මෙරට විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව ධීවර කර්මාන්තය
Posted on November 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Ø මත්ස්‍ය වස්තුව විදේශ විනිමය උපයන ජාතික වස්තුවක් බවට පත්කර ගනිමු

Ø අලුත් පරපුර සමඟ නිර්මාණශීලීව ධීවර කර්මාන්තය ශක්තිමත් කරමු

Ø ධිවරයින්ට විශ්‍රාමවැටුපක් හා රක්ෂණයක්

Ø ධීවර පවුල්වල දරුවන්ට දියවර කැකුළු ළමා ගිණුමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මෙරට විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව ධීවර කර්මාන්තය යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති ලෝක ධීවර දින සැමරුමට එක්වෙමින්  අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

නව ධීවර රක්ෂණ ක්‍රමය, නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය හා දියවර කැකුළු ළමා ඉතුරුම් ක්‍රමය හදුන්වාදීම මෙහිදී සිදු වූ අතර ඉදිරියේදී රට පුරා සිටින සියලුම ධිවරයින් මෙම වැඩසටහනට එක්කරගැනිමට නියමිතයි.   

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

ධීවර ක්ෂේත්‍රය අපේ ජීවන ක්ෂේත්‍රය සමඟ බැදුණු සුවිශේෂී ක්ෂේත්‍රයක්. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත්, නැගෙනහිර සිට බටහිරටත් සෑම ධීවර ගම්මානයක් ම මෙම කර්මාන්තයට එක්වෙනවා. ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශය සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. l

පසුගිය කාලයේ ඇතිවුණු අභියෝග හරහා ආර්ථික පසුබැස්මක් සිදුවුණා. ඒ අවස්ථාවේදී අඩුපාඩුකම් රාශියක් මැද, අඩුපාඩු ඉදිරිපත් කරමින් නොසිට ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට ධීවර කර්මාන්තය විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ සඳහා මඟ පෙන්වීම කළේ ඩග්ලස් දේවානන්දා මැතිතුමායි.  

සංචාරක කර්මාන්තයට වගේම ධීවර කර්මාන්තයටත් ප්‍රචලිත බේරුවල රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්. බේරුවල සංචාරක කර්මාන්තයේ දියුණුවට ධීවර කර්මාන්තයෙන් ලැබෙන්නේ රුකුලක් හා ආකර්ෂණයක්. සමහර සංචාරකයින්ට අපේ ධීවරයන්ගේ හැකියාවන් සහ විවිධත්වය විශාල ආකර්ෂණයක් වී තිබෙනවා. ධීවර ක්ෂේත්‍රය නංවන්න ජපන් රජයේ සහයෝගය සහ ආධාරය අඛණ්ඩව අපිට හිමිවුණා. ජපන් ආධාර යටතේ මෙරට වරායන් ඉදිකර තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජපන් රජයට ස්තුතිවන්ත වෙනවා.

ධිවර කර්මාන්තයේ යෙදෙන ජනතාවට තමන්ගේ දරුමල්ලන්ගේ ජිවිත සම්බන්ධයෙන්, තමන්ගේ ජිවිතය සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය වෙනුවට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා වූ නව වැඩපිළීවෙළක් ඉදිරිපත් කර ධීවර කර්මාන්තය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම විශේෂ කාරණයක්.  රක්ෂණයත් එලෙසම ආරක්ෂා කරල දෙන්න පියවර ගෙන තිබිම තවත් විශේෂයක්. 

මුල්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ළදරුවන් සඳහා නව ඉතුරුම් යෝජනා ක්‍රමයක් ඇති කර තිබෙනවා. ළදරු වයස පහුවන විට එහි ප්‍රතිලාභ ජීවිතයට පරිවර්තනය කරගත හැකි ලෙස එය සැකසීම නව ප්‍රවේශයක්. වැඩිහිටියන්ටත් තමන්ගේ ජීවන රටාවේ මුහුණ දෙන ගැටලු, අමාරුකම්, අභියෝග හරහා ගමන් කරන්න ලබා දෙන විශේෂ අවස්ථාවක්  හැටියට මේ බැංකු ගිණුමත්, රක්ෂණයත් විශ්‍රාම වැටුපත් අලුත් පරිච්ඡේදයක් බවට පත්වෙයි. මෙය රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. එය ධීවර ජනතාවගේ දියුණුවට පරිවර්තනය කර ගන්නා බව විශ්වාසයි.

ධීවර රාජ්‍ය ඇමැති පියල්  නිශාන්ත මහතා

” සියලු දෙනා ඒකතු වෙලා ඒකාබද්ධ ප්‍රවේශයක් ඒක්ක රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගත්තොත් රට සංවර්ධිත රටක් කරන්න පුලුවන්. ඒ සදහායි අපි කටයුතු කරන්නේ.

වැවට, වෙරළට, ධීවර  ගම්මානවලට, ධීවර ජනතාවගේ සමිපයට ගිහින් ගැටළු විසදන ක්‍රමවේදයක් අපි සකස් කළා. ධීවර ජනතාව පවුල්වල අය තමන්ගේ ආර්ථක තත්ත්වය හැමදාමත් මේ විදියට තියෙයි ද කියන කාරණය ගැන සැපලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා ධීවරයින්ට රක්ෂණයක්, විශ්‍රාම වැටුපක් හා ළමයින්ට ඉතිරුම් ක්‍රමයක් අපි සකස් කරනවා. දැල් ආම්පන්න දුන්නාට ධීවරයින්ගේ ප්‍රශන අවසන් වෙන්නේ නැහැ. අමාත්‍යංශයක් ලෙස අපි ඒ අය වෙනුවෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය කර දිය යුතුයි. එහිදි ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් අවශ්‍යයි.”

මෙම අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය  අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සංජිව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ෂෙයියා නිනෝමියා (seiya Ninomiya) බේරුවල, පානදුර ප්‍රාදේශීය මහජන නියොජිතයින්, දිස්ත්‍රික් ලේකම් ජානක ප්‍රසන්න ගිනිගේ, බේරුවල  ප්‍රාදේශිය ලේකම් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress