දරදඬු ආර්ථික න්‍යායන් වල සිට  හැමදේම රජයෙන් කරන්නට ඕනේ කියලා දැන් හිතන්න බැහැ. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on November 22nd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වැය අඩු කරමු, අය වැඩි කරමු යන මැයෙන් සණස සංවර්ධන සමිති තුළින් ගම්මාන පන්සියයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන අරඹමින් අග්‍රාමාත්‍යවරයා පසුගියදා මේ බව සඳහන් කළේය.  
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
අපේ රටට අපේ සමාජයට දායාද වුණු උත්තුංග ගුණාංගයක් තමයි පරාර්ථකාමිත්වය. පරාර්ථකාමීත්වය තුළින් හැදුණු වැඩුණු හැම ගමක්ම අත්වැල් බැඳගෙන එකිනෙකාට උදව් වෙමින් එදා අපේ රටේ ජාතික නිෂ්පාදනයේ ප්‍රධාන අංශ සියල්ල ශක්තිමත් කළා. ඒ තමයි අපේ ඉතිහාස කතාව.  එකට එකතුවෙලා වැටුපකට නොවෙයි අපේ ශ්‍රමය නැමැති ශක්තිමත් දායාදය ජාතික නිෂ්පාදනයට එකතු කළා.  
  එම අතීත පූර්වාදර්ශයෙන් අපේ ගමේ ජනතාවගේ ඒ ඒ මිනිස් ගුණාංගයන් එකතු කරමින් ශක්තිමත් වැඩපිළිවෙළක් ආර්ථිකය තුළින් දියත් කිරීමට සණස ව්‍යාපාරයට පුළුවන්කම ලැබුණා. සණස  වඩා යථාර්ථවාදී හා සරලව එක් කර ගන්නා වූ සාමාජික සාමාජික දායාදයෙන් එකමුතුවෙන් එකට තීරණය ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉතාම සරල ණය ක්‍රමයකට පරිවර්තනය කළ ආදර්ශයක් සපයන ආයතනයක්. එම සමුපකාර පරමාර්ථයන් අපේ රටේ සෑම පළාතකම විවිධ ග්‍රාමීය නිෂ්පාදනයන්ට ආදායම් ලබන්න ග්‍රාමීය ජනතාවට හිස ඔසවන්න පුළුවන්කම ලබා දුන්නා.
 කුමන ආර්ථික න්‍යායන් දර්ශනයන් අනුගමනය කළ ද අපේ රටේ රාජ්‍ය යන්ත්‍රය භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන වාර්ෂිකව කෝටි ගාණක් වැය කරනවා. දේශීය සහ විදේශීය වැය අතිශයින් නාස්ති වන බව පිළිගන්නවා. ඒත් වැය කරනවා. ඵලදායිතාවයක් තිබෙනවාද නැද්ද කියලා සොයා බලන්න අවුරුද්දකට වඩා කාලයක් සමහරවිට ගත වෙනවා.  ක්‍රමානුකූල ලෙස මේ ධනය අපේ ජනතාවගේ ජාතික සංවර්ධනයට යොදා ගැනීමට පුළුවන් මගපෙන්වීමක් හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව සමඟ ඇති කරගෙන ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම දරදඬු ආර්ථික න්‍යායන් වල සිටගෙන  හැමදේම රජයෙන් කරන්නට ඕනේ කියලා දෙයක් නැහැ
අපි බලාපොරොත්තු වූ බැංකු ක්‍රමය වෙනස් වෙලා. අර්බුදය නිසා අපට බැංකු බේරගන්න වෙලා තියෙනවා. බැංකුවල තියෙන ණය වෙනම අරගෙන වෙනම ආයතනයකට පරිවර්තනය කරලා බැංකු මේ ණයෙන් නිදහස් කරලා යළිත් ජනතාවගේ නිෂ්පාදනය කාර්මික අවශ්‍යතාවයන් සඳහා බැංකු යොදා යොදාගැනීමට අවශ්‍ය ක්‍රියාවලියක් ගැන සාකච්ඡා වෙනවා. මෙම වැඩපිළිවෙල සණස සමගත් සාකච්ඡා කර සාර්ථක කරගත් කරගන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා.  
සණස නිර්මාතෘ පී. ඒ කිරිවන්දෙනිය මහතා  උත්සව සභාව ඇමතූ අතර සණස නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress