ප්‍රාදේශීය විගණන ඒකකවලට අනුයුක්ත විගණන සංවර්ධන නිලධාරීන් විගණන ඒකකවලින් ඉවත් කිරීම සම්බන්ධවයි
Posted on November 15th, 2022

සංවර්ධන නිලධාරී සේවා සංගමය. 

අධ්‍යක්ෂ ජනරාල්,
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,
4
වන මහළ,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

අධ්‍යක්ෂ ජනරාල් තුමනි,

ප්‍රාදේශීය විගණන ඒකකවලට අනුයුක්ත විගණන සංවර්ධන නිලධාරීන් විගණන ඒකකවලින් ඉවත් කිරීම සම්බන්ධවයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි ක්‍රියාත්මක ප්‍රාදේශීය විගණන ඒකක වලට අනුයුක්ත කර සිටින විගණන සංවර්ධන නිලධාරීන් විගණන ඒකකවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බරපතල ගැටළු සහගත තීරණයක් බවත් එම තීරණයට අප සංගමයේ විරෝධතාවය ගොනු කරන බවත්, එසේ ඉවත් කිරීමට ගෙන ඇති තීරණය යළි සලකා බලන ලෙසත් පළමුව ඉල්ලා සිටිමු.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් 2022.10.18 දින සියලූම කණ්ඩායම් නායකවරුන්ට හා සියලූම ප්‍රාදේශීය විගණන ඒකක භාර විගණන නිලධාරීන් වෙත යොමු කර ඇති ලිපිය මඟින් ඉහත කරුණු තහවුරු කර ඇත.

උක්ත ලිපියට අනුව විගණන ඒකකයට අයත්වන බැංකු, මහ සංගම්, මූලස්ථාන කාර්යාල සංඛ්‍යාව අනුව විගණන ඒකකය යටතේ තබාගත යුතු විගණන සංවර්ධන නිලධාරීන් ප්‍රමාණයක් රඳවාගෙන දැනට විගණන ඒකකයට අනුයුක්ත 334 ක් වන විගණන සංවර්ධන නිලධාරීන්ගේ ඉතිරි සියලූ දෙනා යෝජිත බැංකු අධීක්ෂණ ඒකකයන් සඳහා අනුයුක්ත කරන ලෙසද වැඩි දුරටත් දන්වා ඇත. අනුව විගණන සංවර්ධන නිලධාරීන් 183ක් විගණන ඒකකයෙන් ඉවත් කිරීමට නියමිතය.
 
2020
රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීමේ වැඩ සටහන යටතේ බඳවාගත් උපාධිධාරීන් අතරින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා අභ්‍යන්තර විගණන ඒකකයට වාණිජවේදී, ගණකාධිකරණ කලමණාකරන උපාධි සහිත සංවර්ධන නිලධාරීන් පමණක් අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙස 2021.02.18 දිනැතිව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විසින් දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ වරුන් වෙත යොමුකර ඇති ලිපිය මඟින් කටයුතු කරඇත. අනුව විගණන ඒකකය සඳහා රටේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහි කරන අදාළ විෂය  සඳහා සුදුසුම උපාධිධාරීන් පත් කර ඇත. එම උපාධිධාරීන් අදාළ කාර්ය භාරය නිවැරදිව රටට හිතැතිව, දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සිය රාජකාරී ඉටු කරමින් සිටිය දී මෙලෙස හදිසියේ එම නිලධාරීන්ගේ රාජකාරී සීමා කර එම නිලධාරීන් අදාළ රාජකාරියෙන් ඉවත් කිරීම බරපතල වැරදි තීරණයක් බව අපි අවධාරණය කරමු.

1994
සිට සමෘද්ධි විෂය සම්බන්ධයෙන් රට තුළ පවතිනුයේ වඩා පැහැදිලි චිත්‍රයක් නොවන බව විශේෂයෙන් කිවයුතු නැත. 1994 සිට 2030 වනවිට රටේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ආරම්භ කළ එම වැඩ සටහන අදාළ ඉලක්ක සපුරා නැත. පවතින සහ පැවති හැම ආණ්ඩුවක්ම සමෘද්ධි ප්‍රතිලාභීන් ස්ථාවර ඡන්ද පදනම බවට පත් කරගැනීමට උත්සහ දරා ඇති ඇති අතර අදාළ පවුල් ඒකක ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කර දුප්පත්කම තුරන් කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බවත් පත්වන හැම ආණ්ඩුවක්ම සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාත්මකව වැඩි කර දුප්පත්කම ව්‍යාප්ත කර ඇත.

සමෘද්ධි වැඩ සටහන පුරාම ඇතැම් ක්‍ෂේත්‍ර නිලධාරීන් සිදු කරන පක්ෂග්‍රාහී කටයුතු, රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම, අදාළ නිර්ණායකවලින් තොර පුද්ගලයින් සඳහා ණය, ප්‍රතිලාභ පිරිනැමීම් ආදී විවිධ අක්‍රමිකතා දිගින් දිගටම සිදු වී ඇත. එවැනි අක්‍රමිකතා වේගයෙන් විගණනය කිරීම ආරම්භ කළ මොහොතේම මෙම නිලධාරී කණ්ඩායම ඉවත් කිරීම දේශපාලන වුවමනාවක් යන්න සැක සහිතය.

අදාළ විෂය සඳහා ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් විගණන ඒකකය යම් ප්‍රමාණයකට හෝ ශක්තිමත් කර 2021 වර්ෂයේ ආරම්භ කළ වැඩ සටහන් මඟින් එම සංවර්ධන නිලධාරීන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජාතික අභිලාෂය වඩා නිවැරදිව කිරීමට මූලික වැටුපට අමතරව කිසිදු දීමනාවක් පවා ලබා නොගෙන සිදු කර ඇති කාර්යභාරය අප සංගමයට වඩා දෙපාර්තමේන්තු ප්‍රධානී වශයෙන් ඔබ දන්නවා ඇතැයි සිතමු.

අද වන විට මුළු රටම වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව හඩ නගන මොහොතක, ජාත්‍යන්තර ප්‍රජාව පාවා  රට තුළ සිදුකර ඇති බරපතල වංචා දූෂණ අක්‍රමිකතා ගැන අවධානය යොමු කර තිබිය දී, විගණනය ශක්තිමත් කළ යුතු බවට රටතුළ බහුතර මතය බවට පත්ව ඇති මොහොතක ඔබ දෙපාර්තමේන්තුවේ විගණන ඒකකයට අනුයුක්ත සුදුසුකම් සහිත සංවර්ධන නිලධාරීන් සීමා කිරීම, ඉවත් කිරීම නිවැරදි තීරණයක් නොවන බව යළිත් පෙන්වා දෙන්නෙමු.

රට තුළ වසම් 14 000 කට ආසන්නව පවතින අතර දැනට අනුමත නිලධාරීන් 334 වෙනුවට නිලධාරීන් සංඛ්‍යාව වැඩිකර සමෘද්ධි විෂය විගණනයක් සහිතව වඩා නිවැරදි කිරීමකට පියවර ගැනීම වැනි ඉදිරි පියවරකට යා යුතු මොහොතක අනුයුක්ත කර ඇති නිලධාරීන් 334 දෙනාගෙන් විශාල ප්‍රමාණයක් විගණන ඒකකවලින් ඉවත් කිරීම රටට හිතැති තීරණයක් නොවන බව අවධාරණය කරමු.

බැංකු අධීක්ෂණ විෂය අත්‍යවශ්‍ය විෂයක් වන අතර සඳහා විගණන ඒකකය දුර්වල කර ඊට අයත් විගණන සංවර්ධන නිලධාරීන් පත් කර විගණනය බිඳවැටීමට සලස්වනවා වෙනුවට බැංකු අධීක්ෂණ විෂයට සුදුසුකම් සහිත වෙනත් සංවර්ධන නිලධාරීන්ගෙන් එම අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව අප සංගමය විරෝධතාවයක් නොමැති බවද දන්වා සිටිමු.

අනුව අදාළ නිලධාරීන් විගණන ඒකකවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර එම ඒකක ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම ක්‍රියාදාමය නිවැරදි නොවන්නේ නම් සඳහා ගත යුතු ඉදිරි පියවර ගන්නා බවත් දන්වා සිටිමු.

ස්තූතියි.
 
මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්
සංවර්ධන නිලධාරී සේවා සංගමය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress