඇති එසේම සිහිමොළයක් ඇති කිසිම දේශපලනඥකු මේ අවස්ථාවෙ මැතිවරණයක් ගැන සිතන්නේ නැත.

මේ රටේ අද පවතින කඩා වැටුණු ආර්ථිකය, සමාජ අසහනය හා අවුළ් සහගත තත්වය යටතේ මැතිවරණයක් ඉල්ලා උද්ගෝෂන වල යෙදීම රට තවත් අවුල් කිරීමක් පමණි.

කුහක දේශපාලකයිනි, ඔබ තුල රටට හා ජනතාවට අබමල් රේණුවක පමණ හෝ ආදරයක් තිබේනම් ඔබ ක්‍රියාකල යුත්තේ රට හා ජාතිය පළමු තැන තබා මිස  ඔබට හෝ ඔබගේ කණ්ඩායමට  බලය ලබාගැනීමේ එකම අරමුණ මුල්තැන තබා මැතිවරණයක් සඳහා  පාරවල් දිගේ උද්ඝෝෂනය කිරීම නොවේ.

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපාලනයෙන් මිදී පළමුව රට හා ජාතිය ඉදිරියේ ඇති අර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණ මිරිඟුවක් පස්සේ හඹාගොස්   වාදභේධ වපුරා රටත් විනාශකොට ඔබත් දේශපාලන වශයෙන් සිය දිවි නසාගැනීම නොවේ.

අද මේ රට හා ජාතිය පත්ව ඇති අර්බුධයන්ගෙන් ගොඩගැනීමට  ඇති හොඳම විසඳුම, පවතින මැතිසබයේ සියළුම පක්ශ,  වසර 74 ක් තිස්සේ අනුගමනය කළ පටු කුහක දේශපාලන වාද භේද සියල්ල පසෙක තබා,  සියලු දෙනාම එක්වී සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් පිහිටුවා කුඩා ඇමති මන්ඩලයක් මඟින් පුලුල් ජාතික ප්‍රතිපත්තියක් අනුව, පළමුව ගිනිගෙන දැවෙන ජනතා ප්‍රස්න විසඳා ඒ ගින්න නිවී රට යථාතත්වයට පත්වූ පසු මැතිවරණයක් ගැන සිතීමයයි මම සිතමි.

මන්ද, මේ අවස්ථාවේ මැතිසභය විසුරුවා මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නොවන බැවිණි.එයින් සිදු වන්නේ රට තවත් අරාජකවී ජනතා ප්‍රශ්න තවත් උග්‍රවීම පමණි.කොටින්ම මැතිවරණකට යාම ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් ඇනීමක්  වැනි දෙයකි.

දැනට පව්තින තත්වය අනුව මැතිව රණයක් සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 1500 පමණවත් අව්ශ්‍යවනු ඇත. රටේ පවතින  ආර්ථික තත්වය අනුව  එය සොයාගැනීමද බරපතල ගැටළුවකි. අනෙක් අතින් මැතිවරණ පැවැත්වීමට වඩා පලමුව ජනතාව ජීවත් කිරීම වැදගත්ය. දෙවනුව, මැතිවරණයක් පවත්වා අවසන් කිරීමට මාස 6 ක් වත් ගතවනු ඇත. අද රටේ පවතින තත්වය අනුව ඒ අතරතුර පවතින තත්වය තවත් උග්‍රවී, රටට කුමකින් කුමක් වේදැයි කිසිවෙකුට කිව නොහැක. එබැවින් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට වඩා වැදගත් වනුයේ පක්ෂ පාට බෙධයෙන් තොරව සියළු දෙනාම එක්වී ජාතිය ඉදිරියේ ඇති ගිනිගෙන දැවෙන ප්‍රස්න පලමුව විසඳීම සහ ජනතාව ඉන් බේරාගැනීමයි.

අනෙක් අතින් කෙසේ හෝ මැතිවරණයක් පැවැත්වුවද කිසිම පක්ශයකට හෝ රජයක් පිහිටුවීමට බහුතරයක්ද ස්ථිරවෂයෙන්ම නොලැබෙනු ඇත.

මේ රටේ දේශපාලඥයින් කෙරෙහි ඇති කළකිරීම නිසා චන්දය ප්‍රකාශනොකරණ ප්‍රතිසතයද අධික වන නිසාද මැතිවරණ ප්‍රතිඵල වලින්ද නියම ජනතා මතය ප්‍රකාශ නොවණු ඇත.ප්‍රකාශවන චන්දවලින්  තේරෙන අය වුවද  යලිත් 1948 සිට මෙතෙක් සිදුවූ පරිදිම ඉර හඳ ඉල්ලන සුළුජන කොටස්වල ආධාරයෙන් ඔවුගේ ඇපකරුවන් වී හෙල්ලෙන දතක් වැනි රජයක් පිහිටුවීමෙන් යලිත් කබලෙන් ලිපටම වැටෙනු ඇත. ඒ සමඟම 2019 සින්හල බෞද්ධයින් දුටු සිහිනය යළිත් දවල් හීනයක් බවට පත්වනු ඇත.

 මෙවැනි හේතූන් නිසා මේ අවස්ථාවේ මැතිවරණයකට යාමෙන් රටේ ප්‍රස්න තවත් උග්‍රවනු මිස කිසිම ප්‍රස්නයක් ඉස්ථිර වශයෙන්ම  විසඳෙන්නේද නැත.

 ඇවසානයෙදී බෙරේ පලුවකුත් නැත එසේම නටපු නැටුමකුත් නැත වැනි තත්වයකින්  මැතිවරණයේ එකම ප්‍රතිඵලය රට තවත් හිඟමනට පත්  වීම සහ දෙශපාලනය තවත් අවුලෙන් අවුලටම පත්වණු ඒකාන්තය.

තවද අද රටේ පවතින දේශපාලන, ආර්ථික අවුල්, සාමාජික හා මානසික ගැටළු ආදී හේතූන් නිසා පැවත්වෙන මැතිවරණයකදී, චන්ද දායකයින්ට බුද්ධිමත්ව චන්දය ප්‍රකාශ කිරීමටද නොහැකිවනු ඇත. එසේ වූ විට 2019 දි අප ලබාගත් සියලුම ජයග්‍රහනයන් අවසන්වී නැවතත් 1948 සිට මේ දක්වා පැවැති අච්චාරු ආණ්ඩුවක්ම යළිත් පිහිටූවීමට සිදුවන නිසා ජාතියක් වශයෙන් අපි යළිත් කබලෙන් ලිපටම වැටෙනු ඒකානන්තය. එම නිසා මේ අවස්ථාවේ මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නොවේ යනු බහුතරයේ අදහස බව අපගේ සමීක්ෂනවලින් අනාවරණය වී ඇත.

එමනිසා පවතින තත්වය යටතේ මේ අර්බුධ වලින් ගොඩ ඒමට තිබෙණ ඉතාමත් සුදුසු ක්‍රමය පවතින පාර්ලිමේන්තුව තුලින්ම සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් පිහිටුවාගෙන පළමුව ජනතාවගේ දැවෙන ප්‍රස්න විසඳීමයි. ඉන් පසුව මැතිවරණ යකට යාම වඩාත්ම සුදුසු බව මේ රටේ බුද්ධිමත් බහුතරයේ මතයයි.

එමනිසා මේ අවස්ථාවේ රට හමුවේ පවතින අර්බුධයන්ට තිබෙන හොඳම විසඳුම සියළුම පක්ෂභේධ සහ මතිමතාන්තර පසෙක දා සියළුම දේෂපාලකයින් කළැයුත්තේ තනියෙන් රජවීමේ සිහිනවළින් මිදී රටේ හා ජනතාවගේ යහපත ගැන පමණක් සිතා පොදු ජාතික ප්‍රතිපත්තියක් මත රට වැටී ඇති අඝාධයෙන්  හොඩ ගැනීමට සියළුදෙනාම එක්ව කටයුතු කිරීම බව රටේ පොදු මහජනතාවගේ ඒකමතික අදහසය

 කෙසේ වුවද ඒ අතරම ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පිහිටුවන රජය ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැළියක් නොවීමට වගබලාගැනීමටද සියළුදෙනාම වගබලාගතයුතුය,

මේ සඳහා මේ 21 වන දා ජනාධිපතිවරයා අනුරාධපුරයේ පැවැති සන්වර්ධන සභා රැස්වීමකදී කළ විශිෂ්ඨ කතාව ගුරුකොට ගත යුතුයයි මම යෝජනාකරමි.

 එම අදහසට එකඟ නොවී චන්දයකින් ටමන්ට බලයට ආ හැකියයි පෙළපාලි පවත්වමින් රට තවත් අවුල්කරන, මේ රටේ තමන් විමුක්තිය ලබා දීමට සිටින  ජාතිය කුමක්දැයි කියා හෝ පැහැදිළිව නොදන්නා ජාතික විමුක්ති පෙරමුණ ඇතුළු සියළු  දෙනාම  මේ රටෙ දේශපාලනයට කිසිසේත්ම සුදුසු නැත යනු මගේ අදහසය. එමනිසා තවත් ප්‍රමාද නොකොට ඔවුන් සියළු දෙනාම සදාකාලික දේශපාලන වනසණ්ඩයට යැවිය යුතුය යනු බහුතරයේ ඒකමතික තීරණයවන බව  ඔවුන් දැන්වත් වටහාගත යුතුය.

එම නිසා හදිසි චන්ද ජළභීතිකාවෙන් පෙලෙන මේ පිස්සන් සියළු දෙනාම වහාම අන්ගොඩට යවා ප්‍රතිකාර ලබා දිය යුතුයයි මම යෝජනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress