නිවන
Posted on December 12th, 2022

තිස්ස ගුණතිලක 

අපෙන් ස්වායත්තව (indepedant) ස්වභාව ධර්මයේ ධර්මතාවලට අනුව පවතින, හැසිරෙන භාහිර ලෝකයක් පවති. ආලෝකය, සුළඟ, උශ්ණත්වය, පීඩනය භාහිර ලෝකය හසුරවන සාධකයන්ය.

එම භාහිර ලෝකය විඤ්ඤාණය සහිත ජීවින්ගෙන් මෙන්ම විඤ්ඤාණය රහිත වස්තූන්ගෙන්ද සමන්විත රූපවලින් පමනක් සැදුනකි.

විඤ්ඤාණය සහිත ජීවීන් (රූපවලින් පමනක්ම සෑදුන) භාහිරය ආත්මීය කරගෙන (දෙයක්/යමක් ලෙස ගෙන එය දකින/විඳින මමෙක් ඇතිකර ගෙන) විඤ්ඤාණ මායාවට හසුවී දුක්විඳියි. සක්කාය දිට්ඨිය යනු මෙම මායාවයි. විඤ්ඤාණය සහිත ජීවියා සිත නොහොත් අරමුණ ක්‍රියාත්මක නොවනතාක් කල් අයත්වන්නේ ස්වභාව දහමටයි.

විඤ්ඤාණය සහිත ජීවින්ගේ විඤ්ඤාණ මායාව යනු පහත සඳහන් ක්‍රියාවලියයි.

භාහිර ලෝකය කිසිදාක පෘතග්ජනයාට (දැකිය/ඇසිය/)විඳිය නොහැකි අතර විඳිය හැකිවන්නේ භාහිර ලෝකයේ ඇති රූපවලින් නිකුත්වන තරංගයන් (ප්‍රතිබිම්භ) පමණි. එම රූප ප්‍රතිබිම්භ පංචේන්ද්‍රියන් මත ප්‍රසාදවීමෙන් සිත තුල රූපාවචර ලෝකයක් සකස්කරයි. මෙම ප්‍රසාදවීම එක් එක් ජීවියාගේ පංචේන්ද්‍රියන් වල පවතින දුර්වලතා (limitations) වලට අනුරූපව සිදුවෙයි. මේ නිසා එකම භාහිර ලෝකය එක් එක් ජීවියා දකින්නේ විවිධාකාරයෙනි. එක් එක් ජීවියාගේ සිත තුල ඇතිවන රූපාවචර ලෝක විවිධාකාරය.

උපන්දා සිට මේ මොහොත දක්වා ජීවියා තම ‘දැනුම’ නැමති නාම ලෝකය වර්ධනය කරගනි. භාහිරයේ ඇති රූපවල දැනුම මෙම නාම ලෝකය තුල රැස්කරගෙන නාමාවචර ලෝකය (world of labels) සංස්කරනය (සංකාර) කරගනී.

උපන් මොහොතේ ජීවියාතුල නාමාවචර ලෝකයක් නොපවතින අතර මුහුකුරායත්ම නාමාවචර ලෝකය වර්ධනයවී ඝණ තිරයක් මෙන් භාහිර රූප ලෝකය වසාගනී. විඤ්ඤාණය සහිත ජීවියා දැන් දකින්නේ රූපය හා ගැටගැසුන නාම ලෝකයයි. එනම් උපාදානවී භවවූ දෙයක්/යමක් සහිත ආත්මීයවූ කාම ලෝකයයි (කාමාවචර ලෝකයයි).

ස්වභාව ධර්මයට අයත්වූ විඤ්ඤාණය සහිත ජීවියා විඤ්ඤාණ මායාවට හසුවී ස්වභාව ධර්මයෙන් ඈත්ව දුකට පත්වන්නේ මෙලෙසිනි.

නාමය නැමකි කඩතුරාව ඉවත්කර රූපය මතුකරගත් සැනින් (නාම රූප පරිච්ඡේදය) නැවතත් විඤ්ඤාණය සහිත ජීවියාට ස්වභාව ධර්මය සමග එකතුවිය හැකිය. එනම් ‘ස්වභාවධර්මගත’ විය හැකිය. නිවන යනු මෙසේ නැවත ‘ස්වභාවධර්මගත’ වීමයි.

ඹබට සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 දෙසැම්බර් මස 12 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress