මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව
Posted on November 3rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙමින් පවසයි.

2022.11.03 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිතයින් කණ්ඩායම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ප්‍රකෘතිමත් කිරීමට සිය මාධ්‍ය හරහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

 ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් කෙටි කාලයක් තුළ ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා වෙත   ප්‍රසාදය පළ කළහ.

ආර්ථික අර්බුදයෙන් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් මිදීම සඳහා ද්‍රව්‍යමය සහ මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා  මෙහිදී ඉන්දියාවට ස්තූතිය පළ කළේය. පැන නැගුණු ආර්ථික දේශපාලන අර්බුදයට රජය නිසි වී විසඳුම් ලබා දෙමින් සිටින බවත් වසර ගනනාවක් පැරණි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වත්මන් රජය සෑම විටම කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඉන්දීය සහ නේපාල මාධ්‍ය නියෝජිතයන් කියා සිටියේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට ශ්‍රී ලංකාවට   නොපැමිණෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ ප්‍රචාරයන් පිළිබඳව සළකා බැලීමේදී සම්පූර්ණයෙන්ම සාමාන්‍ය හා කරදරයකින් තොරව රටේ ඕනෑම ප්‍රදේශයකට  ගමන් කිරීමට හැකි වීම සම්බන්ධයෙන්  තමන් පුදුමයට පත් වූ බවයි.   ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු මාධ්‍යවලින් ඉවත් කිරීම සහ ශ්‍රී ලංකාව මීළඟ සංචාරක ගමනාන්තය බවට පත් කිරීමට ලෝකයා දැනුවත් කිරිම තමන්ගේ පළමු කාර්යය බවද ඔවුහු පැවසූහ.

 ෙමෙම දූත පිරිසට ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය වෙනුවෙන් කල්‍යාන් කුමාර්, සත්‍ය නාරායන්, සම්ජානා පුදාල්,  අන්බුජ් මහේෂ්වරී සහ එම සංගමයේ ශ්‍රී ලංකා නිලධාරී මණ්ඩලය වන උපුල් ජයසිංහ, පැතුම් වික්‍රමරත්න   යන මහත්ම මහත්මීන් ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress