රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයාට 2019 ජනාධිපති සහ 2020 පාර්ලිමේන්තු පොදුපෙරමුණ මැතිවරණ ප්‍රකාෂන වල සඳහන් ප්‍රතිපත්ති වලින් බැහැරව ක්‍රියාකළ හැකිද?
Posted on December 6th, 2022

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර

ප්‍රථමයෙන්ම 2022 මැයි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසින්හ වැඩබලන අගමැති වශයෙන් ප්ත්කෙරින.දෙවනුව ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවු ජනාධි පති කමට 2022 ජූලි 13 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 40 වන වගන්තිය යටතේ පාර්ලිමේතුවේ මන්ත්‍රීවරුන් විසින් ඔහු ගෝඨාභය ජනාධිපතිවරයා ඉල්ලා අස්විමෙන් ඉතිරිවූ කාලය සඳහා ජනාධිපති වෂයෙන් පත්කර ගණු ලැබිණ. මෙම අවස්ථා දෙකේදීම නව ජනාධිපතිවරයා පත්වී ඇත්තේ පොදුපෙරමුණේ මැතිවරණ ප්‍රකාශයවු සව්භාග්‍යයේ දැක්ම” යන මැතිවරණ ප්‍රකාෂනයේ අඩන්ගු පොරුන්දු ක්‍රියාත්මක කිරීම සඳහාය.ඒ නිසා ඔහු ක්‍රියාකළ යුත්තේ එම මැතිව රණ පොරොන්දු රාමුව තුලය. එම ප්‍රකාෂනයේ රාජ්‍ය ආයතන විකිනීමේ ප්‍රතිපත්ත්‍ය කිසිතැනක සඳහන්ව නැත.

 නමුත් මේ වනවිට  ඔහු ලාභ ලබන රාජ්‍ය ආයතනද ඇතුළුව රාජ්‍ය ආයතන රාශියක් පිට රැටියන්ට විකිනීමට සැළසුම් කොට ඇතැයි පැවසේ. උදාහරණ වෂයෙන් ලක්ෂපාන කොරියාවටද, නොරොච්චෝලේ චීනයටද  විකිනීමට තීරණයකොට ඇතැයි පැවසේ.මේ වූ කලී පොදුපෙරමුණේ මැතිවරන පොරොන්දුවලට ඉන්දුරාම විරුද්ධය.එබැවින් එම තීරණය ජනවරම ඔහුගේ පත්වීමට පදනමවූ මැතිවරණ ප්‍රකාෂය උල්ලන්ගනය කිරීමකි.

මේ අනුව වර්තමාන ජනාධිපතිවරයා වැඩබලන අගමැති වෂයෙන් මෙන්ම ජනාධිපති වරයා වෂයෙන්ද පත්වී ඇත්තේ පොදුපෙරමුණේ මැතිවරණ ප්‍රකාෂනය වූ සව්භාග්‍යයේ දැක්මේ අඩන්ගු පොරොන්දු අනුව නිසා එම ප්‍රතිපත්ති රාමුවෙන් බැහැරව වර්තමාන ජනාධිපතිවරයාට ක්‍රියා කළ නොහැක. මන්ද ප්‍රථමයෙන්ම රනිල් අගමැති වශයෙන් පත් කළේ එම ප්‍රතිපත්ති මත ජනතා වරමක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ විසින් බැවින්නිසා හා දෙවනුවද ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එවකට සිටි අගමැතිවරයා වූ රනිල් වික්‍රමසින්හ ජනාධිපති වරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය අනුව ඔහු ජාධිපති වෂයෙන් පත්කරගත්තේද  පොදු පෙරමුණේ එම මැතිවරණප්‍රකාශයෙන් ජනවරමක් ලබාගත් මහජන නියෝජිතයින් විසින්මනිසාය.

මේ අනුව රල්නිල් වික්‍රමසින්හ ජනපති වරයාගේ පදවියේ රැඳී සිටීමේ මූලික  නයිතික වරම නැත්නම් බලය රඳා පවත්නේ ගෝඨාභය 2019 සහ පො.පෙ. 2020 දී ලබාගත් ජනවරම මතය.

එමනිසාද එම මැතිවරණ ප්‍රකාශයේ අඩන්ගු ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට මහජන වරමක් නැත යනු මගේ අදහසයි.

එබැවින් 2019 සහ 2020 මැතිවරණ ප්‍රකාශ වල අඩන්ගු ප්‍රතිපත්ති වලින් බැහරව ඔහු ක්‍රියා කළහොත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 40 වන වගන්තිය අනුව ජාධිපති වරයා වශයෙන් පත්කරගත් පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරුන්ටම ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෝශාභියෝගයක් ගෙන ආහැක යනු මගේ විශ්වාසයයි.

එබැවින් 2019 සහ 2020 මැතිවරණ ප්‍රකාෂ රාමුව තුල පමණක් ක්‍රියාකොට තීන්දු තීරණ ගැනීමට පියවර ගැනීමට ඔහු නීතියෙන් හා සම්ප්‍රදායෙන් බැඳී ඇතැයි මම සිතමි. එසේ නොකලහොත් ඔහු 69 ලක්ශයක, විශේෂයෙන්ම මේ රටේ සැබෑ භූමිපුත්ත්‍රයින් වන සින්හල බෞද්ධ ජනමතයට එරෙහිව ක්‍රියාකල පුද්ගලයකු වශයෙන් ඉතිහාස ගතවනු ඇත.

පාර්ලිමේන්තුවේ සිටින සියළුම මහජන නියෝජිතයින්ගේ දැඩි අවධානය මෙයට යොමුවනු ඇතැයි මම විශ්වාශ කරමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress