1815 පසු අප ඉදිරියේ ජෝන් ඩොයිලි ක්‍රියාත්මකය. එදා වගේම අපි පරාද වීමට සුදානම්ය.
Posted on December 27th, 2022

නුවන් මොණරවිළ Lanka Lead News

ජෝන්,ඩොයිලි ඉතිහාසය තුළ බලවත් වුයේ අපේ අසමගිය නිසාය. එදාද අපි ඔවුන් විශ්වාස කිරීමේ අවසන් ප්‍රතිපලය වුයේ ස්වෛරී රාජ්‍යය අපට අහිමි වීමය. අද ජෝන්,ඩොයිලිගේ භූමිකාව ඉටු කරන්නේ එරික් සෝල්හම්ය. එදා වගේම අදත් එරික් සෝල්හයිම්, පාවිච්චි කරන්නේ සිංහලයාගේ අසමගියයි. (මම මෙතැන සිංහලයා ලෙස ගන්නේ මොන පක්ෂ වලින් බැලුවත් බහුතරය සිංහල දේශපාලකයන් වැඩි නිසාය.)

රටේ අරගලයක් යනුවෙන් තානාපති කාර්යාළ කුමන්ත්‍රණයක් සිදුවිය. එහි ප්‍රතිපලයක් ලෙස රටේ ජනාධිපති රටෙන් නිළ නොළත් ලෙස දේශපාලනිකව පිටුවහල් විය. නිශ්ක්‍රීය කලේය. ඉන්පසු බටහිර ඉත්තෙක්ට සහ බැසිල් රාජපක්ෂ වැනි එක්නැළිගොඩලාගේද සහායෙන් බලය මාරු කලේය. දැන් එදා වගේම කුමන්ත්‍රණය ක්‍රියාත්මකය.රනිල් වික්‍රමසිංහ නම් ඉත්තා යටතේ එදා ජෝන් ඩොයිලිලා සම්පුර්ණ ලෙස සිංහල ද්වීපය බෙලහීන කරන්නට ක්‍රියාත්මක වු ක්‍රියාදාමය එරික් සෝල්හයිම් යටතේ නව වටයකින් ක්‍රියාත්මක කරන්නේය. රනිල් වික්‍රමසිංහගේ දේශගුණ කාලගුණ විපර්යාස පිළිබද උපදේශක ලෙස එරික් සෝල්හයිම්,පත්වී අද කරන කාර්යය ලංකාවේ ස්වෛරීත්වය විපර්යාසයකට පත් කරන්න කටයුතු යෙදෙන්නේය.

තනතුරෙන් රනිල්ගේ උපදේශකයෙකු වුවත් එදා 1815 පසු ස්වේදේශිකත්වයේ බලය අහිමි කරන්නට ජෝන්,ඩොයිලිලා ක්‍රියාත්මක වු ආකාරයට අද එරික් සෝල්හයිම්ලා බලය බෙදීමට දරුණුවට මැදිහත් ⁣වෙමින් බලපෑම් කරමින් සිටින්නේය.රටේ ආර්ථික අර්බුදයට රට වෙනුවෙන් එක මේසයට එකතු කරන්න බැරිවුන රනිල්ලා සජිත්ලා සම්බන්ධන්ලා හකීම්ලා රාජපක්ෂලා ගුණවර්ධනලා එරික් ⁣සෝල්හයිම් බලය බෙදීම සහ රනිල් උවමනාවෙන් මුමුණන ඒකීය වෙනුවට එක්සත් ලංකාව වෙනුවෙන් එක මේසයට ගන්නේය. දෙමළ සංධානයේ නායක ආර් සම්බන්ධන් බලය බෙදීම ගැන එහි සැකැස්ම පිළිබද කරුණු, කියන්නේ රනිල්ගේ ⁣දේශගුණ කාලගුණ විපර්යාස පිළිබද උපදේශක එරික්සෝල්හයිම්ටය.

එයා අතින් වියදම් කරගෙන ඒවා සම්බන්ධීකරණයට ලංකාවට එන්නේය යන්නේය. හදිසියේ ජනාධිපති රනිල් දෙමළ සංධාන මන්ත්‍රීවරු සාකජ්චාවකට කැදවන කොට ඉක්මනින් නැව් නැග එරික් සොල්හයිම් ලංකාවට එන්නේය. රටෙන් එළියේදී දෙමළ ඩයස් පෝරාව මුණ ගැහෙන්නේ එරික්ය. එහි තීන්දු කොළඔට ගේන්නේ රනිල්ගේ කාලගුණ විපර්යාස පිළිබද උපදේශකය. සුමන්දිරන් කියන උතුරු නැගෙනහිර එකට ඈදපු එක කලාපයක්, කියන එකට නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රී අහමඩ් නසීර්ලා විරැද්ධ ⁣වෙනකොට ඒ ගැන අහමඩ් නසීර්ලා එක්ක සාකජ්චා කරන්න කඩිනමින් එන්නේ රනිල්ගේ කාලගුණ දේශගුණ විපර්යාස පිළිබද උපදේශක එරික් සොලහයිම්ය.

බලය බෙදීමේදී දෙමළ කථා කරන යන වචනයට කදුරට වතු දෙමළ සහ කොළඔ දෙමළ කථා කරන මනෝ ගනේෂන්ලා වගේම සමස්ථ නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව එක්ක කථා කරන්නේ එරික් සොලහයිම්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වු පසුව එයාගේ කාලගුණ දේශගුණ විපර්යාස පිළිබද උපදේශක වැඩිම කාලයක් සංචාරය කර ඇත්තේ උතුරු නැගෙනහි සහ නුවරඑළියටය. මුණ ගැසී ඇති පද්ගලයන්ගෙන් බහුතරයක් සමග සාකජ්චා කර ඇත්තේ උතුරු නැගෙනහිර ගැටළුවටය.

එදා වගේම අනතුර දැක දැක අපේ ජාතිකවාදී පිළට හුදෙකලා වීමට සිද්ධකර ඇත. ලංකාවේ අනාගතය බලය බෙදීම හරහා ඉතා දුර්වල එක කලාපයක් සහ ජාත්‍යන්තර සහාය ලබන පෝෂණය කරන ආරක්ෂා කරන එක කළාපයක් නිර්මාණය වන්නේ අපේ බෙදීම වෙන්වීම අසමගිය තුළය. මුදල් /ආරක්ෂක/ ව්දේශ / පරිපාලන යන සියල්ල ⁣විමධ්‍යගත කරන ලද පුර්ණ බළය බෙදීමක් එරික් සොල්හයිම්ලාගේ කාලගුණ දේශගුණ විපර්යාස පිළිබදව තනි ඇහැට ඇඩෙන තනතුරු හරහා ක්‍රියාත්මක වන්නේ කොතනටදැයි වටහා ගත යුතුය.
එදාද, අදද ජෝන් ඩොයිලිලා එරික් සෝල්හයිම්ලා ඉතිහාසය තුළ ශූර රාජ්‍ය ත්‍රාන්තිකයන් ලෙස ලියවුනේද ලියවෙන්නේද උන්ගේ හැකියාවට වඩා. අපේ ජානමය උරුමයට කරේ, තියන්එන අසමගිය සහ කා කොටා වැටීම නිසා බව ලියා තැබිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress