මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ -රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක
Posted on December 22nd, 2022

තිසර සමල් – අනුරාධපුර

මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ යැයි රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ  කර සිටියේ එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

හැම ආණ්ඩුවම ඡන්ද කල් දැම්ම නේ,  මේ ආණ්ඩුව විතරක් නෙවෙයි,  මං හිටපු මහ ඇමති මං අයින් වුණේ 2019, මං තමා අන්තිමටම අයින් වුණ පළාත් සභාව ඌව පළාත් සභාව,  අද 2022 යි, අද වෙනකල් පළාත් සභාවක් තියෙනවාද? මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, මේ ආණ්ඩුව ඡන්ද කල්දානවාද?  නැද්ද? කියලා තවම කියලා නෑ, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයායි හවුල් ආණ්ඩුවක් කරගෙන ගියා, 2017 ඡන්දේ තිබ්බා, දෙන්නා දෙපැත්තෙන් ඉල්ලුවා, එක්කෙනක් බුලත් කොළයෙන් ඉල්ලුවා, එක්කෙනෙක් අලියාගෙන් ඉල්ලුවා,  පොහොට්ටුව උඩ ගියා. ඊට පස්සේ මොකද වුණේ ? ආණ්ඩුව දෙදරුවා,  ආණ්ඩුව වැටුණා.මොකද වුණේ? ඊට පස්සේ 2019 අලුත් ආණ්ඩුවක් පත් වුණා, ප්‍රාදේශීය සභාවක් තියලා රටක් හදන්න පුලුවන්ද?  ප්‍රාදේශීය සභා වලින් හැදෙන්නේ ග්‍රාමීය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ තියෙන ඒවා, ඉස්සරලා රට හදනවා නම් මගේ මතය රටේ තියෙන ප්‍රශ්න ටික, ගැටලු ටික විසඳන්න ඕන, ඡන්ද තියලා බලන්න කියන්න, අපි ඕන පක්ෂයකින් අපේ කණ්ඩායම ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ වැඩි බරක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට තමයි.ගිය සැරේ ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඉඳන්ම එතුමාගේ බර තිබුණේ, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තට, ඒ පැත්තට තමයි ඇදුනේ, ඒ ඇදිල්ල තාමත් ඇදිලා යනවා ඒ පැත්තට.අපි 09 දෙනෙක් ඉන්නවා තාම පැත්තකට බරක් නෑ, අපි කණ්ඩායමක් ඉන්නවා, ඉස්සරහට හොඳ තීන්දුවක් ගන්නවා.දැනට අපි බලන්නේ මේ උන්නු තැනින් ටිකක් උඩට එන්න, මොනවා හරි කරලා මේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරලා චුට්ටක් රට උඩට ආවොත් අපිට සතුටුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress