මැද පෙරදිග මධ්‍යම ආසියානු හා දකුණු ආසියාවේ රටවල් එකොලහක රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග වෙළ`ද, ආයෝජන හා සංචාරක සහයෝගීතාවයක් 
Posted on December 4th, 2022

ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාය්‍යාලය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නවදිල්ලියේ නේවාසිකව සිටින මැද පෙරදිග මධ්‍යම ආසියානු හා දකුණු ආසියාවේ රටවල් එකොලහක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කණ්ඩායමක් පසුගිය දා ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මුණ ගැසිණ. අසර්බයිජාන්, බහරේන්, කාම්බෝජියා, කසකස්තාන්, උතුරු කොරියාව, මොන්ගෝලියාව, සිරියා, තජිකිස්තාන්, ලෙබනන්, කිරිගිස්තාන් හා ෆිජි යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වු අතර ශී්‍ර ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ සිට කටයුතු කරන රටවල් අනූහතරක් අතරින් කොටසකි. 

මෙම රටවල් අතර සබ`දතා තරකරන අතර වෙළ`ද, ආයෝජන සහ සංචාරක අංශ කෙරෙහි පුලූල් අවධානයක් යොමු කිරීම හමුවීමේ අරමුණ විය. මෙයට කලින් ද ආසියා, යුරෝපා, ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල නියෝජිතයන් සමග සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක හා දේශපාලන තත්ත්වය ගැන ද මෙහි දී පැහැදිලි කෙරිණ. අසීරු අවස්ථාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන්  ක්‍රියාකළ අන්දම ගැන ද මහ කොමසාරිස් මහතා කෘතවේදී විය. ද්වී පාර්ශවික වෙළ`ද අවස්ථා නැංවීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කළ ධීවර කටයුතු හා රටවල් අතර ජනතාව අතර සහයෝගීතාව තර කරන කි්‍රයාමාර්ග ගැන දමෙහි දී යෝජනා ඉදිරිපත් කෙරිණ. 

ලබන වසරේ පෙබරවාරි මාසයට යෙදෙන ශ්‍රී ලංකාවේ හැත්තෑ පස් වැනි නිදහස් උළෙලට විදේශ දූත පිරිස් සහභාගීවීම සම්බන්ධයෙන් ද මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කරන ලදී. අලූතින් පත්කර ඇති මහ කොමසාරිස් හා තානාපතිවරුන්ගේ අක්ත  පත්‍ර ජනාධිපති තුමන් වෙත නිල වශයෙන් භාර දීමේ කටයුතු ගැන ද මෙහි දී අවධානය යොමු කෙරිණ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress