රන් කුසලාන වොලිබෝල්
Posted on December 21st, 2022
තිසර සමල් – එප්පාවල
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සංකල්පයක් මත සියළු පුරවැසියන් යම් ක්‍රීඩාවක නිරත විය යුතු යැයි යන තේමාව යටතේ උතුරු මැද පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ පළාත් සභාවේ අන්තර් ආයතන වොලිබෝල් සැණකෙළිය දෙසැම්බර් 19-20 දෙදින පුරාවට උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි
මෙය රන් කුසලාන” ක්‍රීඩා සැණකෙළිය වශයෙන් නම් කර තිබූ අතර උතුරුමැද පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ අධිකාරිවල සේවය නිරත නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කණ්ඩායම් 51 මේ සඳහා ඉදිරිපත් වී තිබුණි .මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ සහභාගි වූහ
මෙය තරග කාණ්ඩ 05ක් යටතේ පැවතුණු අතර විශේෂ කාන්තා, විශේෂ පිරිමි, විවෘත කාන්තා ,50න් ඉහළ පිරිමි, 50 න් පහළ පිරිමි වශයෙනි. මෙය අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් පුහුණු කරු උපාලි සුමනතිලක මහතා විසින් මෙහෙයවන ලදී
මෙහිදී 50න් ඉහළ පිරිමි ශුරතාවය පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් හිමිකර ගත් අතර අනු ශූරයන් වූයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි. විශේෂ කාන්තා අංශයේ ශූරතාවය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිමිකරගත් අතර එහ අනු ශූරයන් වූයේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවයි. 50න් පහළ පිරිමි කාණ්ඩයේ ශූරතාව අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ හිමිකරගත් අතර අනුශූරයන් වූයේ පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයි. විවෘත කාන්තා අංශයේ ශූරතාවය පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හිමිකරගත් අතර එහි අනු ශූරතාවය පළාත් සමූපකාර අමාත්‍යාංශය හිමි කරනගන්නා ලදී. විශේෂ පිරිමි අංශයේ ශූරතාවය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිමිකරගත් අතර අනු ශූරයන් වූයේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවයි
අවසන් තරග උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර නිශ්චකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමෙන් පසු අවසන් මහා තරගය ආරම්භ කෙරිණි
ජයග්‍රහකයින් ට කුසලාන පිරිනැමීම උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සම්පත් ධර්මදාස, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.ආර්. නිශාන්ත, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජේ. රලියුදීන් සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ